ක.ග. කරුණාරත්න
මොනවිදියේ විරෝධතා ආවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (21) පොලොන්නරුවේදී අවධාරණය කළේය.
‘යහපත් සමාජයක් සෑදීමට හොඳින් කියලා බැරිනම් සමහර විට ලෝකයේ බොහෝ රටවල් වගේ නරකින් කරන්න සිද්ධ වෙනවා.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ චීන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඉදිකිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.
ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන කිහිප දෙනෙකු උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරන බවට ගෙන යන ප‍්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද ජනාධිපති වරයා පැවසීය.
මරණීය දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීමට එරෙහි යම් යම් උදවිය විරෝධතා ඉදිරිපත් කරන නමුත් ඒ අය මේ මහා විනාශකාරී දේ වැලැක්වීමට කිසිම සහයෝගයක් වී නැතැයි ද සිරිසේන මහතා කීය. එදා නාගරික ප‍්‍රදේශය වල විතරක් තිබූ මත් කුඩු මත් පෙති අද ලංකාවේ ඈත පිටිසර ප‍්‍රදේශ වලද තිබෙන බව කී ජනාධිපති වරයා පාසල් දරුවන් පවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා යොදවා ගනු ලැබ ඇතැයි ද ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩණය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ නීති, අධිකරණ, බන්ධනාගාර ඇතුළු ඊට අදාල ආයතන ප‍්‍රධානීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන බව කීය. ඉන් පසුව ඒ කමිටුව ම`ගින් මරණීය දණ්ඩණයට යටත් කරන පුද්ගලයින්, ඒ සම්බන්ධ දින වකවානු සියල්ල තීන්දු කරනු ඇති බවද ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ශක්තිමත් 2020 අනිවාර්යයෙන්ම මගේ ඡන්දෙ ඔබට.
මරණීය දණ්ඩණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණක් ක්‍රියාත්මක කිරීම සමාජයට යහපතක්නම් වෙනත් අපරාධ සඳහා මරණ දඬුවම් නියම වූවන් සමාජයට යහපතක් කල අයද? මරණීය දණ්ඩණයත් අපේ රටේ ඇති හැකි කෙනාට ගැලවෙන්න පුළුවන් විදිහටද?දැනටමත් ප්‍රකාශිත මරණීය දණ්ඩණය ලැයිස්තුවේ ඉන්නේ හාල්මැස්සෝ. අපේ රටට කිලෝ දහස් ගණන් කන්ටේනර්වලින් ගෙන්වපු අය ආරක්ෂා කරමින් ග්‍රෑම් කීපයක් තියාගත්තා කෙනාව මරලා වැඩක් නෑ..
යහපාලන ආණ්ඩුවෙන් මොන දේ කලත් මාධ්‍ය නිදහස දඩමීමා කර ගනිමින් රට පුරා ප්‍රචාරය වෙන්නේ ඒ ඒ ආයතන ප්‍රධානීගේ න්‍යාය පත්‍ර වලට අනුකුල වන දේ පමණක් නිසා රජය විශාල අපකීර්තියකට පත්ව ඇති බවයි පෙනෙන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරනවා තියා උළ තියලා මැරුවත් මහජනයා අතරට යන්නේ වෙනත් කතාවක්. මේ හිඩැස වහන්නේ නැතුව එක එක දවසට එක එක දේවල් කිව්වට වැඩක් වෙන්නේ නැත.
ජනාධිපතිතුමනි අපි බලා සිටිනවා ඔබේ තීරණය ක්‍රියාවෙන්ම ඔප්පු කරන තුරු, එහෙම උනොත් ඔබ ශ්‍රී ලංකා ජනතාවගේ සදා නොමැකෙන වීරයෙකු වෙනවාමයි.
බහුතර ජනයාගේ ජීවිත ආරක්ෂාව උදෙසා අතලොස්සක්වූ පිරිසක් සමාජයෙන් ඉවත්කිරීම අනිවාර්යයෙන් කල යුතුය.
