මනෝප්රිය ගුණසේකර
මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් එම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ මන්ත්‍රීවරු පිරිසක් කොළඹ මහාධිකරණයට අද (11) පෙත්සමක් ඉදිරිපත් කළහ.
මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග්‍රහනය කළ සමහර මන්ත්‍රීවරුන් එම ඡන්ද බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන හෙයින් එම මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ලබන 20 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වගඋත්තරකරුවන්ට නියම කළේය.
මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ජයමිණී පුෂ්පකුමාර මහතා ඇතුළු 21 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන් මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඇතුළු 25 දෙනෙකු නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වෙනුවට දැන් වෙන කට්ටිය පත්වෙලා වැඩ පටන් අරගෙනත් ඉවරයි නේද?
මේ අයගේ පත්වීම් අවලංගු කොට ඔවුන්ට නීතියෙන් දඬුවම් කල යුතුයි.
මහරගම ජනතාවගේ බුද්ධිමත් දේශපාලන තීන්දුවට නිගරු එපා.