කොළඹ ජාතික රෝහලේ සහ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයන්හි අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් ආරම්භ කෙරිණි.
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් කොළඹ ජාතික රෝහල සහ රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල වෙතින් ලබාදීමේ අරමුණින් නාවික හමුදා දායකත්වයෙන් එම රෝහල්හි දැඩි සත්කාර ඒකකයන් අලුත්වැඩියා කරන ලදි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ඇත.
මෙහිදී එම රෝහල්හි දැඩි සත්කාර ඒකකයන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා සුදුසු වන පරිදි කොටස් වෙන් කිරීමට මෙහිදී කටයුතු කරමින් පවතී.
ඒ අනුව, නාවික හමුදා සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබන මෙම අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර ප්‍රතිකාර සඳහා සුදුසු වන පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.




2025 නොවැම්බර් මස 17
28
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොළඹ-රාගම රෝහල්වල දැඩි සත්කාර ඒකක අලුත්වැඩියා කරයි