IMG-LOGO

අවශ්‍යතාවය මත නිරෝධායන මධ්‍යස්ථාන 2ක් පිහිටුවිමට සැලසුම්

(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සදහා වක්වැල්ල කළමණාකරණ පුහුණු මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණ යොදාගැනිමට සැලසුම් කර ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

අද (23) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමකදි මේ පිළිබද සාකච්ඡා වු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය.

දැනට බුස්ස පිටිවැල්ල නාවික කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර එහි 22 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටිති.

මෙහි 136 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිම සදහා අවශ්‍ය පහසුකම් පවති.

එහිදි ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද කිවේය.

'වක්වැල්ල කළමණාකරණ මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණය අවශ්‍යතාවයක් ඇතිවුවහොත් පමණක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගැනිමට සැලසුම් කරලා තියෙන්නේ. මෙම සාකච්ඡාවේ දි වැඩි වශයෙන් කථාබහට ලක්වුනේ අත්‍යවශ්‍ය ආහාර බෙදිදිම පිළිබදව. ඇදිරි නිතිය කාලයේ අත්‍යවශ්‍ය ආහාර පාර්සල් නිවසටම ගොස් බෙදාහැරිම සදහා ප්‍රාදේශිය ලේකම්වරයා මගින් වෙළදසැල් හිමියන්ට බලපත්‍ර ලබා දෙන්න තින්දු කළා. පෞද්ගලික ලොරි රථ මගින් දඹුල්ලෙන් එළවළු ගෙන්විමට කටයුතු කරලා තියෙනවා. ග්‍රැම් 250 සහ 500 ආදි වශයෙන් එළවළු පාර්සල් කර වෙළදසැල් හිමියන් සතොස හා සමුපාකාර මගින් බෙදාහැරිමට අද දිනය තුල කටයුතු කරලා තියෙනවා. හෙට හා අනින්දා දින තුලත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. '



අදහස් (0)

අවශ්‍යතාවය මත නිරෝධායන මධ්‍යස්ථාන 2ක් පිහිටුවිමට සැලසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site