බිත්තර මිල පහළට බිත්තර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා පැවසීය. 23 March 2020
ඒ 9 මාර්ගය ඊරට්ටපෙරියකුලමෙන් වහයි උතුරු පළාතේ ජනතාවට තම පදිංචි දිස්ත්‍රික්ක වලින් පිටතට නොයන ලෙස තහනම් කිරීමත් සමඟ ඊයේ (22) සිට උතුරු පළාතට ඇතුළුවන යාපනය නුවර ඒ නවය මාර්ගය ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානය අසලින් වසාදැමීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය. 23 March 2020
මධ්‍යම පළාතට විෂබීජනාශක ඉසින යන්ත්‍ර 300ක් ප්රදානය කෙරේ මෙරට පැතිරී යන නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා විෂබීජහරණයට අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර 300 ක් මධ්‍යම පළාතේ ආයතනයන්ට ලබාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) සිදු කෙරිණි. 23 March 2020
පුද්ගලයින් 580 ක් උතුරේ නිරෝධායනය මධ්‍යස්ථානවල විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ගෙන් 580 දෙනෙකු ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වන බවට ගුවන් හමුදාව පවසයි. 23 March 2020
භාණ්ඩ අපනයනයට සහන සලසයි භාණ්ඩ අපනයනය කරගත නොහැකිව ගැටලු වලට මුහුණ පා සිටින ව්‍යාපාරිකයින්ට සහන ලබාදීමට මෙන්ම අපනයනය කිරීම සදහා නිමාකර ඇති භාණ්ඩ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ අපනයනය කරවීම සදහා සහන සැළසීමට කටයුතු යොදා ඇතැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 March 2020
ඇඳිරි නීතිය යළි පනවා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරයි ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. 23 March 2020
ඇදිරිනීතිය යළි දීර්ඝ කෙරේ දැනට ඇදිරිනීතිය ඉවත්කර ඇති ප්‍රදේශවලට අද පස්වරු 2.00 සිට 26 වැනිදා උදෑසන 6.00 දක්වා යළි ඇදිරිනීතිය පැනවීමටත් දැනටත් ඇදිරිනීතිය පවතින ප්‍රදේශයන්හි හෙට උදෑසන 6.00 ට එය ඉවත් කරන නමුත් යළි දහවල් 12.00 සිට 27 වැනිදා උදෑසන 6.00 දක්වා ඇදිරිනීතිය පැනවීමටත් රජය තීරණය කර තිබේ. 23 March 2020
’බැංකු ණය කපා ගැනීම තාවකාලිකව නතර කරනවා’ රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ සමාන්‍ය පරිදි ආර්ථිකය පත්වන තුරු ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත් නිවාස ණය මෙන්ම සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත. 23 March 2020
පෝලන්ත ජාතිකයින් දෙදෙනකු කරාපිටියේ විශේෂිත වාට්ටුවකට පොලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23) අලුයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය. 23 March 2020
ස්විස් පුජකයාගේ මෙහෙයට සහභාගී වු බැතිමතෙකුටත් කොරෝනා යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ස්විස්ටර්ලන්තයේ පූජකවරයාගේ දේව මෙහෙයට සහභාගී වූ බැතිමතෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් එම රෝගියා අයි.ඩී.එච්. රෝහලට මාරුකර යැවූ බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය. 23 March 2020
විදේශයෙන් ආ 101 නිරෝධායනය කර සමාජ ගත කරති විදෙස් රටවල් ගණනාවකින් මෙරටට පැමිණ ඇති 101 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන් සමාජගත කිරීම සිදුකර ඇතැයි හලාවත සෞඛ්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 23 March 2020
මිලානෝහි පූජකවරයෙක් කොරෝනා වැළදී මියයයි මිලානෝහි විදේශීය සංක්‍රමිකයන් බාරව සිටි මොන්සිඤෝර් ජන්කාර්ලෝ මාහිමිපාණෝ කොරෝනා වයිරසයට ගොදුරුවී මියගිහ. 23 March 2020
වයිරසය පාලනයට පකිස්තාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු දුරකථන සංවාදයක පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා කොවිඩ් නයිටීන් හෙවත් නව කෙරෝනා වයිරසට ව්‍යාප්තිය සම්බන්ධයෙන් , මෙරට විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතො සමග දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කර ගෙන ඇත. 23 March 2020
බකිංහැම් මාලිගයේ සහායකයකුට කොරෝනා බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජින වාසය කරන බකිංහැම් මාලිගයේ සහායකයකුට කොවිඩ් - 19 වයිරසය ශරීරගත වී ඇතැයි තහවරු වීමත් සමගම එම පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ රාජකීය ගෘහසේවකයන්ට ස්වයං හුදකලා වීමට නියෝග කර තිබේ. 23 March 2020
රජයෙන් මහජනතාවට උපදෙස් කොරෝනා හෙවත් COVID 19 වෛරසයරට තුළ ව්‍යාප්තවීම නතර කර ජන ජිවිතය සුරක්ෂිත කිරීම සඳහා හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමඟ මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී. 23 March 2020