බන්ධනාගාර දෙපරමේන්තුව තුලට අවංක පුද්ගලයන් ගෙන ආ යුතුයි.
මරණීය දණ්ඩණය ලොක්කො බේරලා පොඩි අය මරණ එකද. මොකද ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන අය රටේ පාලනයටත් ප්‍රධාන පාලකයො සමගත් කිට්ටු සම්බන්දතා පවත්වන අය. දැනටමත් රටේ මිනිස්සු මේ මත්ද්‍රව්‍ය විවිධ ක්‍රම මගින් රටතුල ව්‍යප්ත කරන පුද්ගලයන් ගැන දැන සිටියත් අන්ධයො සේ සිටිමට හේතුව අපේ රටේ මිනිස්සුන්ට නිසි ආරක්ෂාවක් නැතිවීමයි
මරණ දඬුවම ගෙනෙන්න දෙයක් නැහැ. ඒක රටේ නීතියට අනුකුල දඬුවමක්. නීතියට අනුකුලව විනිශ්චයකාරවරුන් ඒ දඬුවම නියම කලාම ඒක ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපතිගේ අනුමැතියෙනුයි. ඒ අනුමැතිය ලබා දීමට කිසිම බාධකයක් නැහැ. මේ සුදානම් වන්නේ මේ සඳහා බාධකයන් නිර්මාණය කිරීමටයි. මේ කියන කමිටුව මගින් මරණ දඬුවම ලබාදීමට නීතිමය හැකියාවක් නැහැ. "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති උතුමාණන් විසින් නියම කරන ලද දිනයක ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා තැබීමට මෙයින් නියම කරනු ලැබේ" කියලා මිසක් ඔය කියන කමිටුව නියම කරන දිනයක එල්ලා මරන්න කියලා නඩු තීන්දු දීලා නැහැ. අනාගතයේදී දෙන්නත් බැහැ. මට තේරෙන විදියට මේ කරන්නේ රටේ තියන ඉතාම සංවේදී ප්‍රශ්නයකට නිවැරදි විසඳුම දෙනවා වෙනුවට ඒ විසඳුම කුරුවල් කර ප්‍රශ්නය ඇදගෙන යාමෙන් තම ජනප්‍රියතාවය ඉහල නංවා ගැනීමේ උත්සාහයක යෙදෙන බවයි.
මම නම් හිතන්නේ නැහැ මේක කරයි කියලා, නමුත් ඒක කලොත් තමා ඔබතුමා නියම නායකයා. අපේ සහය ඔබතුමාට ජයවේවා ....
බන්ධනාගාර කොමසාරිස් ඇතුළු කට්ටියට නිසි දඬුවම් දුන්නනම් ප්‍රශ්නය විසඳිලා. අපට ජාත්‍යන්තරෙන් ප්‍රශ්න එන්නෙත් නෑ.
අපට ඕන උනේ මෙන්න මෙහෙම ජනාධිපති කෙනෙක්. ඔබගේ දිරිය බල වැඩේවා!
මොන ජීඑස්පී තිබුනත් වැඩක් නැහැ තරුණ පරපුරක් නැත්නම්. හොඳ තීරණයක්.
මට නම් ක්‍රියාත්මක කරන කල් විශ්වාස නැහැ.
