නිරෝධායනය ප්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග ස්වයං නිරෝධායනය කි‍්‍රයාවලියට ලක් වීමට ලබාදුන් උපදෙස් ප්‍රතික්ෂේප කර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන මහියංගන ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් මහියංගන අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි. 23 March 2020
කොරෝනා පාලනයට ජනපතිගෙන් විශේෂ අරමුදලක් කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරිම හා සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරිමට විශේෂිත අරමුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපනය කර තිබෙි. 23 March 2020
පොළොන්නරුව මහ නගර සභාවේ දිනක සේවක වැටුප කොරෝනා ආසාදිතයින්ට පොළොන්නරුව මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රිවරුන්ගේ සහ සේවකයින්ගේ දිනක වැටුප වැලිකන්ද මුලික රෝහලේ කොරොනා රෝගීන් වෙනුවෙන් අද (23) පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත නගරාධිපතිවරයා පරිත්‍යාග කලේය. 23 March 2020
පකිස්ථානයේ ප්‍රථම කොරෝනා ආසාදිතයා මරුට පකිස්ථානයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ. 23 March 2020
ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. 23 March 2020
ගාල්ලේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළක් පවතින ඇදිරි නීතිය තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ විශේෂ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 23 March 2020
කොරෝනා වයිරසයෙන් මිය ගිය ගණන 15,000 පනී ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (23) පස්වරුව වනවිට ලොව පුරා මියගිය ගණන 15,000 ඉක්මවා ගියේය. 23 March 2020
වයඹ පළාතෙන් ආසාදිතයන් 6යි වයඹ පළාතේ මේවනවිට කොවිඩ් 19 ආසාධිතයන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව වයඹ පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික පතිරාජ මහතා පැවසීය. 23 March 2020
රත්තොට වැඩිහිටි දීමනා නිවාසවලටම ඇවිත් දෙයි පවත්නා වාතාවරණය මත තැපැල් කාර්යාල මගින් වැඩිහිටි දීමනා ගෙවීමේ අපහසුතාව මත අදාළ දීමනා ග්‍රාම නිලධාරින් මගින් ගෙවීමට රජය ගත් තීරණය අනුව රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු ඒ සදහා අවශ්‍ය කටයුතු අද(23) සම්පාදනය කළහ. 23 March 2020
මඩකලපුවෙන් - වැලිකන්දෙන් තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගොඩනැගිල්ලක් තුළ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සිවිල් ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබිණ. 23 March 2020
කඩුවෙල වැසියන්ට වියළි සලාක නිවසටම සපයයි කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි ජනතාවට අවශ්‍ය අත්යවශ වියළි ආහාර ද්‍රව්‍ය නිවසටම ලබා දීම් සේවාවක් ආරම්භ කළ බව කඩුවෙල මහ නගර සභාවේ නගාරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පවසයි. 23 March 2020
දෙනියාය රෝහලේ කාර්ය මණ්ඩලය නේවාසික ස්ථානවලින් එළවාදමති රටේ පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන් දෙනියාය මූලික රෝහලේ කාර්ය මණ්ඩල නේවාසිකව සිටි ඇතැම් පෞද්ගලික කුලී නිවාස හිමිකරුවන් ඔවුන්ට තවදුරටත් එම ස්ථානවල රැඳී සිටීමට ඉඩ කඩ ලබාදීමට අකමැත්ත පළකර සිටි හෙයින් එම කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා අද (23) පැවසීය. 23 March 2020
කරාපිටියේ රෝහලේ කොරෝනා යැයි සැක රෝගීන් තිදෙනයි කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක සහිත රෝගීන් රඳවා සිටින විශේෂිත වාට්ටුවේ අද (23) සවස වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ නේවාසික ව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් තිදෙනෙකු පමණක් බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 23 March 2020
රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්යනොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 23 March 2020
ලොව පුරා කොරෝනා රෝගීන් 336,000යි කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ගෝලීය බලපෑම (අද (23) පස්වරු 4.45 වනවිට) මෙසේය. 23 March 2020
අඹගමුවේ නිරෝධායනයට යොමු වූ පවුල් 67කට නොමිලේ වියළි සලාක අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වයිරසය හේතුවෙන් නිරෝධානයට යොමු කළ පවුල් 67 ක් සඳහා නොමිලේ වියළි සලාක බෙදාදීමේ වැඩසටහනක් අඹගමුව ප්‍රදේශීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ක්‍රියාත්මත කළ බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසීය. 23 March 2020
