ජාතික ජනතා පක්ෂයේ පෙත්සම ඉවතට කොළඹ මහ නගර සභාවට තම පක්ෂය විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජාතික ජනතා පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 17 January 2018
මන්ත්‍රීන්ගේ ආචාරධර්ම පද්ධතිය 23 දා සභා ගැබට සංශෝධිත ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සැකසුණු ආචාර ධර්ම පද්ධතිය ලබන 23 වැනිදා සභාගත කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 17 January 2018
බරපතළ වංචා විමර්ශන වාර්තාවත් පාර්ලිමේන්තුවට බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට බාර දෙන ලදි. 17 January 2018
විදුලි බල මණ්ඩල සභාපති කාර්යාලයේ සිරකරගෙන විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා එහි සේවකයින් පිරිසක් ඔහුගේ කාර්යාලය තුළ නිවාස අඩස්සියේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ. 17 January 2018
බැඳුම්කරය ගැන තීරණය 22 දා බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව පිළිබඳව ගන්නා ඉදිරි පියවර ලබන 22 වැනිදා රැස්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කරන බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. 17 January 2018
විරෝධතාවෙන් පුරහල අසළ වාහන තදබදයක් පේරාදෙණිය මහනුවර යන රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලා සම සෞඛ්‍යය මහා ශිෂ්‍ය සංගමය අද (17) විරෝධතා පාගමනක නිරත වෙති. 17 January 2018
ක්‍රිඩකයන්ට අපහාස වන සමයක ඇමැතිවරයකු වීමත් අවමානයක් - අර්ජුන රටේ ක්‍රිඩාවට හා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට වැඩිම අපහාස සහ අවමාන සිදුවී ඇත්තේ වත්මන් රජය සමයේදී බවත් එම රජයේ මන් ඇමැතිවරයකු ලෙස කටයුකු කිරිමට සිදුවීම තමන් අත්විඳින ලොකුම අවමානය බවත් ඛනිජ තෙල් සම්පත් ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය. 17 January 2018
මට්ටු නොවන ජල්ලි කට්ටු ගවයාට මහත් සේ හිංසාකාරී වූ පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට ලක් වූ ජල්ලිකට්ටු ක්‍රීඩාව තයිපොන්ගල් සමය හේතුවෙන් මේ දිනවල උතුරේ ස්ථාන කිහිපයකදී දැකගන්නට ඇති අතර එම ක්‍රීඩාවට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී ඇත. 17 January 2018
බැඳුම්කර වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තුවට බැඳුම්කර ගනුදෙනුවට අදාල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 (ඉංග්‍රීසි) ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද අද පෙ.ව.11.18ට ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙන ලදී. 17 January 2018
වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා මේ මස 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා අද(17) නියෝග කළේය. 17 January 2018
මාතර ප්‍රා.ලේකම්වරු වැඩ වර්ජනයක රාජකාරි කටයුත්තක් සදහා අකුරැස්ස හේනේගම ප්‍රදේශයට ගිය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් චන්දන තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු මාණ්ඩලික නිලධාරීහූ සේවයට වාර්තා නොකර අද (17) වැඩවර්ජනයක නිරත වූහ. 17 January 2018
ගුරුවරියකගේ රිය හැපී විශාඛාවේ තාප්පය කැඩෙයි ගුරුවරියක විසින් සිය රිය ධාවනය කිරීමේදී අනපේක්ෂිත අයුරින් රියෙහි වේගය වැඩිවීමෙන් කොළඹ විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල තාප්පයේ කොටසක් කඩා ගෙන ගොස් මාර්ගය අසළ නවතා තිබූ මෝටර් රථයකටද අලාබ හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි. 17 January 2018
සාමනේර හිමියන්ට අතවර කළ සැකකරුට ඇප නෑ දුෂ්කර ප්‍රදේශයක පිහිටි තම නිවසට යාමට බස් රථයක් එනතුරු රාත්‍රි කාලයේ අනුරාධපුර නව බස්නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතල ලිංගික අපයෝනයක් සිදු කළ බව කියන සැකකරු ඇප මත මුදා හැරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද(17) යළි ප්‍රතික්ෂේප කළේය. 17 January 2018
ලක්ෂ 12ක හොර දුම්වැටි අල්ලයි කොළඹ ඔරුගොඩවත්ත මගී භාණ්ඩ පරීක්ෂා කරන ගුදම තුළ තිබූ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් රේගු අදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 17 January 2018
ගායක රජීව් සෙබස්තියන් අල්ලන්න නියෝග සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට ජනප්‍රිය ගායක රජිව් සෙබස්තියන්ට එරෙහිව වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා ගායක රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පෙරේදා (15) නියෝග කළේය. 17 January 2018