ජී.එස්.පී අත්හිටුවනවලු කමක් නෑ. එ්ක නැතුවත් අපි කාලයක් හිටියනේ. දැන් එ්ක තිබුනත් එ්ක තිබුනේ නැති කාලේටත් වඩා ජනතාවගේ රටේ අාර්ථිකය දැන් අන්තිමයි. පුලවන්නම් මත් උවදුරෙන්වත් සමාජය ගලවන්න. එ්ක දැනෙන සෙතක් වෙයි. හැබැයි මරණ දඬුවම පමනක් නොවේ අවසන් විසඳුම. මත් උවදුර ගසක්නම් එහි මතුපිට කරුමුල් විතරක් නෙමේ පොලොව යට අැති අනිකුත් මුල් සමග මුදුන් මුලින්ම කපා හෙලිය යුතුයි. මොකද මරණ දඬුවම ලැබ හිරේ ඉන්න මිනිහට කුඩු බිස්නස් කරලා ලැබෙන පලයක් නෑ, ලාභ ලබන්නේ වෙන කෙනෙක්
අපේ රට විනාස කරන මේ ව්‍යසනයෙන් රට ගොඩ ගැනීමට හැකි මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමෙනුයි. මේ වෙලාවේ එක එක්කෙනාගේ පදවලට ඔබතුමාව නටවන්නයි ඔය හදන්නේ. ඒ උගුල් වලට හසුනොවී කලයුතු දේ නොබියව ඉටුකරන්න. එවිට රට සුරැකේවි. දෙවි මිනිසුන්ගේ ප්‍රසංසාවට ඔබතුමා ලක්වේවි. යුරෝපා සංගමය එසේ කීවත්, අගරදගුරු හිමිපාණන් වහන්සේගේ මතයට උඩින් ඔවුන්ට අපට බලපෑම් කිරීමට නොහැකි වේවි. මේ ප්‍රශ්නයේදී අප සැම ඔබතුමා සමගයි.
කමිටුව පත් කළා කියන්නේ ඊලග ඡන්දෙ එනකම් ඕක අදිනවා කියන එක.
මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කලොත් නැවතත් ජනාධිපති වෙනවා සිකුරුයි.
මරණ දඬුවම දියුණු ශිෂ්ට සම්පන්න සමාජයක තිබිය යුතු දඬුවමක් නොවේ. ගත යුතු පියවර වන්නේ: 1. විමර්ශන කටයුතු පුළුල් කිරීම හා ශක්තිමත් කිරීම. ඒ සඳහා යොදවන බුද්ධි අංශ, පොලිස් හා හමුදා පිරිස් බලය වැඩි කිරීම. 2. තාක්ෂණික උපාය මාර්ග ශක්තිමත් කිරීම. පුනරුත්ථාපන කටයුතු ශක්තිමත් කිරීම. 3. සිරගෙවල් ජනාකීර්ණ නගරවලින් ඉවත්කර හුදෙකලාව ස්ථානගත කිරීම. සිරගෙදරට මත්ද්‍රව්‍ය විසිකිරීම නතරකිරීමට එම සිරගෙවල් කොළඹ නගරයෙන් ඉවත් කරන්න. සමහර රටවල සිරගෙවල් ආසන්නයෙන් යන මාර්ග වල පවා වාහන නතර කර මිනිසුන් ගැනීමවත් නොහැකි ලෙස නීති යොදවා ඇත.
අපි බලමු අඩුම තරමේ මේකවත් කියපු විදියට කෙරේවිද කියලා.
මෙවැනි නීති කෙටුම්පත් රටකට අවශ්‍යයි. මොකද අද ලංකාව හුගක් අරාජික තත්වයට පත් වෙලා. බණ කියනවා බණ අහනවා, පින්කම් කරනවා කෙළවරක් නැහැ. නමුත් මෙවැනි දේ වලත් සීමාවක් නැහැ. මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට විතරක් නෙමේ ජනපතිතුමනි ස්ත්‍රී දුෂකයන්ට බාල අපරාදකරුවන්ටත් මරණ දඩුවම දෙන්න. ඔබතුමා මෙය කලොත්, 2020 බහුතරයක් ඡන්ද ඔබට ලැබෙනවා අනිවාර්යෙන්...
ඔබ මෙතෙක් ගත් සියලු තීන්දු තීරණ මෙන්ම මෙයද නොසැලී අභීතව ක්‍රියාත්මක කරනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු.
ක්‍රියාත්මක වෙනතුරු විශ්වාස කරන්න බැහැ
ඔබට එය කිරීමට දිරිය සහ ශක්තිය ලැබේවා
මරණ දණ්ඩනයට නියම වූවන්ගේ ලැයිස්තුවේ කුඩු කාරයෝ කෙනෙක්වත් නැහැල්ලු නේද? එහෙම නම් ඉතින් එල්ලන්නේ කාවද? පත්තරේ විස්තරේටයි කිව්වේ
දැන් ලිස්ට් එකත් අතේ තිබෙන නිසා වැඩේ ඉක්මන් කලොත් තමයි හොඳ, ස්ටේජ්ගානේ කියවන්නේ නැතිව.
