(ඩයනා උදයංගනී)
මාස දෙකකට වරක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ ඉන්ධන මිල සූත්‍රය මසකට වරක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව සෑම මසකම 10 වැනිදා දිනයේ දී ලෝක වෙළඳපල මිල ගණන් අනුව ඉන්ධන මිල සංශෝධනය වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර සිදුවූ සංශෝධනයේ දී ලෝක වෙළඳපල මිල ගණන් අනුව මිල වැඩි කළේ නම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 14 කින් පමණ ඉහළ නැංවීමට සිදුවන බව කී අමාත්‍යවරයා රුපියල් 8කින් මිල වැඩිකළේ ඉතිරි පාඩුව රජය දරා ගනිමින් බව ද කීවේය.
මේ අයුරින් ඉදිරියේදීත් සම්පූර්ණ බර ජනතාව මත නොපටවා කටයුතු කරන බව කී අමාත්‍යවරයා මිල අඩුවන අවස්ථාවල ජනතාවට සම්පූර්ණ සහනය ලබාදෙන බව ද ප්‍රකාශ කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මීට පෙර 2002 - 2004 එක්සත් ජාතික පක්ෂ රජය පැවති සමයේදීත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූ බව ද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනාධිපති, අගමැති, විෂය භාර ඇමතිවරුන් හිටියට රට පාලනය කරන්නේ මේයා. අනේ මෙහෙම ආණ්ඩුවක්.
මෙයාලා කොහොමද 2025 දී කිව්වේ ? තෙල් මිල රුපියල් 65 කින් අඩුකරන්න පුළුවන් කිව්වා. එදා තෙල් බැරලය ඩොලර් 75 ට තිබුනේ. පසුගිය අවුරුදු 3 ටම දැන් තමා තෙල් මිල නැවත ඩොලර් 78 ට වුනේ. මේ අවුරුදු 3 වැඩි කාලයක් තෙල් මිල ඩොලර් 40 ට අඩුවෙන් තිබුනේ. ඒ සියලුම ලාභය ජනතාවට නොදී, මේ මාස 2 ට දෙපාරක් තෙල්මිල වැඩිකලා. දැන් හදන්නේ මාසෙන් මාසෙට නැවත මිල වැඩිකරන්න. ජනතාවට අබ සරණයි.
ඔන්න දැන් හැමෝම මතකතියාගන්න මම පහසු කළා සුත්‍රය , සංශෝධනය = වැඩි වීම
මෙය ඉතාම ඉහලින් අගය කල යුතු පියවරක් හරියට ක්‍රියාත්මක කලොත්. ඇමරිකාව වගේ රට වල දිනපත්ම තෙල් ගණන් වෙනස් වෙනවා, ඒ නිසා එහෙ මිනිස්සුන්ට ගණන් අඩුවෙද්දී අඩු වියදමක් යන්නේ තෙල් ගහන්න. ලංකාවේ මම ප්‍රශ්නයක් විදියට දකින්නේ තෙල් මිල අඩු/වැඩි වෙන ගානට බස් ගාස්තු ඇතුළු සියලුම ගණන් වෙනස් වෙන්න ගත්තොත් මිනිස්සුන්ට මේ ක්‍රමය එපා වෙයි
දැන් ලෝක වෙලදපොලේ මිල වැඩිවෙනකොට මෙයාලගේ මිල සූත්‍රය වැඩ.. අඩු වෙනකොට කියයි මේක ජනතාවට බරක් එක නිසා රජය සහනයක් දෙනවා මිල පාලනය කරනවා කියලා. බදු ගහනවා සාමාන්‍ය ජනතාවට. මේගොල්ලන්ට නෑ.. කොච්චර තෙල් වැඩි කලත් මෙයාලට මොකද මෙයාලට ඔක්කොම සහන මිලට නිකන් ලැබෙනවනේ. අපි හොයන්න ඕනේ.. දේශපාලකයන්ට තියෙන බලතල අඩු කරන ක්‍රමයක්. ඔක්කොම ඇමති වරුන්ගේ බලතල අඩු කරලා ඒවා පරිපාලන ව්‍යුහයට එකතු කරන්න ඕනේ.. ඒ එක්කම රාජ්‍ය පරිපාලනය සම්පූර්ණයෙන් දේශපාලනයෙන් අයින් කරන්න ඕනේ..
මොකක්ද මේ රටේ නම
මේ ක්‍රමය ලංකාවට ගැලපෙන්නේ නැති බව තේරෙන්නේ නැද්ද ?
මේ තෙල් මිල ඉහල යෑම බලපාන්නේ රටේ අහිංසක ජනතාවට විනා දේශපාලන බලපුළුවන්කාර උදවියට නොවෙයි. අපේ රටේ දේශපාලකයින් සඳහා ලබා දෙන සහන අඩු කල යුතුයි, යන්න මගේ හැඟීමයි. මේ රටට අවශ්‍ය වන්නේ ඉගෙන ගත්ත, රට ගැන හිතන, වාසියට පැති මාරු නොකරන, මානුෂීය හැඟීම් තියෙන දේශපලකයින්ය. වර්තමානයේ ලංකාවේ දේශපාලකයින්ට දෙන දීමනා කප්පාදු කල යුතු වේ. වසර 5 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියොත් විශ්‍රාම පඩියක් ලබා දෙන්නේ කුමකට ද? සැබවින්ම එය කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත. මන්ද අපේ රටේ දේශපාලකයින් එකිනෙකාට බනිමින් ඇනකොට ගන්නවා වින රටට සේවයක් නොකිරීම හේතුවෙනි.