කැලණි රන්දෝලි පෙරහර වීදි සරයි කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ශික දුරුතු මහා පූජෝත්සව මාලාවේ රන්දෝලි මහා පෙරහර අද (30) රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි. 30 January 2018
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට කැබිනට් අනුමැතිය අල්ලස් දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාග කඩිනම් කිරීම සඳහා විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් යුත් විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 30 January 2018
ඡන්දය අවසන් වන තෙක් වෘතීය ක්‍රියාමාර්ග එපාලු පළාත් පාලන මැතිවරණයට බාධාවන අයුරින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව අද වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කර තිබේ. 30 January 2018
පළාත් කිහිපයකට හෙට තද වැසි දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට හෙට දිනයේදී මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 January 2018
නාය අවදානමක් නිසා හපුතලේ උඩපාර වසයි කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල හා හපුතලේ අතර පිහිටි කහගල ප්‍රද්ශයේ නාය යාමේ අවදානයක් ඇති ස්ථානයක් නිසා හපුතලේ උඩපාර තාවකාලිකව වසා දැමූ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 30 January 2018
රවි - ගුරු මාරුවෙන් පසු සෙනසුරු දසාව රටේ වැදගත් පාසැල්වල කොඳු කඩන අරමුණින් ගුරු මාරුවක් කරගෙන යන්නේ යැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, පැපිලියාන සුනේත්රාදේවී පරිවේණාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ. 30 January 2018
එජාප උපනායක ධූරයෙන් රවී ඉවත් කරන්න - මාරපන කමිටුව නිර්දේශ කරයි රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු යැයි ‘‘ තිලක් මාරපන කමිටුව ‘‘ සිය වාර්තාව මගින් එජාප මධ්‍යම කාරක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ. 30 January 2018
බන්ධනාගාරයේ වෙඩි තැබීට යොදාගත් ගිනි අවි රස පරීක්ෂකට වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් 27 දෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අදාළ ටී56 ගිනි අවි 158ක් සහ මිලිමීටර නමය වර්ගයේ ගිනි අවි තුනක් රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 30 January 2018
සයිටම් විරෝධී උද්ඝෝෂණය ගැන පොලිස් පරීක්ෂණ අධිකරණ නීති සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඉකුත් (25) වැනි දින සරසවි සිසුන් පැවැත් වූ විරෝධතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 30 January 2018
ඇමති ඉල්ලීම ඉවතට : 1 දා එන්න’යි නියෝග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහියංගණය නගරයට පැමිණෙන නිසා එහි ප්රමුඛ කාර්යයන් රැසක් ඉටු කිරීමට පැවරී ඇති බැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීමට නොහැකි බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (30) කළ දැනුම්දීම ප්‍රතික්ෂේප කර ඇති මානව හිමිකම් කොමිසම පෙරබරවාරි පළමු වැනි දා නියත වශයෙන්ම කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයට එන ලෙස මහ අමැතිවරයාට දැනුම් දී ඇත. 30 January 2018
හිටපු ඇමැති වෙල්ගමගේ ඉල්ලීම ඉවතට හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරන ලද නඩුවෙන් නිදහස් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) නියෝග කළේය. 30 January 2018
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ටීඑන්ඒ යෝජනාව යළිත් එක්සත් ලංකාවක් තුළ වූ පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් පාලන ක්‍රමයක් තුළින් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් හිමිකර දෙන බවට දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය මගින් සහතික වී තිබේ. 30 January 2018
බැඳුම්කර විවාදය පෙබරවාරි 6 බැඳුම්කර වාර්තාව සහ මහා පරිමාන දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි හය වැනි දා උදේ 10.30ට පැවැත්වීමට කතානායකවරයා තීරණය කර ඇත. 30 January 2018
ඇල්පිටිය ප්‍රාසභා ඡන්දය අධිකරණයෙන් අත්හිටුවයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30)අතුරු නියෝගයක් නිකුත් කළේය . 30 January 2018
බැඳුම්කර වාර්තා විවාදය සම්බන්ධ තීන්දුව කල් යයි බැඳුම්කර සහ බරපතල වංචා හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවන් හි වාර්තා පිළිබඳ විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ තීන්දුවක් අද (30) පැවති පක්ෂ නායක රැස්වීමේදී ද ගැනීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 30 January 2018
