(ජේ.කේ.එල් චාමින්ද)
දේශීය ඖෂධ වර්ග යොදා සකස්කරණු ලැබු විශේෂ පානයක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සදහා බෙදාදීමට පියවරගෙන ඇතිබැව් දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සි.එල් ගුරුගේ මහතා පවසයි.
මෙම පානය සකස්කර ගැනීම සඳහා දේශීය ඖෂධ යොද විශේෂිත කුඩ වර්ගයක් සකස්කොට ඇති බවත් ප්‍රජා සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් ඉල්ලීම් ලැබෙන ආකාරය අනුව එවා බෙදාදීමට කටයුතු කර ඇති බවද ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේය. මෙකි පානය ආයුර්වේද රෝහල්වල සේවය කරණ සේවකයින්ට ද ලබාදීමට පියවරගෙන ඇති බවද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා සදහන් කළේය.
'මීට අමතරව විෂබීජහරණය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් දුම් කුඩක් සකස්කොට තියෙනවා. දුමායන කිරීම සදහා එම දුම් කුඩ ලබාදීමට කටයුතු කරනවා. දැනට වයිරසය ආසාදනයට ලක්නොවී සිටින කණ්ඩායම ගම්මට්ටමින් ආරක්ෂා කිරීම සඳහා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් කමිටු පිහිටුවා තියෙනවා. මේ අයට උපදෙස් ලබාදිලා ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස දැනුවත් කරනවා' යැයිද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා සදහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දකුණේ නිරෝධායනයට යොමුවූවන්ට දේශීය ඖෂධවලින් සැකසූ පානයක්