ටී.කේ.ජී.කපිල
කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් අයිස් නම් මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑමට පැමිණි පන්නල පදිංචිකරුවකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කටුනායක ගුවන් තොටේදී ඉන්දියා ජාතිකයා සමඟ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නවාතැන් ගැනීමට සැලසුම් කර තිබූ කාමරය ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අද සෝදිසි කළේය. එම අවස්ථාවේ ඉන්දියන් ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති බව නොදත් වත්තර පදිංචි පුද්ගලයා මත්ද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි බව පොලිසිය කියයි. ඒ අනුව ඔහු ද අත්අඩංගුවට පත් විය.
මෙම සැකකරුවන් දෙදෙනාම අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 26 වැනි දා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශන කාර්යංශය භාරයේ තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලා මරන්න