ජනාධිපතිතුමනි, මුලින්ම ඇතුළේ ඉන්න ජේලර්ලා ටික එල්ලලා හිටියොත් ඔය කුඩු ජාවාරම සම්පූර්ණයෙන් පාලනය කරන්ට පුළුවන්...
ඔබට කිසිම ශක්තියක් නැහැ. මෙතෙක් කල් කරපුවා කව්රුත් දන්නවා. 2020 ඡන්දෙ ගන්න පොර ටෝක් එකක් විතරයි.
විශිෂ්ඨයි ජනාධිපතිතුමනි, සිංහයෙක් වගේ එඩිතර ඔබතුමා අපිට ආඩම්බරයක්...
අනාගත පරපුර විකාර වුණාට පස්සේ තීරණ අරන් වැඩක් නැහැ... මරණ දඬුවම ගෙනෙන්න කල් ගියා වැඩියි. නීති හදලා තියෙන්නේ ක්‍රියාවට නගන්න. රට විනාශයි. පාසල් ළමුන් පිස්සෝ වෙලා, කුඩු බීලා. පිටරටවලින් වැඩක් නැහැ. ජාත්‍යන්තරය නෙවෙයි රට කරන්නේ... අපචාර, දූෂණ කළොත් එල්ලන්න.
හොඳ තීරණයක්... මොන පාටක, මොන පක්ෂයක වුනත් අපටනම් අදාලම නැත. අප සැමවිට හොඳ දෙයට හොඳයි කීමට කිසිවිට පසුබට නොවෙන අතර වැරදි දෙයට වැරදියි යන්න පැවසීමට කිසිවිට බිය නොවන්නේ බවත් කිවයුතුයි...
කවුද ඉතින් එපා කිව්වේ? ඔබේ කැබිනට් මණ්ඩලේ ඉන්න මංගල අමතිතුමානේ.. ජනතාව අපි එක පයින් කැමතියි. නමුත් ඔබතුමා කථාවෙයි, ක්‍රියාවෙයි අහසට පොළව වගේ වෙනස නිසා අපට බයයි.
2020 පොරොන්දුවක් නොවී මේක ඉටු කළා නම් මගේ ඡන්දයත් ඔබට...
ඔබ, මම ඡන්දෙ දෙන්න රටක් තියෙන්න එපායැ. ළිං මැඩි ප්‍රතිපත්ති නිසා අපේ රට ජාත්‍යන්තරයේ අතරමං වෙලා අනාථ වෙලා යන එන මං නැති වුණාම කාට ඡන්දෙ දෙන්නද? රටක රාජ්‍ය නායකයාට රාජ්‍ය නිලධාරීන් පාලනය කරගන්න බැරි වුනාම ඔහොම තමයි.
ඔබතුමා ඔන්න ඔහොම කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා නම් 2020 ගේමක් නැහැ. මරණ දඬුවම කුඩු වලට දෙන්නම ඕනේ නැත්නම් මේ කඩා වැටෙමින් තියන ජන සමාජය ගොඩගන්න බැහැ.
ඔබ එය කලොත් ඔබට අනිවාර්යෙන් ඡන්දය දෙනවා මම.
හරි දේ කරන්න කාගෙවත් කැමැත්ත වුවමනා නැහැ. හොඳින් කිව්වා. හිරේ දැම්මා, නඩු දැම්මා, දඩ ගැහුවා කිසි ඵලක් නැහැ. ඕක ක්‍රියාත්මක කරන්න ජනපති තුමනි... හිත හිතා ඉන්න වුවමනා නැහැ. මානව හිමිකම්, අර හිමිකම්, මේ හිමිකම් ගැන කතා කරන අය කවුරුවත් එන්නේ නැහැ බේරගන්න. අපේ ආගම, රට, ජාතිය ඕවා නිසා වැනසුණු දවසට. ඔය එක්කම ඕවා ගෙන්නන අයටත් ඔය දඬුවමම දෙන්න අමතක කරන්න එපා.
