(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
බ්‍රිතාන්‍ය සමයේ ඉදිකළ බවට සැලකෙන මාතලේ නගරය ආසන්නයේ පිහිටි දියබුබුල ආරුක්කු පාලම පුරා විද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කරමින් පවතින බව මාතලේ කොට්ඨාශයේ පුරාවිද්‍යා ආරක්ෂණ ඒකකය පවසයි.
මෙම ආරක්කු පාලම මේ වනවිට ගරාවැටෙමින් පවතින අතර එය බලහත්කාරයෙන් යම් කිසි පිරිසක් විසින් අල්ලාගෙන ඇති බවත්, ඒ පිරිස් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු දැනටමත් සකස් කරමින් පවතින බවත්, පුරාවිද්‍යා වටිනාකමක් ඇත්ද යන්න පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව සමග එක්ව පරීක්ෂා කරන බවත් එම ඒකකයේ ස්ථානාධිපති පො.ප වසන්ත රාජා මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම්කිසි පිරිසක් කීවේ අරගොල්ලොද?
මාතලේ දියබුබුල ආරුක්කු පාලම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතිබව පෙනේ. එය සුරක්ෂිත කිරීම හොඳ අදහසකි.
බ්‍රිතාන්‍ය යුගයේ හැදුව දේවල් පුර විද්‍යාත්මක වටිනාකමක් ඇති බව සිතන්නෝ මන්ද බුද්ධිකයෝය 1815 පසුව එවැනි ඉදිකිරීම් ඔවුන් සිදුකලේ අපේ රටේ සාරය උරා බොන්නටය .පාලම් බෝක්කු පාරවල් සැදුවේ අපිට ආදරේටද ,ඔවුුන් අපේ තිබුන ඉඩම් අත්පත් කරගෙන කෝපී වවා පසුව තේ ,රබර් ආදී වැවිලිත් බෝගල ,දොඩම්ගස්ලන්ද වැනි මිනිරන් පතල් වල මිනිරනුත් බී .සි සි වැනි ආයතන මගින් පොල් නිස්පාදනත් අපනයනය කරමින් මුදල් උපයනටය එබැවින් එකල සෑදු යටිතල පහසුකම් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති නටබුන් ලෙස සලකන්නේ කෙසේද