(කාංචන කුමාර ආරියදාස)
හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ සිටින වන අලින්ගේ ආහාර සඳහා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පළලතුරු රැගෙන යෑමට වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද ( 22) අලුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේය.
අනතුරුව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේද සහය ඇතිව එම එළවලු පළතුරු වනජීවී දෙපාර්තමේන්තුවේ වාහන වලට පුරවා ගෙන හොරොව්පතානට රැගෙන යාමට පියවර ගත්තේය.
නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වන ජීවී දෙපාර්තමේන්තුවේ කිහිපදෙනෙකු ද එක්ව අලුයම 3ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පලතුරු සියල්ල ලොරි රථවලට පටවා ගැනීම සිදු කළහ.
නියෝජ්‍ය අමාත්‍යවරයා වන අලින්ට රැගෙන යන මෙම එළවළු සහ පලතුරුවල ඇති පොලිතින් සහ අලින් ආහාරයට නොගන්නා ද්‍රව්‍ය ඉවත් කර ආහාර අලින් ආහාර ගන්නා එළවළු සහ පලතුරු පමණක් පටවා ගැනීම මෙහි විශේෂත්වයක් විය.
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නගරාධිපතිවරයාද එළවළු පලතුරු වාහනවලට පැටවීමට සෙසු පිරිසට උදව් කළහ.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ දැනට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින්නේ රටේ විවිධ ස්ථානවල ගැවසුනු දරුණු ගණයේ වන අලි බවත් ඔවුන් මෙල්ල කිරීම සඳහා එක් ස්ථානයකට ආහාර රැගෙන ගොස් දැමීමෙන් යම් මට්ටමකින් මෙල්ල වීමට ඉඩ ඇති බවයි.
එමෙන්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථාන විදුලි වැට කඩා වන අලින් පැනයෑම මෙයින් අඩුවන බව පැවසු අතර වනජීවි දෙපාර්තමේන්තුව මඟින් දිගින් දිගටම වන අලින්ට විවිධ ආහාර වර්ග රැගෙන ගොස් ලබාදීම සිදුකරන බවද සඳහන් කළේය.
තමන් අලුයම 1.00 ට පමණ හොරොව්පතානෙ සිට දඹුල්ලට පැමිණීමට පිටත් වූ බවත් නගරාධිපති ජාලිය ඕපාත මහතාට ඊට පෙර දින තමන් පැමිණෙන බව දැනුම් දී මෙසේ පැමිණි බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වන අලින්ට සුදුසු ආහාර රැසක් ඉවත් කරන බවට තමන් පෞද්ගලිකව දැන සිටි නිසා මෙම එළවළු පලතුරු රැගෙන යෑම සඳහා පැමිණි බවද හෙතෙම සඳහන් කළේය.
වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ දෙකකට එළවළු සහ පලතුරු පැටවූ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන් ගන්නා කැබ් රථය පිටුපසටද එළවළු සහ පලතුරු පටවා ගැනීම මෙහිදී තවත් විශේෂත්වයක් විය.
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නගරාධිපතිවරයාද එළවළු පලතුරු වාහනවලට පැටවීමට සෙසු පිරිසට උදව් කළහ.
එමෙන්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථාන විදුලි වැට කඩා වන අලින් පැනයෑම මෙයින් අඩුවන බව පැවසු අතර වනජීවි දෙපාර්තමේන්තුව මඟින් දිගින් දිගටම වන අලින්ට විවිධ ආහාර වර්ග රැගෙන ගොස් ලබාදීම සිදුකරන බවද සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන අලි පිහිටට කොළ අලි...
අලින්ට මේ හා ජරාව දීලා ඔයසැරේ උන් ලෙඩවෙනවා. අධික පිෂ්ට හා සීනි ඇති අර්තාපල් ලුණු වගේ ආහාර කාලා අලින්ට නැති ලෙඩ හැදෙනවා. කැලේ කන අලි කොච්චර තන්තු සහිත ආහාරද ගන්නේ? කොච්චර ඖෂධීය ගුණයන් ඇති කොලවර්ගද කන්නේ... මේ නූගත් දේශපාලකයන්ගේ ලකුණු දමාගන්න කරන වැඩ...
ඇමැති කෙනෙක් වුණා කියලා මේ වගේ වැඩ කරන එක මදිකමක් කියලා හිතන ජාතියක් ඉන්න රටක්... ඔබතුමාට ජය....
අලි කවද්ද කැරට් කෑවේ?
සතුටුයි ඇමැතිතුමනි, මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ඉටු කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් යෝජනා කර එන්න.
ඇමැතිතුමා දඹුලු ගිහින් තලගොයිත් මැරුවද? අර අන්තිමට තියෙන විශේෂ කතාව දැක්කම අහන්න හිතුනේ.
අලින්ට මෙවැනි කෑම දීම නීති විරෝධියි. විශේෂයෙන් පලතුරු දෙන්න එපා රෝග හැදෙනවා. වැඩේ හොඳ වුණත් ප්‍රතිඵල නරකයි. එ් නිසා ගෙවතුවල හරකුන්ට කන්න දෙන්න.
