විදෙස් වෙළඳ නැව්වල නාවිකයන් නිරෝධායනයට බූස්ස කඳවුරට ගාල්ල වරායෙන් රට තුළට පැමිණෙන විදේශ වෙළඳ නෞකාවල සේවය කරනු ලබන නාවිකයන් නිරෝධායන කටයුතු සඳහා ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධාන මධ්‍යස්ථානයක් ද විවෘත කර තිබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය. 24 March 2020
දකුණේ රෝහල්වල කාර්ය මණ්ඩලවලට වියළි ආහාර දීමේ වැඩපිළිවෙළක් දකුණු පළාතේ රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට වියළි ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් අද (24) සිට ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය. 24 March 2020
කන්දකාඩු - පුනානි නිරෝධායනය වු 317 ක් නිවෙස් බලා යති පුනානි සහ කන්දකාඩු කන්දල්කාඩු නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක කාලයක් පුරා නිරෝධායනය වු 317 පිරිසක් අද (24) නිවෙස් බලා පිටත් වු බව හමුදාව පවසයි. 24 March 2020
ඇඳිරි නීතිය කාලයේ අත්අඩංගුවට ගත් පුත්තලමේ 267 කට නඩු පුත්තලම දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවපු දා සිට ඊයේ(23) දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 267 දෙනෙකුට නඩු පවරන බව පොලිසිය කියයි. 24 March 2020
ඇඳිරි නීති කාලයේ දකුණට ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පියවර ඇඳිරි නීතිය පවතින කාලය තුල සමුපාකාර අලෙවිසැල්, සමුපාකාර හරහා කරන ජංගම බෙදාහැරිම් හා පෞද්ගලික අංශය මගින් දකුණේ ජනතාව වෙත හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිමේ සදහා මේ වනවිට මුලික කටයුතු කර ඇති බව දකුණු පළාත් ආහාර සැපයුම් බෙදාහැරීම වෙළඳ හා සමුපාකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඒ.යු වෙලාරත්න මහතා පවසයි. 24 March 2020
වයඹ ඔසුසැල්වල ඖෂධ හිඟයක් පනවා තිබෙන ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් සපයාගත නොහැකිව සිටින බව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ වෙළඳසැල් හිමිවරු ප්‍රකාශ කරති. 24 March 2020
ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 99 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද උදෑසන වන විට 99 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 24 March 2020
කොරෝනා විෂබීජහරණය කළ හැකි වායු සමීකරණ යන්ත්‍රයක් කොරෝනා නිරෝධායන කටයුතු සඳහා භාවිතා කළ හැකි වායු සමීකරණ යන්ත්‍රයක් සහ සයනයක් නිර්මාණය කිරීමට බද්දේගම කාර්මික ශිල්පියෙක් සමත්ව සිටී. 24 March 2020
බ්‍රිතාන්‍යයට ඇතුළුවීම-පිටවීම තනහම් කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් මරණ 335ක් වාර්තා වීමත් සමග අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා, රට සම්පූර්ණයෙන් ම හුදකලා කිරීමේ ක්‍රියාදාමයක් ප්‍රකාශයට පත් කළේය. 24 March 2020
දකුණේ නිරෝධායනයට යොමුවූවන්ට දේශීය ඖෂධවලින් සැකසූ පානයක් දේශීය ඖෂධ වර්ග යොදා සකස්කරණු ලැබු විශේෂ පානයක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සදහා බෙදාදීමට පියවරගෙන ඇතිබැව් දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සි.එල් ගුරුගේ මහතා පවසයි. 24 March 2020
ඇඳිරි නීතිය පැනවුවද අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙඳසැල් විවෘතව තබන්න අවසර කොළඹ ගම්පහ පුත්තලම යන ප්‍රදේශවලට නැවත පස්වරු 2ට ඇඳිරි නීතිය පැනවුවද වෙළඳසැල් වල සිටින අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙදසැල් විවෘත කිරිමට අවසර දී ඇති බව පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා පැවසීය. 24 March 2020
කොළඹට ගම්පහට පුත්තලමට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් වෙයි කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්කයට හා උතුරු පළාතට ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 24 March 2020
කොරෝනා ආසාදිතයකු පැමිණි පානදුර වෛද්‍ය මධ්‍යස්ථානයකට මුද්‍රා කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියෙකු පානදුර නගරය ආසන්නයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයකට පසුගිය දිනක පැමිණි බවට ලද තොරතුරකට අනුව එම වෛද්‍ය මධ්‍යස්ථානය ඊයේ(23) රාත්‍රී සිට මුද්‍රා තැබූ බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 24 March 2020
ඇඳිරි නීතිය කඩ කළ 2262ක් අත්අඩංගුවට කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා සිට පනවන ලද ඇඳිරිනීතීය කඩකළ පුද්ගලයින් 2262 දෙනෙකු දිවයිනේ විවිධ පොලිස්ථාන වලින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 24 March 2020