ගැලරියට කතා කරනවා. මොකද අපි කිව්වද ඕක ගේන්න එපා කියලා, ඔබතුමා පාර්ලිමේන්තුවට කියන්න.
අපිට එපා කියන යුරෝපා සංගමයේම රටක් වන බෙලරුස්වල තාමත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. යුරෝපා සංගමය දන්නේ අනුන්ට බණ කියන්න විතරයි.
ඔන්න ඔහොම තමයි මහින්ද ජනාධිපතිතුමා යුද්ධය ගෙනිච්චෙත්. ඒ නිසා තමයි ඉන්දියාව, එංගලන්තය, ඇමෙරිකාව සහ කැනඩාව අන්තිමට එතුමාට විරුද්ධව ඔබතුමා ඇතුළු පිරිස මෙහෙයව්වෙත්. දැන්වත් බටහිර තර්ජනවලට නොසැලී රට වෙනුවෙන් වැඩ කරන්න. හැබැයි අර උතුරේ කඳවුරු කතා නම් පත්තරෙන් බලලවත් ඇත්ත නැත්ත දැනගන්න. ඔබේ ආණ්ඩුව ඔබට ඒවා කියන්නේ නැහැ වගේ.
ලොකුවට කතා කිව්ව්ට, ලෝකෙ වටේ තියෙන ණය දෙන රටවල් ටික කිව්ව ගමන් නීති ඔක්කොම කුණු කූඩේ. ඒක මෙතුමට විතරක් නෙමෙයි. මේ රටේ සියලුම පාලකයින්ට වෙන දෙයක්... අපි අපේම කියන ඉතා බලවත් ආර්ථිකයක් ගොඩනංවා ගන්නකන් මේ වගේ නීති ගැන හිතන්නවත් බෑ. මේ අය අඩුම ගානේ කෘෂිකාර්මික, කාර්මික ආර්ථිකයක් ගොඩ නංවන්න කිසිම ප්ලෑන් එකක් නැතුව කට දොඩනවා.
දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් මෙවැනි හදිසි තීරණ ගැනීම හරිද කියා ටිකක් සිතා බැලිය යුතුය. මෙවැනි තීරණයක් පිළිබඳව හුරේදාන අයම අද මත්ද්‍රව්‍ය නම් හෙට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මනුෂ්‍ය ඝාතන, මහජන දේපල කොල්ල කෑම් වගේ දේවලටත් වරදකරුවන් වෙන සියලු දෙනාම උල තියලා මරන්න ඕනෑ කියාවි. එතකොට මොකද කරන්නේ? ඔය අන්තරායකාරී මාර්ගයට අඩිය තිබ්බොත් ආපසු ගමනක් ඇත්තේ නැත. ඉදිරි ගමනේ කෙළවරක් ඇත්තේද නැත. මේවගේ යෝජනා අර දින සීයේ හෝ වෙන මොනවාහරි හෝ ප්‍රකාශනයක පිට කවරයේ වත්, කිසිම පොරොන්දු පත්‍රයකවත් සඳහන් වී තිබුණු බවක් අපට නම් මතක නැත. එහෙම නම් එදාවත් පසුගිය වසර තුනේදීවත් නොතිබුණු රුදාවක් මේ හදිස්සියේම පහළ වුනේ මොකද? ඒ කාලේත් නමට මුලින් "කුඩු" උපාධිය ලබාගත් ප්‍රසිද්ධ මුදලාලිලා හිටියනේ. සමහරු ඇල්ලුවහම ගෙදරට ගිහින් සිප වැළඳ ගත්ත, තමන්ගේම වාහනයෙන් කටුනායකට වඩම්මවාගෙන ගිහින් පිටරට යැව්ව අවස්ථා තිබුණානේ. සිංහල සමාජය හිට්ලර් කෙනෙක් ඉල්ලන ගානට පිරිහී ඇති කාලයක කාලෙන් කාලෙට ඇතිවෙන රැලි වළට ගැලපෙන ආකාරයට එකඑක වෙලාවට එකඑක දේවල් කියන එකෙන් වෙන්නේ නිකම් නිකන් සල්ලන් වෙන එක විතරයි අායුබෝවන්...!!!
