බොල්ගොඩ රක්ෂිතයේ ගින්නක් බණ්ඩාරගම අලුත්ගම බොල්ගොඩ රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ නගර සභාවේ ගිණි නිවන බටයන් කැඳවා ඇතැයි පොලිසිය කියයි. ගින්න මේ වන විට අක්කර ගණනාවක් පුරා පැතිර ගොස් තිබෙන අතර ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. 18 January 2018
උදයංගට මිලියන 94 ක වත්කම් යුක්රේන මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 8ක් පරික්ෂා කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව ඔහුට රුපියල් මිලියන 94ක වත්කම් ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය. 18 January 2018
වැදගත්ම කොටස පාර්ලිමේන්තුවෙන් හංගලා - කැෆේ බැදුම්කර වාර්තාවට අදාළ වෙළුම් දෙකකින් යුතු ‘සලකුණු කළ ලේඛන‘ හා ‘සාක්ෂි සටහන්‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා කැෆේ සංවිධානය කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. 18 January 2018
ලිංගික අල්ලස් ඉල්ලු සැකකරු අත්අඩංගුවට කොළඹ ප්‍රදේශයේ නීති සිසුවියක් පරිගනකය සෑදීමට දුරකතන හා පරිගනක සාදන සන්නිවේදන වෙළඳ මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ ඇයගේ පරිගනකය තුළ තිබු ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරිනවා යැයි කියමින් ලිංගික අල්ලස් ඉල්ලු බව කියන එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 18 January 2018
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉල්ලා අස්වෙයි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි. 18 January 2018
ලංවිම සේවක විරෝධතා පාගමන අගමැති කාර්යාලය අසලට ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයට අයත් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ අද(18) විදුලි බල මණ්ඩල මූලස්ථානයේ සිට මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය අසලට විරෝධතා පාගමනින් පැමිණියහ. 18 January 2018
හිටපු නිතිපතිට සොලිසිටර් ජනරාල්ට ලෙකෝ ලේකම්ට නඩු හිටපු නිතිපති හා අගවිනිසුරු වන මොහාන් පිරිස් හා හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් සහ හිටපු ලංකා විදුලිබල පෞද්ගලික සමාගම (ලෙකෝ) හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස්ට යන අයට අල්ලස් කොමිසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරිණි. 18 January 2018
වර්ජනය විදුලිය සැපයීමට බාධාවක් නෑ විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලවල අවශ්‍යකරන බහුතර සේවක පිරිසක් රාජකාරියේ නිරත වීම නිසා විදුලිබලය අඛණ්ඩව සැපයීමේ බාධාවක් උද්ගතවී නැතැයි තහවුරු කළ හැකි යැයි විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය. 18 January 2018
මාලක සිල්වා අල්ලන්න වරෙන්තු හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය. 18 January 2018
දිය නාන්න ගිය තරුණයෝ දෙදෙනෙක් නොඑන ගමන් යති රත්මලාන අගුලාන සයුරුපුර මුහුදු වෙරලේ විනෝදයට දිය නාමින් සිටිය දී අතුරුදන් වු සිසුවාගේ හා තරුණයාගේ මළ සිරුරු අද (18) රත්මලාන දුම්රිය ස්ථානය අසල මුහුදු වෙරළේ දී සොයාගත් බව පොලිසිය පවසයි. 18 January 2018
රංජිත් සොයිසාට රක්වාන අහිමිවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රක්වාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 18 January 2018
විරෝධතාකරුවෝ ගාලු මාතර මාර්ගය අවහිර කරති හබරාදූව තල්පෙ නිග්‍රෝධාරාම විහාරස්ථානය සතු ඉඩමක වෙනත් පුද්ගලයෙක් නිවසක් ඉදිකිරිමට විරෝධය පල කරමින් ප්‍රදේශවාසීහු අද (18) තල්පේ දී ගාල්ල මාතර මහා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ. 18 January 2018
අගමැති අද ජාතිය අමතයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 18 January 2018
පහර කෑ විදුලි සේවකයන් 5 ක් ජාතික රෝහලට විදුලිබල මණ්ඩලයේ සේවකයන් 5 දෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව විදුලිබල සේවක සංගමයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය. 18 January 2018
රාජගිරිය නාවල ප්‍රදේශයේ ඉන්ධන හලකට සීල් තියයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නාමය යටතේ ඉන්ධන බෙදා හරිනු ලබන රාජගිරිය නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සියලුම පොම්ප වලට සීල් තැබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය. 18 January 2018