අඟුරු කකා වතුර බිබි යළි ගමනේ දිගු නිහැඩියාවකට පසු කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ජර්මන්, ඕස්ට්‍රේලියා, එංගලන්ත සහ ජපන් ජාතික විදේශිකයන් පිරිසක් රැගෙන අගුරු කෝචිචියක් අද (30) දහවල් හැටන් දුම්රිය ස්ථානයට ළඟාවිය. 30 January 2018
මානසික කෲරත්වයට එරෙහි පැමිණිල්ලක් විභාගයට දිවයිනේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක 7 වැනි ශ්‍රේණියේ ළමුන් 9 දෙනෙක් කායිකව සහ මානසික වශයෙන් කෲරත්වයට පත්කිරීමට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් විභාගයට ගත් බව 30 January 2018
වෛද්‍ය වර්ජනය අවසන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනය අවසන් විය. 30 January 2018
පොදු සමාව ඉල්ලීමට අත්සන් එකතු කරයි මනුෂ්‍ය ඝාතනයකට වැරැදිකරු වී මරණ දඬුවම ලබා සිටින යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනපති පොදු සමාව ඉල්ලීම ඇතුලුව ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් අස්සන් එකතු කිරීමක් ජාතික රණවිරු සහයෝගිතා එකමුතුව කොටුව දුම්රිය පොළ ඉදිරියේදී අද (30) ආරම්භ කැරිණි. 30 January 2018
හිටපු මන්ත්‍රී සරණට වරෙන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (30) වරෙන්තු නිකුත් කළාය. 30 January 2018
ඡන්දෙට නිවාඩු දෙන්න’යි සේවා යෝජකයන්ට දන්වයි පළාත් පාලන ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිතා කිරීම වෙනුවෙන් සේවකයින්ට හිමිවිය යුතු නිවාඩුව ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය හා පෞද්ගලික අංශවලින් ඉල්ලීමක් කරයි. 30 January 2018
කොටි සංවිධානය තහනම් කිරිම තේරුමක් නෑ - උතුරු පළාත් සභා සභාපති ශ්‍රී ලංකාව තුළ තවදුරටත් කොටි සංවිධානය තහනම් කොට තිබීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් බවට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා යාපනයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය. 30 January 2018
හැටන් ගාමිණිපුර වැසියෝ ඡන්ද වර්ජනයකට සැරසෙති හැටන් දික්ඔය නගර සභාවට වසර 40 ක් පුරා ඡන්දය ප්‍රකාශ කළ හැටන් ගාමිණීපුර පහළ කොටසේ ඡන්ද දායකයින් 600 දෙනෙක් පමණ මෙවර ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින බව එම ගම්වැසියෝ පවසති. 30 January 2018
මන්නාරමේ බෝල්ලුන්ට දිවි එපාවෙයි මන්නාරමේ මුහුදු යන ධීවරයින්ට මේ දිනවල එක් මුහුදු මාළු විශේෂයක් අසාමාන්‍ය ලෙසින් හසුවෙමින් ඇති අතර දිනකට මාළු කිලෝ 25,000 කට අධික ප්‍රමාණයක්ද ඉක්මවන බවට මන්නාරම් ධීවරයෝ පවසති. 30 January 2018
දේශපාලන සිරකරුවන් වෙනත් බන්ධනාගාරවලට මාරු කරන්නැයි ඉල්ලයි දෙමළ දේශපාලන සිරකරුවන්ට ඉක්මන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හා ඔවුන් වෙනත් බන්ධනාගාර වෙතට මාරු කිරීමට බලධාරීන් දැනුවත් කිරීමට සහය වෙන්නැයි ඉල්ලමින් සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා හමුවී සවස ලිපියක් බාර දෙනු ලැබීය. 30 January 2018
නීතියෙන්වත් ආරක්ෂාවක් නැති බූරුවෝ ගම්වදිති කල්පිටිය අර්ධද්වීපයේ වෙසෙන අපූරුතම සත්ත්ව සම්පතකි කල්පිටියේ වෙසෙන බූරුවන්. දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණයට ලක්වන මෙම සත්ත්වයන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය ගිලිහී ගොස් ඇත. 30 January 2018
මුලතිව්හි යුදහමුදාව තවත් යුද්දයකට අතගහයි මුලතිව් - කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්‍රදේශයේ වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කොට විෂබීජ නාශක යෙදීමේ කටයුතු මේ දිනවල යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙයි. 30 January 2018
කන්ටේනරයක් මිනීමරු බෝක්කුවෙන් ජලාශයට යයි කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත නගරය ආසන්නයේදී අද (30) අලුයම 5.15 ට පමණ පිහිටි මිනීමරු බෝක්කුව නමින් හැදින්වෙන ගැඹුරු ජලාශයට කන්ටේනරයක් පෙරලී ඇත. 30 January 2018
ගැටුමකින් ටිපර් සංගමයේ සභාපතිට තුවාල පොළොන්නරුවේ ටිපර් රථ හිමියන්ගේ සංගම් රැස්වීමක් අද (29) මනම්පිටියේදී පැවති අවස්ථාවේ එහි දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී ටිපර් රථ හිමි සංගමයේ සභාපති වරයා තුවාල ලබා ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. 29 January 2018
දුම්රිය සේවකයෝ තවත් වර්ජනයකට හේතු සොයති දුම්රිය රියදුරු සහායක සේවයේ තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අදාලව කල් දමා ඇති විභාග පවත්වන ලෙසත් එසේ නොවන්නේ නම් වෘත්තිය කි‍්‍රයාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා අද (29) මාධ්‍ය හමුවක දී පැවසීය. 29 January 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026