ඡන්දෙට ඉස්සර ගුවන් තොටුපළවල් වහලා... මහාපරිමාණ හොරුන් අල්ලලා හිරේ දානවා කිව්වෙත් ඔය කටින්ම බව අපට තවමත් අමතක නැහැ.!!!
කමිටු මොකටද? ඔබතුමාට ලැබිලා තියෙන බලතල අනුව දඬුවම ක්‍රියාත්මක කරන දිනය දාලා අත්සන් කරපුවාම ඉවරයිනේ...
ඔව් අපි බලමු ඔබේ ක්ෂේරුකාවේ හයිය කොපමණද කියා? අපි ඒ හයිය ගැන 2020 දී කතාකරන්නම් අපේ කෂේරුකාවේ හයියෙන්...
කවදත් ශක්තිමත් පාලකයාට ජනතාවගේ ප්‍රසාදය නොඅඩුව හිමිවෙනවා ඇත. අපේ ජනාධිපතිතුමාට හොඳින් හෝ නරකින් බැරි එකම දෙය පට්ට හොරුටික හිරගෙදරට යැවීමය. දූෂණයට සහ වංචාවට මොන තරම් ජනතා විරෝධයක් තිබුණත් එය නොදකින්නේ පැවැත්ම අවශ්‍ය නිසාද? ජනතාව ඔටුණු පළඳවා කඩුවත් අතට දුන්නේ යහපත් සමාජයක් වෙනුවෙනි. එහෙත් විධායක බලය ඇති රටේ ප්‍රධාන පුරවැසියා හොරුන් ඉදිරියේ අන්ත අසරණයෙකි. එය ජනතාවගේ කණගාටුවට හේතුවකි.
මේවා නිකන් බයිලා විතරයි.
දින 100න් අලුත් රටක් කියලා බොරු කියලා බලයට ආවේ. දිවුරුම් දුන්නු ගමන් කිවුවේ මේ මගේ අවසන් ජනපතිවරණයයි කියලා. එ්කත් බොරු. දැන් 2020ට ප්ලෑන් ගහනවා. මාස 2න් 2ට අලුත් මාතෘකාවක් අරන් එනවා කාලේ කනවා. අවුරුදු 3ක් තිස්සේ කස සද්දේ විතරයි. පෙරහැර පේන තෙක් මානෙක නෑ.
ඕවා කිය කියා කරන්න ඕන දේවල් නොවෙයි.. අද රෑට.. ඔය මරණ දඬුවම ලැබිලා ඉන්න කුඩ්ඩෝ ඔක්කොම එල්ලලා දැම්මා නම් ඉවරයි.. හෙට සංවිධාන කිහිපයක් බොරුවට කෑගසාවි... එපමණයි... අභියාචනා කරලා තියෙන නඩු විශේෂ අවස්ථාවක් ලෙස සලකා සති දෙකකින් අසා.. වැරැදිකරුවන් වන ඒ කුඩ්ඩනුත් නඩු අසා පැය කිහිපයකින් එල්ලිය යුතුයි. අපි බලමු ඔය කෑ ගැහුවාට ඔබතුමාට කොන්දක් තියෙනවාද කියලා. ඔට්ටුයි කොන්දක් නැහැ.
අතීතයේ සිදුවීම් දිහා බලලා මම ඔටටුවක් අල්ලන්න ලෑස්තියි ඕක කරන්නේ නැහැ කියලා!!
