(ජේ.කේ.එල් චාමින්ද)
පොලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23) අලුයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශයෛක් පැවසිය.
මෙම පොලන්ත ජාතිකයින් දෙදෙනා ජාත්‍යන්තර මුහුදු තිරයේ ගමන් කරන විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් දෙදෙනෙකු බවද රෝහල් ආරංච් මාර්ග සදහන් කරයි.
මොවුහු 44 හා 37 වැනි වියේ පසුවන අය වෙති.
පසුගිය 3 වැනිදින මෙකි පොලන්ත ජාතිකයින් දෙදෙනා මෙරටට පැමිණ ඇති අතර ඔවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් ගාල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සිට ඇත.
වෛද්‍ය උපදෙස් මත මොවුන් රෝහල්ගතකර ඇත.
කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත ඒකකයේ අද (23) වනවිට රෝගින් තිදෙනෙකු ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රකාශයෛක් සඳහන් කළේය.
බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 17 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර එම පිරිස අතර බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු ද සිටින බව පැවසේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පෝලන්ත ජාතිකයින් දෙදෙනකු කරාපිටියේ විශේෂිත වාට්ටුවකට