ටී.කේ.ජී.කපිල
රුපියල් ලක්ෂ 96 ක් වටිනා අයිස් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ .
ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6සී1205 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි 50 හැවිරිදි ඉන්දියා ජාතිකයකු ළඟ මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී ඇත.
ඔහු පිළිබඳව කල් ඇතිව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ හෙයින් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැක සිට මෙම ඉන්දීය ජාතිකයා සමග ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ අයිස් මත්කුඩු තොගයා සොයා ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අහුවෙන්නේ ඔත්තුවක් ලැබිල තිබුනොත් නේ. එහෙම නැතුව නොකඩවාම මොවුන් පරීක්ෂා කරන්න ක්‍රමයක් නැද්ද? පුහුණු සුනඛයින් හෝ වෙනත් තාක්ෂණික ක්‍රම?
දිවි ඇති තෙක් හිරේ දැමිය යුතුයි.
වහාම නිදහස් කරන්න බාගයක් ඔහුට බාගයක් රජයට ගන්න.
මම අදමයි දැන ගත්තේ අයිස් කියල මත්ද්‍රව්‍යයක් තියෙනවා කියලා.
අපට හිතාගන්න බැරි තරම් විෂ සහිත රසායනික මත්ද්‍රව්‍ය ප්‍රමණයක් නිෂ්පාදනය වෙමින්, බෙදාහරිමින් තියෙනවා. ඒවා සුවදින් හදුනාගන්න බැහැ. ඒ සදහා පොලිස් සුනඛයන් පුහුණු කල යුතුයි. දැනට අලුතින් සංසරණය වෙමින් පවතින මත්ද්‍රව්‍ය වර්ග 300-400කට සුනඛයන් පුහුණු කරන්න බැහැ. මේ කාරනේදී ඇමෙරිකාවත් අසරණ වෙලා ඉන්නේ. ලංකාවට මත්ද්‍රව්‍ය එක එක විදිහක් තමා තැපැල් දෙපාර්තමේන්තුවේ පාර්සල් හරහා, සහ රේගුව හරහා. මේ බොහෝ රසායනික මත්ද්‍රව්‍ය ඊ බේ හරහා ඇනවුම් කරලා ලංකාවට ගෙන්න ගන්න අය ඉන්නවා. මේවා හොයන්න පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට අන්තර්ජාතික ගණුදෙණු, ක්‍රෙඩිට් කාඩ් හරහා ලංකාවෙන්, ඒ ඒ තහනම් මත්ද්‍රව්‍ය විකුණන වෙබ් අඩවි සදහා කරන ගෙවීම් හරහා තොරතුරු හොයාගැනීමට පිළිවන්.
අයිස් කියන්නේ අම්පිටමින් වලට තවත් නමක්. නිපදවීම සහ බෙදාහැරීම ඉරානය
මම ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ, ජපානයේ ගිහින් තියෙනවා. ගුවන් තොටුපළවල් වල අනිවාර්යයෙන් සුනඛයෝ ඉන්නවා මගීන්ව පරීක්ෂා කරන්න. ලංකාවෙත් බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. ඇයි ඕක කරන්න බැරි.
මේ දැනුවත් කරන්නේ හඳුනාගැනීම හා ආරක්ෂාවීම සඳහායි. අයිස් කියන්නේ භාවිතාවය අනුව හැදුණු නමක්. ඇත්තටම ඕවායේ නම ක්‍රිස්ටල් මෙත්. ප්‍රභා කිව්ව විදියට අම්පිටමින් කියලත් කියනවා. කඩේ තියෙන සූකිරි වගේ පෙනුම. කොටස් ඊට වඩා දිගයි. සමහරවිට හැඩය වෙනස් වෙන්න පුළුවන්. භාවිතාකළ පසු මත්බව හා තද නිදිමත ඇතිවීම තමයි සිදුවෙන්නේ. විශේෂයෙන්ම දෙමාපියන් විසින් මේ පිළිබඳව දැනුවත්වී සිටිය යුතුයි. සාමාන්‍යයෙන් පාසැල් යන අවුරුදු 15-18 අතර පිරිමි දරුවන් සිටින දෙමාපියන් විශේෂයෙන් මේ පිළිබඳව දැනුවත්ව සිටීම හා දරුවා පිළිබඳ විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්...
මේ ප්‍රවෘත්තියේ තියෙන ලොකුම ගැටළුව තමයි සැකපිට කියන වචනය. මෙම ඉන්දීය ජාතිකයා සතුවූ ගමන් මල්ලක රුපියල් ලක්ෂ 96ක මත්ද්‍රව්‍ය තිබිලත් ඒ සාක්ෂි මදිද වරදකරුවෙක් වෙන්න. ග්‍රෑම් කීපයක් තිබුණා නම් එදිරිවාදියෙකු විසින් නීතියට හසුකිරීමේ චේතනාවෙන් යෙදුවා වියහැකියි. මෙතරම් තොගයක් තිබිලත් ඇයි සැකකරු ලැයිස්තුවේ ඉන්නේ. මේක මට ගැටළුවක්.
උසාවියක නඩු තීන්දුවකින් පසු, සැකයකින් තොරව ඒ වරද ඔප්පු කරනතෙක් කිසිවකුවට වැරදි කරුවෙක් කියලා කියන්න බැහැ. එතෙක් ඔහු, ඇය සැකකරුවෙක්, සැකකාරියක් පමණයි. කෙනෙකු අත්අඩංගුවට පත්වූ පමණින් කිසිවෙකුට කළු හෝ සුදු කියලා ලේබල් ගහන්න පොලීසියට බැහැ. අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කලා වගේ නොදැනුවත්කමට...