වියළි සහන යළිත් එයි නියඟය වෙනුවෙන් ආණ්ඩු විසින් ජනතාවට ලබාදුන් වියළි සහන යළි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මාස 04ක කාලයක් වියළි සහන ලබාදීමේ වැඩසටහන රජය ක්‍රියාත්මක කළ අතර, පසුව එය නවතා තිබිණි. 17 January 2018
මිලියන 50ක රන් බිස්කට් සමග දෙන්නෙක් කොටුවෙති කන්කසන්තුරේ දී රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමකින් යුත් රත්රන් බිස්කට් 70ක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 17 January 2018
යාපනයේ හිටපු ප්ලොට් සාමාජිකයා යළි රිමාන්ඩ් ආයුධ තොගයක් සමඟ යාපනය රෝහල ඉදිරිපිට නිවසක බලහත්කාරයෙන් රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයා නැවත ජනවාරි 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීශ්කරන් මහතා නියෝග කළේය. 17 January 2018
මායොන් ගිනි කන්ද යළි සක්‍රීය වෙයි පිලිපීනයේ මායොන් ගිනි කන්ද සක්‍රීය වි ලාවා පිටවීමට පටන්ගැනීම හේතුවෙන් ප්‍රධාන දූපත වන ලූසොන්හි 3000ක පමණ පිරිසක් ඉවත්කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 17 January 2018
කැබිනට් රැස්වීමේදී ඩයිනෝසරලා හැප්පෙති මත්පැන් අලෙවිසැල්වල කාන්තාවන් සේවය කිරීම සහ කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමේ නීති රීති ළිහිල් කිරීම සම්බන්ධයෙන් අද (16) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රබල ඇමතිවරුන් තිදෙනකු මත ගැටුමකට මැදිවී තිබේ. 16 January 2018
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ හෙට කෑම පැයේ විරෝධතාවයක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෘත්තීය සමිති අතර කරන ලද සාකච්චා වලදී එකගවී මෙතෙක් ලබා නොදුන් වැටුප් විෂමතාවයක් ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා පිහිටි විශ්ව විද්‍යාල වල අනධ්‍යන කාර්ය මණ්ඩලය හෙට විරෝධතාවයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 16 January 2018
ගුවන් හමුදා සෙබලාගේ නිවසේ දේශීය නිශ්පාදිත අත්බොම්බයක් ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගන්නා ලද දේශීය වශයෙන් නිශ්පාදිත අත්බොම්බයක් අද (16) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ සහය ඇතිව නිශ්ක්‍රීය කළ බව ගල්කිරියාගම පොලිසිය කියයි. 16 January 2018
ඉහළ උසාවියට ගිය හේතුව ජනපති කියයි ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක්ද 6ක්ද යන්න සම්බණ්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) පැවති කැබිනට් රැස්වීමෙදී පැහැදිලි කර ඇත. 16 January 2018
පද්මාවත් ලබන සතියේ සිට තිරගතවේ ඓතිහාසික කතාවක් පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද පද්මාවතී චිත්‍රපටය ‘පද්මාවත්’ යන නම යටතේ ලබන සතියේ තිරගරත වන බව එහි නිෂ්පාදකයෝ පවසති. 16 January 2018
ප්‍රනාන්දුපුල්ලේ ඝාතන නඩුව මාර්තුවට කල්යයි වැලිවේරිය ක්‍රිඩාංගණය අසලයදී 2008 වර්ෂයේ අප්‍රේල් 4 වැනි දා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදා ගෙන හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනයට අදාල නඩුව අද (16) ගම්පහ පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය හමුවේ කැඳවිණි. 16 January 2018
වරදරාජා පෙරුමාල්ගෙන් සම්පන්දන්ට දෝස්මුරයක් විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා ප්රමුඛ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවේ වලිගයේ එල්ලී සිටීමෙන් දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒමට නොහැකි වී තිබෙන බව උතුරු නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය අන්නාමලෙයි වරදරාජා පෙරුමාල් මහතා පැවසීය. 16 January 2018
විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් පොලිසියේ භාවනා චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ බව කියන පොලිස් මූලස්ථානයේ විදුලිසෝපාන ක්‍රියාකරු තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. 16 January 2018
අගමැති මධ්‍යම අධිවේගයේ නිරික්ෂණ චාරිකාවක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ අද (16) ඉදිකිරීම් නිරීක්ෂණයක නිරතවිය. 16 January 2018
කැබිනට් රැස්වීමේදී එජාප මන්ත්‍රීන්ට ජනපතිගෙන් දෝස්මුරයක් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තාවේ. 16 January 2018
එකම පන්සලේ හිමිවරු දෙනමක් පක්ෂ දෙකකින් ඡන්දෙට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී පාත හේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා බෝලෑප විහාරයේ හිමිවරු දෙදෙනෙක් පක්ෂ දෙකකින් තරඟ කිරීමට නාමයෝජනා බාර දී සිටිති. 16 January 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026