කරන්දෙනියේ පුද්ගලයින් 323 ස්වයං නිරෝධායනයට කරන්දෙනියේ පුද්ගලයින් 323 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 24 March 2020
ගුවන් හමුදාවෙන් විෂබීජ නාශක ඉසින කතාව අසත්‍යයි කොරෝනා වයිරසය මැඬ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව විසින්, හෙලිකොප්ටර් යානා යොදාගනිමින් විෂබීජ නාශක ඉසින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි. 24 March 2020
අටුළුගම දුගී පවුල් වලට වියළි ආහාර පාර්සලයක් බණ්ඩාරගම අටුළුගම දුගී පවුල් වෙත රුපියල් 1,500 වටිනා කමින් යුත් වියළි ආහාර අඩංගු පාර්සල් බෙදා දීමක් බමුණුමුල්ල පල්ලියේදී අද (24) සිදු කෙරුණී . 24 March 2020
සුළු වැරදි-ඇප කොන්දේසි සම්පූර්ණ කළ රැඳවියන්ට සහනයක් සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. 24 March 2020
බ්‍රිතාන්‍ය - දකුණු අප්‍රිකාව සති තුනක කාලයක් වසා දමයි ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය පැතිර යෑමේ වේගය අඩු කිරීම සඳහා සති තුනකට රට වසා දමන බව බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළේය. 24 March 2020
ඇඳිරි නීතියෙදිත් රටපුරා ඖෂධ ශාලා විවෘතයි ඇඳිරි නීතිය පවතින කාලය තුළ රටපුරා ඖෂධ ශාලා විවෘතව තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 24 March 2020
‘පාර්ලිමේන්තුව කැඳවන්නැයි කළ ඉල්ලීමෙන් පළක් නෑ‘ පාර්ලිමේන්තු විසුරුවා නැති රටවල පවා මේ ආපදා තත්ත්වයත් සමඟ එම පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති තත්ත්වයක් පවතිද්දී අපේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කරන ඉල්ලීම පළක් ඇති ඉල්ලීමක් නොවන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැති විශේෂ සර්ව පාක්ෂික රැස්වීමේ දී පවසා ඇත. 24 March 2020
කඩවත පුද්ගලයන් 180 ක් ස්වයං නිරෝධායනයට කඩවත පොලිස් බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 180 දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි කඩවත පොලිසිය පවසයි. 24 March 2020
කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට වෙනත් රෝග ලක්ෂණ ඇති බව පවසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ කොරෝනා රෝගියෙකු හේතුවෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 24 March 2020
ඉන්දියාවේ කොරෝනා මැඬලීමට චීනයේ සහය කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ඉන්දියාව ගෙන යන ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට චීනය තීරණය කර තිබේ. 24 March 2020
ඇඳිරි නීතිය වේලාවේදීත් ධීවර කටයුතු සඳහා අවසර ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට අවසර ලබාදීමට රජය අද (24) තීරණය කළ බව මගී ප්‍රවාහන කළමණාකරණ විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය. 24 March 2020
හුබෙයි පළාතට පනවා තිබූ සීමා ලිහිල් කෙරේ ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතට පනවා තිබූ දැඩි සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව චීනය අද (24) ප්‍රකාශ කළේය. 24 March 2020
ඇඳිරි නීතිය තිබියදීත් පැය 13 ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (25) සවස 5.00 සිට විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය. 24 March 2020
’නරකම අවස්ථාවට මුහුණ දෙන්න මැලේසියාව සූදානම් වෙයි’ අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින මැලේසියාවේ කොරෝනා වෛරස පරීක්ෂණ වේගවත් කරමින් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 24 March 2020
වැඩිහිටියන්ට උපදෙස් කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමග දැඩි අවදානමකට ලක්වන පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇත්තේ වයසින් වැඩි පිරිස් හා කුඩා දරුවන් වන බැවින් ඔවුන් වඩාත් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇතැයි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. 24 March 2020
‘පෙට්‍රල් -ඩීසල්-ගෑස් හිඟයක් නැහැ‘ දින 20 කට ප්‍රමාණවත් පෙට්‍රල් හා ඩීසල් තොග මෙන්ම දින 15 කට ප්‍රමාණවත් ගෑස් තොග ඇති බවත් ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ලිටිරෝ ගෑස් සමාගම පවසයි. 24 March 2020
කොළඹ , කලුතර , ගම්පහ අධි අවදානම් කලාප - ඇඳිරිනීතීය දිගටම කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබේ. 24 March 2020