වතුකම්කරුවෝ කබලෙන් ලිපට පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට උඩරට වතුකරයේ නගරවලට පැමිණි වතු කම්කරුවන් අද (23) පස්වරු 2.00 වනවිටත් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටි අයුරු දැක ගන්නට ලැබිණි. 23 March 2020
පළමු ආසාදිතයා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලෙන් පිටව ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. 23 March 2020
සුවසැරිය වෙනුවෙන් ඉල්ලීමක් මේ වනවිට සුවැසැරිය ගිලන් රථ සේවයට රෝහල් වෙත ජනතාව රැගෙන යාම සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර මොවුන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක් අනවශ්‍ය ඉල්ලීම් බව දැනගන්නට ඇත. මේ නිසා අප පුරවැසියන් ලෙස මේ තීරණාත්මක අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරමු... 23 March 2020
‘ඉන්ධන හිඟයක් ගැන අනවශ්‍ය බියක් එපා‘ අවශ්‍ය තරම් ඉන්ධන තොග රට තුළ තිබෙන බැවින් ජනතාව ඉන්ධන හිඟයක් ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ඛණීජ තෙල් සංස්ථාවේ සභාපති නිතීඥ සුමිත් විජේසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 23 March 2020
කොරෝනා විෂබීජහරණයට එතනෝල් නිපදවීමට ලංකා සීනි සමාගම සූදානම් මේ දිනවල රටේ පවතින ජාතික ආපදා තත්වය සැලකිල්ලට ගෙන රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් කෙරෙන ඉල්ලීම් සඳහා කොරෝනා විෂබීජහරණයට එතනෝල් නිපදවීම අඛණ්ඩව සිදුකරන බව ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලදාරී ගාමිණී රාසපුත්ර මහතා පවසයි. 23 March 2020
ලොව පුරා කෝටි 100 ක් ජනතාව නිවාසවල ලොව පුරා රටවල් සහ පරිපාලන ප්‍රදේශ 50කට වැඩි සංඛ්‍යාවක් බිලියන 1කට වැඩි සිය ජනතාවට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග කර ඇත. 23 March 2020
නියාගම වැසියන්ට අන්තර්ජාලයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇණවුම් පහසුකම් ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු භාණ්ඩමිලදී ගැනීම සදහා වෙළඳසැල්වලට පැමිණෙන ජනතාව සීමා කිරීමේ අරමුණින් අන්තර්ජාලයෙන් භාණ්ඩ නිවසටම ගොස් ලබාදීමේ වැඩසටහනක් නියාගම ප්‍රාදේශීය ලේකම්කාර්යාල මගින් අද (23) ආරම්භ කර තිබේ. 23 March 2020
විදේශීය රටවල සිට පැමිණි 210 ක් ස්වයං නිරෝධායනයට මාර්තු මස පළමු වැනිදා සිට මේ දක්වා විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 210 ක් ලියාපදිංචි කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි. 23 March 2020
ඉන්දියාවේ නගර 80ක සියලු කටයුතු නවතා දමයි ඉන්දියාවේ නගර 80කට ආසන්න සංඛ්‍යාවක කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට ඉන්දීය බලධාරීහු අද (23) පියවර ගත්හ. 23 March 2020
බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාංගන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙයි බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩාංගන කොරෝනා වයිරසය සඳහා ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථාන බවට පත්කිරීම සඳහා ලබාදීමට එරට පාපන්දු සංගම් තීරණය කර ඇත. 23 March 2020
ඇඳිරි නීතිය තිබියදී සූදු කෙළි පිරිසක් පහරදී පොලිසියේ දෙදෙනෙකු රෝහලේ මෙදේරිපිටිය ප්‍රදේශයේ දී ඇඳිරිනීතිය කඩ කරමින් මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩාවේ යෙදී සිටි කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පිරිස පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකෙ තුවාල ලබාදෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 23 March 2020
කොරෝනා ආසාදිතයකු සිටි නොර්වුඩ් සංචාරක නිකේතනයකට මුද්‍රා තබයි කොවිඩ් 19 වයිරසය වැළඳුණු සංචාරකයන් ප්‍රවාහනය කරන රියදුරෙකු රැඳී සිටි නොර්වුඩ් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් මුද්‍රා තබා සංචාරක නිකේතනයේ හිමිකරුගේ නිවස , ඔහුට අයත් ගාරාජයක් සහ පවුලේ සමාජිකයන්ව අද(23) දින නිරොධානයකට යොමු කිරීමට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පියවර ගත්හ. 23 March 2020
වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා කොරෝනා වයිරසය ආසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කළ පුද්ගලයෙකුගේ 88 හැවිරිදි මවට, 51 හැවිරිදි බිරිඳට සහ 23 හැවිරිදි දියණියටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය. 23 March 2020
ඇමෙරිකානු හඬ ගොඩනැගිල්ල නිරෝධායන කටයුතුවලට වෙන්කෙරේ හලාවත ඉරණවිල පිහිටි ඇමරිකානු හඬ සම්ප්රේශනාගාර ගොඩනැගිල්ල කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැකකරන පුද්ගලයින් නිරෝධායනය කිරීම සදහා වාට්ටු සංකිර්ණයක් බවට පත් කර තිබේ. 23 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026