විදුලි සේවකයෝ හෙට සිට වැඩ වරති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් විරෝධය පළ කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර හෙට(18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය. 17 January 2018
බෙල්ල දෙන්න ආපු මෛත්‍රී මහත්තයාට ගහන එක කෙළෙහිගුණ නැතිකමක් - රන්ජන් ‘මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.‘ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී පැවැසීය. 17 January 2018
පොලිසියෙන් පැන විදුලි බල සභාපති මුදාගනී වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් පිරිසක් එහි සභාපති ඩබ්. බී ගනේගල මහතා අද (17) පස්වරුවේ සිට පැය අටකට අධික කාලයක් ඔහුගේ නිල කාමරයේ හිර කර තබාගනිමින් විරෝධතාවක නිරත වූහ. 17 January 2018
ජනපති ඔපරේෂන් II අරඹයි ‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(17) ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය. 17 January 2018
උතුරු මහ ඇමති ආයෙත් පරළ වෙයි යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් දිය යුතු බව උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 17 January 2018
පාර්ලිමේන්තු මන්ත්‍රී තැපැල් පහසුකම් ඉහළට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් පහසුකම සියයට සියයකින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 17 January 2018
මව මැරීයැයි පුතා සැකපිට මවගේ උගුරට ජංගම දුරකථනයක් ඔබා හුස්ම හිරකර ඝාතනය කළැයි සැකපිට ඇගේ පුතා අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඌවපරණගම මොරගොල්ල උමානදී ගම්මානයේ 61 හැවිරිදි කාන්තාවකි . 17 January 2018
විදුහල්පති යතුර අරන් ගෙදර ගිහින්: ගුරුවරු, දරුවන් මිදුලේ තමාට ස්ථාන මාරුවක් ලබානොදීමට විරෝධය පා මහනුවර අධ්‍යාපන කලාපයට අයත් නාරන්හින්න දෙමළ විද්‍යාලයේ විදුහල්පති විසින් විද්‍යාලයේ යතුරු රැගෙන දුර බැහැර ඇති තම ගමට ගොස් නිවසට වී සිටි නිසා අද(17) පාසලේ ගුරුවරුන් සහ දරුවන් ට පාසල් ඇරෙන වේලාව තෙක් එළියේ සිටිමට සිදුවී ඇත. 17 January 2018
හොරණ ටයර් කර්මාන්ත ශාලාව අගමැතිගේ නිරීක්ෂණයට හොරණ වගවත්ත ආයෝජන කලාපයේ රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ නීරීක්ෂණ චාරිකාවක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) එක්විය. 17 January 2018
ශ්‍රී ලන්කන් සමාගමට නව අධ්යක්ෂ මණ්ඩලයක් ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපය ඇතුළත දී පත්වනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(17) පැවැසීය. 17 January 2018
බැඳුම්කර වාර්තාව අධ්‍යයනයට එජාපයෙන් කමිටුවක් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වූ බව එම පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (17) පැවැසීය. 17 January 2018
බදුල්ලේ සමස්ථ භූමියෙන් 80% ක් නාය යෑමේ අවදානමක බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 80% කට වැඩි ප්‍රමාණයක් නාය යෑමේ අවදානමක් පවතින බව එකට දස දහස පරිමාණයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධනය සකස් කර ලද නවතම සිතියම් වලින් අනාවරණය වී තිබේ. 17 January 2018
මත්පැන් චක්‍රලේඛය හකුලා ගත්තැයි සමනලී ඇතුළු 11ක් උසාවි යති කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් 11දෙනෙකු විසින් මුදල් අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 17 January 2018
තහනම් පොලිතින් නිපදවූ 10ක් කොටුවෙයි තහනම් පොලිතින් නිපදවූ නිශ්පාදකයින් 10ක් නීතියේ රැහැනට හසු කරගත් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 17 January 2018
එදා ඉඳන්ම අණ්ඩුවේ ප්‍රශ්න තිබුණා - පාලිත රංගේ බණ්ඩාර ජාතික ආණ්ඩුවේ පක්ෂ දෙක අතර මත ගැටුම් සහ බැණ ගැනීම් සෑහෙන කාලයක සිට තිබූ බවත් ඒ ගැන පුදුම විය යුතු නැති බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද(17) පැවසීය. යහපාලන ජාතික රජය එක පවුලක් බැවින් කිසිදු බරපතල ප්‍රශ්නයක් මෙතෙක් පැන නැගී නොමැති බවත් 2020 දක්වා රජය යන ගමනට මෙම ගැටලු මගින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඔහු කියා සිටියේය. 17 January 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026