චතුර එස් කොඩිකාර
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතා පාගමන හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
බඳවා ගැනීමේ වැටුප් තල අහිමි කිරිම, බඳවාගැනීමේ පටිපාටි ගැටළුව වහා විසඳීම , සියලු සේවකයින් වෙත බලපාන ගැටළු වලට විසඳීම උප තැපැල් ස්ථානාධිපතිවරු ස්ථිර කරන ලෙසත් 1484 ක් පමණ වසර 3ක් තුළ ස්ථිර කළ යුතු පරිවාස පත්වීම් වසර 5ක් ගත වුවත් ස්ථිර නොකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයෝ විරෝධතාවයේ යෙදෙති.
ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ විරෝධතා පාගමන ලෝටස් පාර අසළදී නවතා දමා තිබේ.
තැපැල් සේවක නියෝජිතයෝ කිහිප දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡා පවත්වමින් සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇති වෙලා වගේ .මේකාලේ ඕන තරම් විකල්ප තියනවා තැපෑල සදහා. තැපෑල සේවකයෝ මීට වැඩිය හිතන්න ඕනේ