අමාත්‍යාංශයේ ඉන්න මිනිසුන්ට පින් පඩි දීලා, මෙයා ඒ අයගෙ වැඩේ කරන්නේ ලකුණු දාගන්නද? ඇමැති කෙනෙක් පත් කරන්නේ අමාත්‍යාංශයේ අධීක්ෂණය කරලා කාර්යක්ෂමතාව වැඩි කරන්න මිසක්.., ඇමැති ගිහින් ඉන්නේ වැඩ කරන්න නෙමෙයි. ලේකම්ලා ඉන්නේ මේ වගේ දේවල් පරික්ෂා කරලා ඒවා කරවන්න ක්‍රම වේදයන් සැකසීමටයි.
මම හරි කැමැතියි මෙතුමාගේ වැඩවලට... කරන්න ගියොත් ඕනෑම වැඩක් බොක්කෙන්ම කරනවා.
කොපමණ එළවලු පලතුරු අපතේ යනවද රටේ මෙවැනි තැන්වල. අඩුම තරමේ සතෙකුටවත් කන්න සලස්සවන එක නම් ගොඩක් පින්.
මේ මනුස්සයා විතරයි මිනිස්සු වෙනුවෙන් වැඩක්යෝ ප්‍රායෝගිකව කරන්නේ. ගංවතුර වෙනුවෙන් කොච්චර වැඩක් කලාද? සිංහල අපි වහල්ලු වගේ හොද හොද විදියටත් නරක නරක විදියටත් දකින්නේ නැහැ. එකයි අපි මේ වැඩෙත් මහන්සියට ගරු කරන්න නැත්තේ. අපි කවදාවත් හැදෙන ජාතියක් නෙවෙයි. පිට රටක කෙනෙක් කලානම් කාටත් හොදයි.
මේ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන බොහෝ පලා සහ පලතුරු අලින්ගේ ආහාර සඳහා සුදුසුයි. ඒවා නිකම්ම අපතේ යවනවට වඩා අලින්ගේ ආහාර සඳහා යෙදවීමේ වරදක් නැහැ. මේ අලි වනගතව සිට උන්ට සුදුසු ආහාර කෑවා නම් හොඳයි නමුත්, උන් හොරොව්පතානට ගෙන ඒමට සිදුවුයේ උන්ගෙන් ගම්වාසීන්ට සිදුවූ පහර දීම් නිසයි. දැන් කල යුත්තේ අපට හැකි පමණින් උන්ට ආහාර සැපයීමයි. ඇමතිවරයෙකුට අමාත්‍යාංශය තුල හිරවී තම රාජකාරිය කරන්නට යයි කියා නීතියක් නැහැ. වනජීවී අමාත්‍යාංශයෙන් සිදුවිය යුතු රාජකාරිය මේතාක් කල් හරියට සිදුවුනා නම්, ඇයි රටේ තවමත් වල් අලි උවදුර පවතින්නේ? එම නිසා ඇමතිවරයාට අවශ්‍ය නම් ක්ෂේත්රයට ගොස් තම රාජකාරිය කිරීමේ වරදක් නැහැ. මෙතුමා අද කරන බොහෝ දේ තමන් විසින්ම මාධ්‍යයට දමා ගන්නවා යයි මතයක් තිබුනත්, ඇත්තටම සිදුවන්නේ මාධ්‍යය ඔහු පසු පස ගොස් ඔහු කරන දේ වාර්තා කිරීමයි.
රටේ ජනාධිපතිකමටත් සුදුසු කෙනෙක්... මහ මන්දිරවලට වෙලා අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදල් හොරා කකා ඉන්න ඇමැතිලාට වඩා මේ මනුස්සයා කොච්චර හොඳයිද? රටවල් ගොඩනගන්නේ මේවගේ පහළ ඉඳලා ඉහළට ආ මිනිස්සුමයි.
මෙතුමාට තැපැල් ඇමතිකම දුන්න නම් අපිට ලියුම් ටික වෙලාවට බෙදයි.
මෙයාටත් අනිත් 224 දෙනාට වගේ කාලා බීලා ස්ථුල වෙලා පාර්ලිමේන්තුවට වෙලා නිදාගන්න ඕනෑතරම් පුළුවන්. මෙහෙම හරි සේවයක් කරන කොට අවලාද කියලා වැඩේ ආපස්සට අදින්නත් ඉන්න කට්ටිය හරියටම අර කල්ලිය වගේ...
ඇමැතිතුමාට අගෞරව කරනවා නෙමෙයි... නමුත් ඔබතුමා කළමනාකරුවෙක් මිසක් සේවකයෙක් නෙමෙයි. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා ඇමති තුමා. කළමනාකරුවා සේවකයින්ගෙන් වැඩ කරවා ගන්නවා මිසක් වැඩ කරන්න යන්නේ නැහැ. ඔබ කළයුත්තේ ඔබ යටතේ ඉන්න සේවකයන් ලවා වැඩ කරවා ගැනීමයි. ඔබ අධීක්ෂණය කරන්න වැඩ නොකරන අය ඉවත් කරන්න. වැඩ කරන අය දිරිමත් කරන්න. ඒකයි කළමනාකරුවාගේ වගකීම. ආයෙත් කියන්නම්, ඔබ කළමනාකරුවෙක් මිස සේවකයෙක් නොවේ. ඒක ඔලුවට ගත්තොත් ඔබ දැන් ඔය පැටලෙන අහක යන ප්‍රශ්නත් නිරාකරණය වේවි...