නවසීලන්තය සති හතරක් වසා දමයි ලෝකයේ අනෙක් රටවල මෙන් කොරෝනා ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන වේගයෙන් ඉහළ යෑම වළක්වා ගැනීම සඳහා සති හතරක කාලයකට රටේ කටයුතු සම්පූර්ණයෙන් සීමා (ලොක්ඩවුන්) කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් අද (23) ප්‍රකාශ කළාය. 23 March 2020
ඉරානයේ කොරෝනා මරණ 129 යි ඉකුත් පැය 24ක කාලයේදී කොරෝනා මරණ 129 වාර්තා වන්නේ යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (22) නිවේදනය කළේය. 23 March 2020
ගාසා තීරයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වන බවත් ඔවුන් සිටින්නේ ගාසා තීරයේ බවත් පලස්තීන බලධාරිහු ඊයේ (22) නිවේදනය කළහ. 23 March 2020
ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල බැංකු විවෘත කරන්න උපදෙස් ඇඳිරිනීතිය ඉවත් කළ සියලු ප්‍රදේශවල තිබෙන සියලු බැංකු විවෘතව තබන්නැයි රජය ඉල්ලීමක් කර ඇත. 23 March 2020
ඩීසල්-පෙට්‍රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 81,200 ක් රැගත් ටැංකි 14 කින් සමන්විත දුම්රියක් අද (23) පෙරවරු 9 ට කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට පේරාදේණිය දක්වා ධාවනය වූ බව ලංකාඛනිජ තෙල් සංස්ථාව පවසයි. 23 March 2020
’ටෝකියෝ ඔලිම්පික් උලෙළ පවත්වන්න බෑ’ කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් උලෙළ පැවැත්වීමට නොහැකි බව මේ වනවිට පැහැදිලි යැයි ද ඒ අනුව 2021 වසරේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් සුදානම් වන්නැයි ද ඔස්ට්‍රේලියානු ඔලිම්පික් බලධාරිහු අද (23) ප්‍රකාශ කළහ. 23 March 2020
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව්දෙනා ස්වයං-නිරෝධායනයට ගාල්ල බන්ධනාගාරයේ රැඳයන් සිව්දෙනෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවීම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව්දෙනා ස්වයං නිරෝධනයට ලක්කර ඇති බැව් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 23 March 2020
ආසාදිතයන් රඳවන්න දකුණේ රෝහල් 8 කට ප්‍රතිපාදන කෙරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් හමුවුවහොත් ඔවුන් තාවකාලිකව ඇඳවීම සඳහා දකුණු පළාතේ ප්‍රාදේශීය රෝහල් 8කට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරගැනීම සඳහා ප්‍රතිපාදන ලබාදී ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි. 23 March 2020
කොරෝනා බියෙන් කොලොම්බියාවේ බන්ධනාගාරයක උද්ඝෝෂණ - රැඳවියන් 23ක් මරුට කොලොම්බියාවේ බන්ධනාගාරයක හටගත් නොසන්සුන්තාවකින් රැඳවියෝ විසිතුන් දෙනෙක් මරණයට පත්ව තවත් අසූතුන් දෙනෙක් තුවාල ලැබූහ. 23 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 87 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 87 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. 23 March 2020
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ විශේෂිත වාට්ටුවට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකුට උණ සහ උගුරේ ආසාදන තත්වයන් ඇතිවීම නිසා අද(22) කරාපිටියට රෝහලට ඇතුලත් කර තිබේ. 22 March 2020
රෝහල්වල වැඩිපුර රුධිර සංචිත පවත්වාගෙන යාමට තීරණයක් කෝවිඩ් 19 වෛරසය පැතිර යායාමට තීරණයක්මේ අවදානම සම්බන්ධයෙන් 21 වැනිදා ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම පිණීස රටපුරා රෝහළ් වල රුධිර සංචිත පවත්වාගැනීමට තීරණය කළ බව බළන්ගොඩ මූළීක රෝහලේ වෛද්‍ය කේ.ජේ.කේ කොතලාවල මහතා පැවසීය. 22 March 2020
මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය වයස 41 ත් 50 ත් අතර පුද්ගලයින් මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය වයස 41 ත් 50 ත් අතර පසුවන පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. 22 March 2020
මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි කොරෝනා වසංගතය මර්ධනය සදහා සමස්ත ජාතියම පියවර ගෙන ඇති මොහොතක ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල්පත් බෙදාහරින්නැයි මනු කියවන්නට කර ඇති නියෝගය වහාම අවලංගු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි. 22 March 2020
පැය විසිහතරක දී ඉරානයේ කොරෝනා මරණ 129 ක් ඉකුත් පැය 24ක කාලයේදී කොරෝනා මරණ 129 වාර්තා වන්නේ යැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය අද (22) නිවේදනය කළේය. 22 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026