ඔබ තුමා බලයට ආවේ පොරොන්දු දීලා. ඔබතුමන්ලා ගැන ජනතාවගේ මානසිකත්වය බිඳවැටී ඇති මොහොතක තමයි පොහොට්ටුව පිපෙන්න යන්නේ. එවන් මොහොතක ඔබතුමාගෙ කතාව හරියට "ඉඩෝරයට පොද වැස්ස වගෙ" ජනතාවට. එම නිසා කතාවට පමණක් සීමා නොකර ජාතික ධනය හොරකම් කල, මිනීමරා නිදහසේ ඉන්න අයව නීතිය ඉදිරියට ගේන්න. එවිට ඔබ ජනතාවගේ ශක්තිය වේවි. සැබෑ වීරයා වේවි.
එඩිතර තීන්දුවක්. අපේ සහය ඔබට
ඇත්තටම කුඩු රජවරු රැජිනියො එල්ලපුවම ඒ අය යටතෙ ඉන්න අය බය වෙනවා. දඩුවම් දෙනවනම් ජාති ආගම් කුල හා ලිංග භේද වලින් තොරව දඩුවම් දෙන්න ඕන. මම දැක්ක පත්තරේක තියෙනවා මේ ලැයිස්තුවෙ එක්කෙනෙක් ගැන අනුකම්පාව ඇතිකරවන්න එක්තරා ලේඛිකාවක් ලියපු ලිපියක්. ලියනවනම් 18 ගැනම ලියන්න ඕන. බලපුවම මෝදර කුඩු රැජිනලු. හිරේ ඉදගෙනත් කුඩු ජාවාරම මෙහෙයවනවලු. නමුත් මෙයා කුඩු වික්කට හරි හොඳයි නිදහස් වුනොත් අලුත් ජීවිතයක් පටන් ගන්නව කියලත් ලියලා. මරණ දඩුවම නියම වුන හැමෝටම පවුල් තියෙනවා. කාන්තාවන් විදේශිකයන් හා සුලුජාතීන් ලෙස අනුකම්පා කරන එක අසාධාරණයි. වැරැද්ද කවුරු කළත් දඩුවම් දෙන්න ඕන. නැත්නම් කාටවත් දඩුවම් නොදීම ඉන්න ඕන.
කුඩු රජවරුන්ගෙන් පටන්ගෙන ඔවුන්ට උදව්කළ නිලධාරීන් සියල්ලමත් නීතිය හමුවට ගේන්න. ඊළඟට දූෂණ, අපරාධකරුවන් අනිවාර්යයෙන්ම එල්ලමු. රටම ඔබ සමග එකතු වෙයි.
ඔය මරණ දඬුවම මගින්ම ඔක්කොම නිවැරදි කරන්න පුළුවන් කියලා හිතන්න හොඳ නෑ. ලොකු ලොකු අය කරන වෙනත් වැරදි වලටත් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනාධිපතිතුමනි. විශේෂයෙන් මේ ආණ්ඩුව කරපු, කරන වැරදි. [කෝ කිව්වට ඉතින් පහුගිය ඒවා දැන් හොයන්න වෙලාවක් නැති නිසා (මාස 40ක් වගේ ගියා!) ඔය ගියා වගේ හිමින් හිමින් බලමු.] කොහොමත් ජනතාව අවදියෙන්නේ ඉන්නේ. ඡන්දෙ අපි ගානට දෙන්නම් දෙන කෙනාට.
මෙතුමාගේ කට විතරයි, වැඩ ඇත්තෙම නැහැ එක පාරක් කඩුවක් ගැන කිව්වා. තව පාරක් රටේම ආර්ථිකය මෙයාගේ අතට අරගෙන රට සංවර්ධනය කරනවා කිව්වා. දැන් මරණ දණ්ඩනය ගැන කරුණාකරලා අහිංසක ජනතාවට බොරු කියන එක දැන්වත් නවත්වන්න.. ඔබතුමාට 2020දී මොකද වෙන්නේ කියලා මුළු රටම දන්නවා අවසාන වශයෙන් කියනවා නම් රට පාලනය කරන්නේ හැම ඡන්දයෙක්ම පරාද වූ රනිල්.. මෙතුමා කරන්නේ වෙන දේ බලාගෙන ඉන්න එක විතරයි.
