චින්ග් රායිහිදීය (රොයිටර්)
උතුරු තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහා සංකීර්ණයේ සිර වී සිට බේරාගත් දරුවන් බොහෝමයකගේ බර කිලෝග්‍රෑම් 2කින් අඩු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය.
තාම් ලුවාං ගල් ගුහා තුළ සිර වූ දරුවන් සියලු දෙනා දින 18ක පසු ඊයේ (10) මුදා ගනු ලැබිණි. ඔවුන් ගල් ගුහාවේ සිරවූයේ ජූනි 23 වැනිදාය.
අතුරුදන් වූ මෙම දරුවන් පසුගිය සතියේදී සොයාගත් අතර ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් අරඹන ලද්දේ ඉරිදා (8)ය. දින තුනකට පසු ඊයේ එනම් අඟහරුවාදා (10) එම දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුම අවසන් විය. පුහුණුකරුත් දරුවන් 12 දෙනාත් සති දෙකකට වඩා වැඩි කාලයක් ගල් ගුහාවේ සිර වී සිටි අතර එම කාලය තුළ දී මෙලෙස ඔවුන්ගේ බර අඩු වී තිබේ.
“අපේ පරීක්ෂණ හා ඇගයීම්වලින් දරුවන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව කියන්න පුළුවන්. ඔවුන්ට කිසිම මානසික පීඩනයක් නැහැ. නමුත් දරුවන්ගෙන් බොහෝ දෙනෙක්ගේ බර සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2කින් අඩු වෙලා තියෙනවා” තායිලන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරියකු වන තොන්ග්චායි කීය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරාන්තික උපවාසයෙන් පස්සේ අපේ විමල් මැතිතුමාගේත් බර කිලෝ දෙකකින් අඩු වුණා...