( සිතුම් චතුරංග)
කොටි සංවිධානය යුද සමයේ මුලතිව් , පුදුකුඩිරිප්පු , සුගන්ධිපුරම් අක්කර 10 ප‍්‍රදේශයේ පවත්වාගෙනයනු ලැබූ භූගත ආයුධ ගබඩාවක් තුළ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.
හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිශ්පාධිත මෙතෙක් හමුනොවූ මුහුදු බෝම්බ ඇතුලූ යුද උපකරණද සොයාගත් බව පොලිසිය පැවසීය.
පසුගියදා(18) වැනිදා අදාල ස්ථානයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීමත් සමඟ මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝගයක් මත අදාල ස්ථානය බැකෝ යන්ත‍්‍රයො දා සිදුකළ කැණීම් වලදී පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවූ බව පොලිසිය පවසයි.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර මිලිමීටර 120, 85 , 60 සහ 40 මෝටාර් උණ්ඩ හා ෆියුස් විශාල ප‍්‍රමාණයක් , මුහුදු බිම්බෝම්බ එකක් හා එයට යොදන ෆියුස්, මිලිමීටර 81 ඉලූමෙනේෂන් පැරා බෝම්බ, අත්බෝම්බ 14ක් හා අත්බෝම්බ පැතිකඩ කොටස් 10ක් , ආර්.පි.ජි. බෝම්බ ඇතු`ඵ හදුනා නොගත් බෝම්බ විශාල ප‍්‍රමාණයක් සොයාගෙන තිබේ.
මීට අමතරව සීෆෝ පුපුරණ ද්‍රව්‍ය හා ක්ලේමෝ බෝම්බයක්ද සොයාගත් බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා අදාල ස්ථානයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් භූගත ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවූ බවයි.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය දීර්ඝ කාලයක් පොලොව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් දැඩිලෙස විනාශවී ගොස් ඇති බවද වැඩිදුරටත් පැවසීය. හමුවූ පුපුරණ ද්‍රව්‍ය මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක‍්‍රීය කිරීමට නියමිතව තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටික විජයකලාට ලබා දෙන්න කටයුතු කරන්න කරුණා කරලා...
මෙහෙම වතාවරණයක් පවතිද්දිනේ උතුරේ ඉන්න අය හමුදාව එලවන්න හදන්නේ.