කොකේන් ටොන් එකක් ජනපති - අගමැති ඉදිරියේ විනාශ කෙරේ
ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් ඉදිරියේ අද(15) විනාශ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් කටයුතු කරනු ලැබීය.