(ෂෙල්ටන් හෙට්ටිආරච්චි සහ ශාන්ත චන්ද්‍රසිරි)
සිරගතව සිටින බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සෙත්පතා සංවිධානය කරනු ලැබු පා ගමනක් අද (17) දහවල් නුවරඑළිය නගරයේදි පැවැත්විණි.
නුවරඑළිය අවට විහාරස්ථානවල නායක භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ අනෙකුත් භික්ෂුන් වහන්සේලා, නුවරඑළිය නගර වැසියන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් නුවරඑළිය නගරයට පා ගමනින් පැමිණ නුවරඑළිය නගරය මැද්දේ පිහිටි විහාරස්ථානයේ දී උන්වහන්සේට සෙත්පතා පිරිත් සඡ්ඤයනාවක් ද පැවැත්විය.
රජය මඟින් සිදු කරගෙන යනු ලබන භික්ෂුන් වහන්සේලා දඩයම් කිරීම් වහාම නවතා දමන ලෙසත් බුද්ධ නීතියෙන් බැඳුනු බුදු පුතෙකුට සුද්ධාගේ නීතියෙන් පහර දෙන්නට ඉඩ නොතබන ලෙසත් පා ගමනේ යෙදුණු භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස් මෙහිදී පැවසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක්. රට රකින්නට ඉදිරිපත්වන ස්වාමින්වහන්සේලා ආරක්ෂා කල යුතුයි...
නියම බුද්ධ පුත්‍රයා විනය පිටකයට අනුව ජීවත් වෙනවා.
මෙගා නාටකයේ තවත් කොටසක්,... ජනාධිපති සමාව ලබා දීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමයි මේ සිදුවන්නේ... එසේ සමාව දීම මගින් ජනපතිතුමාට පිරිහෙන ජනප්‍රියතාවය රැකගන්න පුළුවන්...
වියදම මැදමුලනෙන් වෙන්නැති.
මෙහෙමත් මිනිසුන් ඉන්නවාද රටේ...? මොවුන් රටේ නීතියට ගරුකිරීමක් නැද්ද?
බයවෙන්න එපා. සිවුරු ඇරලා යුද්ධයට ගිය හාමුරුවරුත් වැඩ විසුවා. යුද්ධයෙන් පස්සේ නැවත සසුන් ගතවුණා. අධිකරණයට ගල්ගහපු, විල්පත්තු වනසපු, මහබැංකු සුද්ද කරපු, පගා ගත්තු අයට දෙන දඬුවම මොකක්ද? ඇමති පට්ටමක්ද?
රටේ නීතිය වන්නේ විනය පිටකය නොවේ. විනය පිටකය ඇත්තේ භික්ෂූන් පාලනයටය. විනය පිටකය අනුව මොහු හැසිරුණා නම් ඔහුට අද සිරබත් කන්න සිදුවන්නේද නැත.
බන්ධනානාගරයටත් අබ සරණයි!! මෝඩයින්ගේ පුස් වීරයෝ තමයි අද ලංකාවේ රජ කරන්නේ.
කවුරුත් රටක නිතියට අනුව ජීවත්වුණානම් කාටවත් දඩයම් කරන්න බැහැ.
හිරබත් කනවා කියන්නේ දේශපාලන සුදුසුකමක් නොවැ ආයිබොවන්.
සමහර අදහස්ග වලින් පෙනීයන්නේ ගරුතර වාරියපොල ශ්‍රි සුමංගල සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිවරුන් වැඩ සිටි සමයේ මෙන්ම ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සමයේද දීන අදහස් දරන කොදුනාරටියක් නැති සිංහල බෞද්ධයන් සිටින බවයි.
වරදක් කලොත් දඩුවමක් තියෙනවා ඒක හැමෝටම පොදු දෙයක් නමුත් මේ වගේ සෙත් පැතීම් වලින් කරන්නේ අධිකරණය දුන්නු තීන්දුව හැල්ලුවට ලක්කිරීමක් ඒක හොද ආදර්ශයක් නොවේ.
සාමාන්‍ය බුද්ධිය වැඩේවා !
ප්‍රශ්නේ තියෙන්නේ රටේ නීතිය මහබැංකුව ගිලපු අයට ක්‍රියාත්මක වෙන්නැති එකයි.
බුද්ධාගම කියන්නේ එකක්... මහබැංකුව තව එකක්... මේ විරෝධතා වලින් කරන්නේ අධිකරණයට අපහාස කිරීමක්. බළල් අතකුත් ක්‍රියාත්මක වෙනවා. ඔය සේනා වලින් කරන්නේ රට අරාජිත කිරීමක්...
නියම බුද්ධ පුත්‍රයින් වෙනුවෙන් නම් මැරෙන්න හරි සුදානම්.. සිවුරටත් නිගා දෙන අයට එහෙම කරන්න බෑ....
වීරෝදාර ගලබොඩඅත්තේ නායක ස්වාමීන්වහන්සේට ගවපාලන ආණ්ඩුවෙන් හිරිහැරයක් නොවේවා! මමයි මගේ පවුලේ සියළුදෙනායි ගිය ජනාධිපතිවරණයේදි ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුවට. ඒ ගැන දැන් කණගාටු වෙනවා.