‘‘සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න‘‘ අවම සේවක සංඛ්‍යාවක් යොදවමින් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි සමස්ථ ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලිමක් කරයි. 24 March 2020
’කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා’ කොරෝනා වයිරස වසංගතය ගෝලීය වශයෙන් පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් මහතා පවසයි. 24 March 2020
බන්ධනාගාරවල තදබදය අඩුකරන්නැයි ඕමල්පේ හිමියෝ ඉල්ලති කොරෝනා වයිරසය පැතිරයන මේ මොහොතේ බන්ධනගාරවල පවතින තදබදය වහා අඩුකර සිරකරුවන්ට වයිරසය ඇතුලූ වීමේ අවදානම වළක්වන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (24) ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියේය. 24 March 2020
වෙළඳ නෞකාවල ආරක්ෂකයින් 107ක් ගාල්ලේ හෝටල් තුනක ජාත්‍යන්තර වෙළඳ නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් හා ඔවුන් සමග ගනුදෙනු කළ පුද්ගලයින් 107 දෙනෙකු ගාල්ල ප්‍රදේශයේ නවාතැන් පොළවල් තුනක නතරකොට ඇති බැව් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 24 March 2020
උණ-කැස්ස සහිත සැක රෝගියකු දෙනියායෙන් කරාපිටියට සැක සහිත කැස්ස , උණ සහිත රෝගියකු අද (24) දෙනියාය මුලික රෝහලේ සිට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් අන්දවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගිලන් රථයකින් මාරු කර යැවූ බව දෙනියාය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි . 24 March 2020
ආසාදිතයන් පරීක්ෂාවට පානදුර රෝහල නවීන තාක්ෂණය යොදාගනී කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයකු රෝහලට පැමිණිවිට ඔහුගෙන් සෙසු පුද්ගලයන්ට වයිරසය ව්‍යාප්ත නොවී තබාගැනීමට විශේෂ පියවර කිහිපයක් ගන්නා බව පානදුර මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දොස්තර ලසිත් එදිරිසූරිය මහතා පැවසීය. 24 March 2020
කොරෝනා සැක රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උඩුගම මූලික රෝහල සූදානම් කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට උඩුගම මූලික රෝහලේ සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා විශේෂ වාට්ටුවක් ද වෙන්කර ඇතැයි වෛද්‍ය අධිකාරී සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 24 March 2020
ගාලු කොටුවේ සංචාරක හෝටලයක් වහයි- සේවකයන් නිරෝධායනයට කොරෝනා ආසාධිත වු සංචාරකයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරා නරතව සිටි ගාල්ල කොටුවේ සංචාරක හෝටලයක් වසා එහි සේවක පිරිස ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇත. 24 March 2020
කොළඹ-රාගම රෝහල්වල දැඩි සත්කාර ඒකක අලුත්වැඩියා කරයි කොළඹ ජාතික රෝහලේ සහ රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයන්හි අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් ආරම්භ කෙරිණි. 24 March 2020
නාවලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල දෙයි කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග නාවලපිටිය මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් මත නාවලපිටිය නගරයේ සුපිරි වෙළඳසැල් සංකිර්ණයේ වෙළඳ සංගමය විසින් නිර්මාණය කරන ලද ආරක්ෂිත ඇඳුම් කට්ටල කිහිපයක් අද(24) එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජානක සෝමරත්න මහතා වෙත ඔවුහු භාරදෙනු ලැබුහ. 24 March 2020
වවුනියාව සිවිල් ආරක්ෂක බලකායෙන් මුඛ ආවරණ මෙරට උද්ගතවී ඇති තත්වය හමුවේ ජනතාවට හා අත්‍යවශ්‍ය සේවා වල නිරත පිරිස් සඳහා අවශ්‍ය මුඛ ආවරණ මැසීමට වවුනියාව සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් කටයුතු ආරම්භ කොට තිබේ. 24 March 2020
රුසියානු ජාතිකයකු ඇතුළු 5ක් කරාපිටිය රෝහලේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගීන් සඳහා වෙන්කර ඇති විශේෂ වාට්ටුවේ අද (24) උදෑසන වනවිට රුසියානු ජාතිකයකු ඇතුළු පස්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. 24 March 2020
මුඛ ආවරණ නැතිව ඇඹිලිපිටියට ආ පිරිස් පොලිසියෙන් හරවා යවති ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් අද(24) ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ මුඛ ආවරණ පැළඳ නොපැමිණි කිසිවෙකුටත් නගරයට ඇතුලුවීමට ඉඩ නොදීම හේතුවෙන් බොහෝ පිරිසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට පවා නොහැකි වූ බව මහජනතාව පවසති. 24 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026