IMG-LOGO

ඇඳිරි නීතිය කාලයේ අත්අඩංගුවට ගත් පුත්තලමේ 267 කට නඩු

(ලලිත් නවරත්න)

පුත්තලම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය පනවපු දා සිට ඊයේ(23) දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 267 දෙනෙකුට නඩු පවරන බව පොලිසිය කියයි.

පාපැදි, රථවාහන සහ බෝට්ටු 96ක් සිය බාරයට ගත් බව පොලිසිය පවසයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති ඇදිරිනීතිය ක‍්‍රියාත්මක කාලය තුළ පුත්තලම දිස්ත‍්‍රික්කයේ හලාවත පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 7 ක සහ  පුත්තලම කොට්ඨාසයට අයත් පොලිස්ථාන 11ක පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගවට ගැනීම් සිදුකර ඇත.

මෙම ඇදිරිනීතිය ක‍්‍රියාත්මක කාලය තුළ පාපැදි 07ක්, යතුරුපැදි 61ක්, ත‍්‍රීරෝද රථ 15ක්,  වෙනත් රථවාහන 17ක්, බෝට්ටු 02ක් පොලිස් බාරයට ගෙන ඇත.

සෙසු පිරිස සාමාන්‍ය ලෙස මාර්ගවල සැරිසැරූ පුද්ගලයින් බව පොලිසිය පවසයි. එම පුද්ගලයින්ට අයත් රථවාහන සහ අනන්‍යතාවයන් පොලිස් බාරයේ තබාගන සියලූම පුද්ගලයින්ට පොලිස් ඇප ලබාදී ඇති අතර ඔවුන් හට නඩු පවරන බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයින්ගෙන් බොහෝ පිරිසක් විවිධ ස්ථානවලට වී මත්පැන් පානය කිරීම, විනෝදයට විවිධ ක‍්‍රීඩාවන් කිරීම,  එක්රොක්ව අල්ලාප සල්ලාපයේ යෙදීම,  ඇදිරිනීති උල්ලංඝනය කරමින් ප‍්‍රවාහන කටයුතු සිදුකිරීම කර ඇති අතර වැඩිපිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි අදාල ස්ථාන වලින් පැනගොස් ගිය බවද පොලීසිය සඳහන් කරයි.



අදහස් (1)

ඇඳිරි නීතිය කාලයේ අත්අඩංගුවට ගත් පුත්තලමේ 267 කට නඩු

Raveendra Tuesday, 24 March 2020 06:01 AM

ඇයි රටේ නීතියට ගරු නොකරපු මෙම තිරිසනුන් වෙනුවෙන් තව තවත් කාලය, ධනය වැයකරන්නේ...? කැළෑ නීතියෙන්ම උපරිම වැඩ ගැනීම කල යුතු නොවේද...? මේ අවස්ථාවේ මෙම නිවටයින්ගෙන් සියලුම කම්කරු සේවාවන් (කිසිදු ගෙවීමක් නොකර තුන් වෙලා පමණක් සපයාදී ) ලබාගත්තා නම් එය වැදගත් නොවේද? එවිට එම සේවයට අවශ්‍ය කම්කරුවන් තම නිවෙස්වලට වී සිටීම ඒ ඒ කම්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා නොවේද ? නීතියට පරිභාහිරව එයට අවනත නොවුණු මෙම තිරිසනුන්ගේ ආරක්ෂාව අදාළ නැත. මක්නිසාදයත් රටේ නීතියට අවනත නොවුනේ එසේ ආරක්ෂාවක් අවශ්‍ය නැති නිසා නොවේද ?

:       1       95

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site