IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


භාණ්ඩ අපනයනයට සහන සලසයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

භාණ්ඩ අපනයනය කරගත නොහැකිව ගැටලු වලට මුහුණ පා සිටින ව්‍යාපාරිකයින්ට සහන ලබාදීමට මෙන්ම අපනයනය කිරීම සදහා නිමාකර ඇති භාණ්ඩ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ අපනයනය කරවීම සදහා සහන සැළසීමට කටයුතු යොදා ඇතැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.


‘කොවිඞ් 19’ හෙවත් කෙරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සදහා රජය ගෙන ඇති පියවර හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අපනයනය කිරීම සදහා නිමාකර ඇති භාණ්ඩ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ නිසි වේලාවට අපනයනය කිරීමට නොහැකි වුවහොත් නැවත ඇණවුම් නොලැබීමේ ප‍්‍රවනතාවයක් ඇතැයි පෙන්වා දෙමින් අපනයන ව්‍යාපාරිකයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නැවත ඇණවුම් නොලැබීමේ තත්වයක් උද්ගත වුවහොත් රටට ලැබිය යුතු ආදායම අහිමි විය හැකි බවට අපනයන ව්‍යාපාරිකයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබදව සොයා බලා අදාළ අංශ සමඟ සාකච්ඡුා කොට කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්න මහතාට අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට උපදෙස් ලබාදී ඇත.

ඇදිරි නීතීය හේතූවෙන් නෞකා ඒජන්තවරුන් සිය සේවා කටයුතු වලින් ඉවත්වී ඇති බවත් ඒ හේතුවෙන් සිය නිෂ්පාදනයන් අඩංගු බහාලූම් අපනයනය කිරීම පිළිබදව ගැටලු මතුවී ඇති බවත් ව්‍යාපාරිකයින් ඉදිරිපත් කරන ලද කරුණු කෙරෙහි අවධානය යොමු කොට මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධ ගැටලු ඇත්නම් අපනයන අධ්‍යක්‍ෂ දර්ශන ද සිල්වා 0714458476 නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රේගු (අපනයන) සෙනෙවිරත්න 0777300372 නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රේගු සලීම් 0777358168 අධ්‍යක්‍ෂ බහාලූම් පරීක්‍ෂණ පෙරිම්පනායගම් 0777274879 සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සුනිල් ජයරත්න 0777484664 යන මහත්වරුන්ට දැනුම් දෙන ලෙසද ව්‍යාපාරිකයින්ට දැනුම් දෙයි.



අදහස් (0)

භාණ්ඩ අපනයනයට සහන සලසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31361 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13579 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 993 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site