නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධාන ගතවීම සඳහා මේ සතියේ දී සාකච්ඡා ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙම සන්ධානය ඉදිරි මැතිවරණවලට නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බවද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (11) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහත්තුරු ඉතිහාසේ පුරාම එජාප විරෝධී සන්ධාන හදලා රට කපු එකයි කළේ... අන්තිමට එජාපෙ තනියෙන් සංධාන පරද්දනවා...
යන එන මන් නැතිවෙන කොට තාච්චියේ නටන කැවුම වගේ හැම අතටම පෙරලා තට්ටු දමල බලන්න. ජනාධිපති සමග එකට වැඩ කරන්න බැරිනම් මේ කට්ටිය කොහොමද අනිත් අය සමග එකතු වෙලා වැඩ කරන්නේ පක්ෂේයි පාටයි වැඩක් නැහැ. රටයි ජනතාවයි වැදගත්. මහින්ද නැතිදාට කට්ටියට යනඑනමන් නැහැ. අපේ ජනපති සමග එකතු වුනොත් ගමන දිගුයි.
ඇතුලේ කචල් බේර ගන්න බැරි තැන දැන් තවත් සංධාන ගහනවා. දැන් මේක ඇතුලේ දේශප්‍රේමී වගේම දේශ ද්‍රෝහියෝ සිංහල ජාතිවාදින් මෙන්ම දෙමළ ජාතිවාදින් ෆෙඩරල් වාදීන් මෙන්ම ඒකිය වාදින් සියල්ල ඉන්න ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ තියේවි.
රට කන්න වැඩ පිළිවෙලක් සාකච්ඡා කරන්න වෙන්නැති !