IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ස්විස් පුජකයාගේ මෙහෙයට සහභාගී වු බැතිමතෙකුටත් කොරෝනා

(රොමේෂ් මධුෂංඛ)

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ස්විස්ටර්ලන්තයේ පූජකවරයාගේ දේව මෙහෙයට සහභාගී වූ බැතිමතෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් එම රෝගියා අයි.ඩී.එච්. රෝහලට මාරුකර යැවූ බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා කියා සිටියේය.

අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ස්විස් කිතුනු පල්ලියක ස්විස්ටර්ලන්තයෙන් පැමිණි පූජකවරයකු විසින් පැවත්වූ දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව , මන්නාරම හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි බැතිමතුන් 150 ක් පමණ සහභාගී සිට ඇති අතර දේව මෙහෙය පැවත්වූ පූජකවරයා නැවත එරටට ගිය පසු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අනතුරව එම පූජාවට සහභාගී වූවන් සොයා ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් පරික්ෂණ අරඹන කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට අදාල පූජාවට සහභාගී වූ පිරිසෙන් 40 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඉන් යාපනය ශික්ෂණ රෝහලට තිදෙනෙක් ද වව්නියාව මහරෝහලට 09 දෙනෙක්ද සිරුරේ ඇති වූ අසනීප හා උණ තත්වයන් හේතුවෙන් ඇතුළත් වි තිබේ.

එසේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් වූ රෝගීන් තිදෙනාගෙන් එක් අයෙකුට සිදුකරන ලද පරික්ෂණ වලදී කොරෝනා වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීම පසු එම රෝගයා අයි.ඩී.එච්. රෝහලට යවා තිබේ.

අනෙක් රෝගීන්ට වයිරසය ආසාදනය වී ඇත්දැයි යන්න පරික්ෂණ කටයුතු තවමත් සිදු කෙරෙන බවටද වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා වැඩි දුරටත් පැවසීය.



අදහස් (2)

ස්විස් පුජකයාගේ මෙහෙයට සහභාගී වු බැතිමතෙකුටත් කොරෝනා

nishantha Monday, 23 March 2020 08:15 AM

ආගම් ඇදහීම මෙතැන් පටන් වත් නතරකර මනුෂ්‍යත්වයට මුල්තැන දී නීතිගරුකව ජිවත් වීම මෙම කොරෝනා වයිරසයෙන් අපට කියාදෙන පණිවිඩයයි.

:       0       7

PerakumMonday, 23 March 2020 09:14 AM

ආගම් නිසා මෙතෙක් සිදුවී ඇති හා දැනමත් සිදුවෙමින් පවතින විනාශ, අපරාධ, යුද්ධ යනාදිය නිසා මිනිස් වර්ගයාට සිදුවී ඇති හානිය අසීමිතය. ගණනයකළ නොහැක. ආගම් නොතිබුනා නම් අද මේ ලෝකය කොතරම් සුන්දර තැනක්ද...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31361 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13579 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 993 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site