’මුඛ ආවරණ අත්‍යවශ්‍ය නැහැ’ කොවිඩ් - 19 පැතිරෙන්නේ සමීපවන්නන් අතර බැවින් හා එහි සමාජයීය පැතිරීමක් තවමත් දක්නට නොමැති බැවින් මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය නොවන බවත් ඇතැම් ස්ථාන වලට මුණ ආවරණ නොමැති පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කිරීම වැරදි ක්‍රියාවක් බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 24 March 2020
ස්වයං නිරෝධායනය අවසන් කළ සංචාරකයෝ 4ක් පිටව යති බද්දේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ප්‍රංශ හා එංගලන්ත ජාතිකයින් සිව්දෙනෙකු නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශය මත මෙරටින් පිටත්ව ගිය බව බද්දේගම පොලිසිය පවසයි. 24 March 2020
ඩෙන්මාර්කයට ඇතුළු වීම පිටවීම තහනම් කොරෝනා වයිරසය මැඩලීම සඳහා ඩෙන්මාර්කයට අප්‍රේල් 13 දක්වා ඇතුළු වීම සහ පිටවීම තහනම් කර, හුදකලා නගරයක් කිරීමට රජය පියවර ගෙන ඇත. 24 March 2020
ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළට මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 23 March 2020
ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 94 දක්වා ඉහළට කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 3 දෙනකු පිළිබඳව අද (23) පස්වරුවේ තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. 23 March 2020
ඉතාලියෙන් පැමිණි පිරිසක් හඳුනාගන්න පොලිසිය සහය පතයි ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය නොවී සිටින පිරිසකගේ තොරතුරු පොලිස් මූලස්ථානය විසින් හෙළිකරගෙන ඇත. 23 March 2020
සංක්‍රමණික කම්කරුවෝ දස දහස් ගණනක් තායිලන්තය හැර යති තායිලන්තයේ කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා නව සීමාවන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සංක්‍රමණික කම්කරුවන් දස දහස් ගණනක ආසන්න රටවලට පිටත්ව ගිය බව වාර්තා වේ. 23 March 2020
කල්පිටිය විෂ බීජ හරණයට ලක් විජය උදව් වෙයි කල්පිටිය ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශයේ සියලු නගර හා ජනතාව බහුලව ගැවසෙන පොදු ස්ථාන විෂබීජහරණයට ලක් කිරීම අද (23) කල්පිටිය ප්‍රාදේශීය සහාව විසින් සිදුකෙරිණි. 23 March 2020
මුඛ ආවරණ 5000 ක් නොමිලේ බෙදා දෙයි දෙනියාය ,වරල්ල සමීර ඇපරල්ස් පෞද්ගලික සමාගම මුඛ ආවරණ 5000 ක් නොමිලේ මසා බෙදාදීමේ වැඩ සටහනක් අද (23) වරල්ල ප්‍රදේශයේ දී ක්‍රියාත්මක කෙරුණි . 23 March 2020
ඉරානය ඇමෙරිකානු ආධාර ප්‍රතික්ෂේප කරයි ඉරානයේ කිරීටක වයිරසය පැතිරීම වැළැක්වීමට උදව් කිරීමට ඇමරිකාවට අවශ්‍ය නම් ඔවුන් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව ඉරාන ජනාධිපති හසන් රුහානි පවසයි. 23 March 2020
වූහාන් නගරයට යළිත් වසන්තය උදාවෙයි කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ වූහාන් නගරය අද (23) වනවිට යථා තත්ත්වයට පත්වීමත් සමග වූහාන් නගරයේ සියලු කටයුතු වසා දැමීමේ ක්‍රියාවලිය අද සිට ලිහිල් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ. 23 March 2020
ජර්මනියේ කොරෝනා මරණ 86 යි ජර්මනියේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ ගොස් තිබේ. 23 March 2020
අවශ්‍යතාවය මත නිරෝධායන මධ්‍යස්ථාන 2ක් පිහිටුවිමට සැලසුම් ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සදහා වක්වැල්ල කළමණාකරණ පුහුණු මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණ යොදාගැනිමට සැලසුම් කර ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. 23 March 2020
රත්නපුරේ කොරෝනා යැයි සැක පිරිස් සංඛ්‍යාව අඩුවෙයි කොරෝනා යැයි සැකකරමින් රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට් රෝගින් ගෙන් නම දෙනෙකුට වයිරසය ආසාදිත වි නොමැති බවට තහවුරු විමෙන් පසු ඔවුන් රෝහලෙන් පිටත්ව ගොස් තිබේ . 23 March 2020
කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රවාහනයට ලංගම බස් 27 ක් දකුණු පලාතේ ඇති සියලුම රජයේ රෝහල්වල සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාල සීමාවන් තුළදී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු ප්‍රාදේශීය කාර්යාලය මගින් අද (23) බස් රථ විසිහතක් යොදවා ඇතැයි ප්‍රධාන ප්‍රාදේශීය කලමනාකාර කළමනාකාර ආර්.ඒ. ප්‍රභාත් කුමාර මහතා පවසයි. 23 March 2020
කොංගෝවෙත් කොරෝනා කොංගෝවේ තඹ සහ කෝබෝල්ට් පතල් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ හවුට් කටංගා පළාත පැය 48ක් සඳහා අගුලු දමා ඇත. 23 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026