(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල වරායෙන් රට තුළට පැමිණෙන විදේශ වෙළඳ නෞකාවල සේවය කරනු ලබන නාවිකයන් නිරෝධායන කටයුතු සඳහා ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධාන මධ්‍යස්ථානයක් ද විවෘත කර තිබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පැවසීය.
දකුණු පළාතේ ප්‍රධාන වශයෙන් නව කොරෝනා ආසාදිතයන් බවට සැක කරන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ හම්බන්තොට මහ රෝහලේ විශේෂිත වාට්ටු දෙකක් ඇති අතර ඊට අමතර ව දකුණු පළාතේ මූලික රෝහල 8ක ද තාවකාලිකව එවැනි රෝගීන් රඳවා තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද ආචාර්ය විලී ගමගේ මහතා කීය.
මේ වන විට දකුණු පළාතේ නිවෙස්වල ස්වයං නිරෝධනයට ලක් කරන ලද පුද්ගලයන්1572 ක්සිටින බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදෙස් වෙළඳ නැව්වල නාවිකයන් නිරෝධායනයට බූස්ස කඳවුරට
Jagath Tuesday, 24 March 2020 05:54 AM
ගුවන් නැව් සහ මුහුදු නැව් වලට වලට එන්න අවසර නෑ කියන නිව්ස් එක තමයි අපි දැක්කේ...
athuraTuesday, 24 March 2020 06:40 AM
නිවුස් වලට කියන දේ නෙමෙයි මහ පොළවේ යථාර්තය...