බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 200 කට ආසන්න තොගයක් වැලිසරදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම තොගය ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි දී මෙම වැටලීම් කළ බවත් ඉන්දීය ජාතිකයෙකු ඇතුලු පුද්ගලයින් දෙදෙනකු ලොරිය සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මන්නාරම සිට කොළඹට මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මාළු පෙට්ටි අතර කේරල ගංජා සඟවා ප්‍රවාහනය කරන බවට පොලිසියට ලැබුණු තොරතුරුක් අනුව මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගතවූ මාස හය තුළ අත්අඩංගුවට ගත් කේරල ගංජා, මත්කුඩු, වෙනත් මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රස්තාරයක් ඉදිරිපත් කළොත් හොඳයි.
අපි දන්න කියන කවුරුත් මේවා පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මෙච්චර ගංජා තොග පාවිච්චි කරන්නේ කවුද කියන එකත් ප්‍රශ්නයක්...
ලොරි ගණන් කේරල ගංජා මුහුදේ නිකම් පාවෙලා එනවද? කෝ මේවා ගෙන්වන අය කවදාවත් අහුවෙලා තියෙනවද? එහෙම අහු නොවෙන්නේ ඇයි? මැති ඇමැතින්, මහා පරිමාණ ව්‍යාපාරිකයින් යයි කියා ගන්නා අය, පාතාලයින් සහ පොලිසිය එක්ව මේ බිස්නස් එක කරන නිසා නේද?
හොඳම වැඩේ තමයි නීතිගත කිරීම. එතකොට හොරෙන් කරන්න ඕනෑ නාට්‍ය තමයි.