මේ කොමෙන්ට්කරුවන් බොහොමයක් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාට කින්ඩිය දාන එකයි. එතුමා බලන්නේ ජීවිත පරිත්‍යාගයෙන් හරි මත්කුඩු මාරයන්ගෙන් රටේ අනාගත පරම්පරාව බේරගන්න. ඒක මොනම හේතුවකටවත් අවතක්සේරු කරන්න එපා.
පළමුව 225 න් ඉන්න කුඩුකාරයෝ ටික හොයලා අල්ලන්න.
ඔබ මම කියලා කමෙන්ට් දාපු කෙනාටයි මේ කියන්නේ. බන්ධනාගාර කොමසාරිස් ඇතුළු හිරගෙදර කාර්ය මණ්ඩලය පාලනය කරගන්න බැරි ජනාධිපතිකමෙන් ඇති වැඩේ මොකක්ද? හරිම නිවටයි හරිම නිවටයි. මම නම් මේ වගේ ජනාධිපතියෙකුට කීයටවත් ඡන්දෙ දෙන්නේ නෑ. වැඩි දවසක් නොගොස් අපට සෝමාලියාව ඉතියෝපියාව පරද්දන්න පුළුවනි.
මරණ දඬුවම නියම වෙච්ච සියලු දෙනාටම මරණ දඬුවම දෙන්න. ඔවුන්ට මරණ දඬුවම නියම කරන්නේ මරණ දඬුවමට සුදුසු නිසායි.
පතෝල ජනාධිපති කෙනෙක්... ෂුවර් අන්තිමට ඔබතුමා කියාවි..."..මම දන්නේ නැහැ. මම කිව්වේ නැහැ... මමත් අද උදේ පත්තරෙන් දැක්කේ.." කියලා. ඔබට බලයට පත්වන්නට උදවු කරපු අයගේ ජිවිත අනතුරේ දමා, කීව කිසිම දෙයක් නොකරපු ඔබතුමා.. නොකීව දෙයක් කරාවි කියා කොහොම විශ්වාස කරන්නද?
ඔබ කියන ඕක ඇත්තටම කරනවද? එතකොට බැංකු වංචා කරපු අය? පාර්ලිමේන්තුව සුද්ද කරලා රටත් සුද්ද කෙරුවොත් අවශ්‍ය නෑ එල්ලුම් ගහ. ගේන්න පාර්ලිමේන්තුවට අවංක දේශපාලකයෝ...
වීරයෙක්
මැතිදුණි ඔබගේ තීරණය ඉතා අගනේය. එයට අපි ඉතා ගරු කරමි.
සියලු බලතල තිබෙන්නේ ඔබතුමා ළඟ. කිරීම නොකිරීම තියෙන්නෙත් ඔබතුමා ළඟ. කියකියා ඉන්න දෙයක් නැහැ.. අධිකරණයෙන් මරණ දඬුවම නියම කරලා තියෙන්නේ. ඒ එල්ලා මරන්න. ඔබතුමාගේ නියෝගය විතරයි අවශ්‍ය. මේවට කමිටු හදලා මහජන මුදල් නාස්ති කරන්න එපා. ජනතාවගෙන් අහන්න ගියොත් අද ඉන්නේ විපරීත මිනිස්සු.
"පාතාලයන් කුඩ්ඩන් වනසමින් රට " " කරනා විපත තව ඉවසිය හැකිද ? මට " " ජනපති ලෙසින් යොදවමි ඇති බලය මට " " පෝරකයට උන් යවා රැකගමි මගේ රට "
2019 දෙසැම්බර් වෙනකම් ඔය පොර ටෝක් එක කල් දදා ඉඳලා මේක ක්‍රියාත්මක කරන්න. මට තව අවුරුදු 5කට බලය දෙන්න කියාගෙන එන්න එපා ඔන්න දැම්මම කිව්වා..
දූෂකයින්ටත් මරණ දඬුවම ලබා දෙන්න.
හොඳයි ඔබතුමා ගම් කබරයාව එල්ලන්නේ කවදාද...? ඔබතුමා බයයි නේද...?
මේක හොද තීරණයක්....