(ලලිත් නවරත්න)
විදෙස් රටවල් ගණනාවකින් මෙරටට පැමිණ ඇති 101 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන් සමාජගත කිරීම සිදුකර ඇතැයි හලාවත සෞඛ්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවැන් විසින් කරන ලද සොයා බැලීමකදී මෑතකදී විදෙස්රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 178 දෙනෙකු හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුළ සිටින බවට තොරතුරු අනාවරණය වී
ඇත.
ඒ අනුව එම පදිංචිකරුවන් හට නිවෙස්වලදීම නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
මේ සඳහා අවම වශයෙන් දින 14ක කාලයක් ගතවන බව පවසන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් අනතුරුව නිරෝගී බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් සමාජගත කරනු ලැබේ.
ඉදිරිදින වලදී සෙසු පිරිස ක‍්‍රමයෙන් සමාජගත කිරීමට සියලූ කටයුතු ආරම්භකර ඇතිබව ඔවුන් වැඩි දුරටත් පවසයි.
ස්වයං නිරෝධායනයට ලක්වූවන් නැවත ඔවුන්ට කොවිඞ් 19 වයිරසයආසාදනය වීමට ඉඩ ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන්ආරක්ෂාකාරීව හා නියම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සිටින ලෙසට හලාවත
සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඩබ් ඩී එස් අමරසිරි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදේශයෙන් ආ 101 නිරෝධායනය කර සමාජ ගත කරති