IMG-LOGO

බ්‍රිතාන්‍යයට ඇතුළුවීම-පිටවීම තනහම්

කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් මරණ 335ක් වාර්තා වීමත් සමග අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා, රට සම්පූර්ණයෙන් ම හුදකලා කිරීමේ ක්‍රියාදාමයක් ප්‍රකාශයට පත්‍ කළේය.
 
ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ හා ආහාර මිලදී ගැනීමට හැර කිසිවෙකුට නිවෙස්වලින් බැහැරවීමට නොහැකි වන අතර  දෙදෙනෙකු වැඩි පිරිසකට එකට රැස්වීම ද තහනම් කර ඇත. 
 

අගමැති බොරිස් ජොන්සන් මහතා ප්‍රකාශ කළේ මූලික අවශ්‍යතා සඳහා වෙළෙඳ සැළකට යාම පවා නිතර නිතර නොකරන ලෙසයි. එමෙන්ම අත්‍යාවශ්‍යම නම් පමණක් තමාගේ පවුලේ එක් අයකු සමග කෙටි එළිමහන් ව්‍යායාමයක යෙදීමට ඉඩ ලබාදෙන බවත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවසර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. නිවසේ සිට තම රාජකාරී කළ යුතු බව සඳහන් කළ අගමැතිවරයා කියා සිටියේ එම කාර්යය නිවසේ සිට නිම කිරීමට නොහැකි අවස්ථාවක දී පමණක් නිවසෙන් බැහැර විය හැකි බවයි.
 
වසංගතය මර්ධනය කිරීමේ කටයුතු සඳහා විශ්‍රාමලත් වෛද්‍යවරු 7,500ක් නැවත සේවයේ යෙදවීමට නියමිතය.
 
''මෙවැනි ක්‍රියාමාර්ග ඉතිහාසයේ කිසිම දිනක අරගෙන නැහැ. මේ රෝගය අප මර්ධනය කළ යුතුයි. නමුත් අපි ඒ සඳහා ගන්නා පියවර හේතුවෙන් සිදුවන හානිය විශාලයි. මිනිසුන්ගේ එදිනෙදා ජීවිත අඩාලවන අතර, ඔවුන්ගේ ව්‍යාපාර සහ රැකියා පවා අවදානමට ලක්වනවා. " යැයි අගමැතිවරයා කීවේය.
 
'' මා ඉතා සරළව මෙය කියන්නම්. අප සියලු දෙනාට බොහෝ දේ කිරීමට කාලය පැමිණ තිබේ. ඔබ නිවසේ ම සිටිය යුතුයි." යැයි හෙතෙම අවසාන වශයෙන් පැවසීය.
 
මේ අනුව බ්‍රිතාන්‍යයේ නිවෙස්වලට කොටුවී සිටින ප්‍රමාණය ලක්ෂ 664ක පමණ බව සඳහන් වේ. 
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

බ්‍රිතාන්‍යයට ඇතුළුවීම-පිටවීම තනහම්

de silva Tuesday, 24 March 2020 05:51 AM

මහා නාහෙට අහන්නේ නැති පණ්ඩිත මනුස්සයෙක් ජතිවාදය අවුස්සවමින් එංගලන්තේ යුරෝපා සංගමෙන් ඉවත් කරගන්න විශාල සටනක් දුන්නා... ඕක කරන්න දැන්ද මතක් වුනේ? යුරෝපයේ අනෙකුත් රටවල් ඔය පියවර ගත්තේ දැනට සතියකට කලින් , යුරෝපයේ ඔස්ට්‍රියා, ජර්මනි එක්ක සන්සන්දනය කරනකොට එංගලන්තේ සෞඛ්‍ය සේවය තිබෙන්නේ ඉතා පහත මට්ටමක, ජර්මනියේ ලෙඩ්ඩු 25000 කට අසන්න සංඛ්‍යාවක් ඉඳල මැරිලා තිබෙන්නේ 97 කි , එංගලන්තේ 6000 කට අසන්න ප්‍රමාණයක් ඉඳලත් මරණ 335 සිදුවී ඇත , මේ ගොල්ල එක්ක බලනකොට ලංකාවේ අපි කොරෝන මර්ධනය අතින් ඉදිරියෙන් සිටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site