IMG-LOGO

කොරෝනා විෂබීජහරණය කළ හැකි වායු සමීකරණ යන්ත්‍රයක්

(එම්. සුසිල්  ප්‍රියන්ත  සහ සරත් ආනන්ද )
     

කොරෝනා  නිරෝධායන කටයුතු සඳහා භාවිතා කළ හැකි වායු සමීකරණ යන්ත්‍රයක් සහ සයනයක් නිර්මාණය කිරීමට බද්දේගම කාර්මික ශිල්පියෙක් සමත්ව සිටී.
  
බද්දේගම රෝහල අසළ වෙසෙන මේ කාර්මික ශිල්පියා ඒ .ඩබ්ලිව්.තුශාන් චන්ද්‍රනාත් කරුණාතිලක මහතාය. ඔහු වෘත්තියෙන්  වායු සමීකරණ  යන්ත්‍ර නිෂ්පාදනය හා  අලුත්වැඩියා ශිල්පියෙකි.
 
කොරෝනා වැනි වයිරස මෙම වායුසමීකරණ යන්ත්‍රයෙන් පෙරීමකට ලක්වී  විශබීජහරණය වන බවත් ඔහු කියයි. මේ නව නිර්මාණ දෙකෙන් කොරෝනා රෝගියෙකු නිරෝධායනය වන විට  ඔහු අසළ හෝ ඒ ගෘහයේ  සිටින වෙනත් කිසිවෙකුට මේ රෝගය බෝනොවන  බවද තුශාන්  මහතා කියයි.
 
තමා නිර්මාණය කරන ලද ඇඳ සහ වායු සමීකරණයට නව නිපයුම් තරගාවලියේදී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමිව ඇතිබවද, මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කළ බවද තුශාන් චන්ද්‍රනාත් කරුණාතිලක මහතා කියයි.
 
 මේ නව වායුසමීකරන යන්ත්‍රය, නිවසේ  දැනට  සවිකර තිබෙන වායුසමීකරන යන්ත්‍රයටද සවිකළ හැකි බවත් ඒ සදහා වැයවනුයේ ඉතා අඩු විදුලි බලයක් බවත් ඔහු පවසයි.
 
 සති දෙකක් වැනි කාලයකින් සැකසිය හැකි මෙම යන්ත්‍ර භාවිත කර රෝගීන් නිරෝධායනයට යොමුකිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද ඒ මහතා කියාසිටී.
 
මේ සඳහා යම් ආයතනයක් හෝ කිසිවකු උපකාර කරන්නේ නම්, මීට වඩා කාර්යක්ෂමව නිර්මාණය කළ හැකි බව පවසන තුෂාන් මහතා 0773117751 යන ජංගම දුරකතනයට අමතන ලෙස දැනුම් දෙයි.



අදහස් (3)

කොරෝනා විෂබීජහරණය කළ හැකි වායු සමීකරණ යන්ත්‍රයක්

jagath Tuesday, 24 March 2020 04:58 AM

නියමයි තුෂාන්... ජයවේවා, අපේ ජනාධිපතිතුමාට පෙර ලිපිය පෙනේවා.

:       0       33

Amula Tuesday, 24 March 2020 05:44 AM

ඔන්න වැඩ්ඩො... හැබැයි වැඩක් නැහැ. පිපුණා පරවුණා කිසිම සහයෝගයක් නැහැනේ.

:       0       2

Raveendra Tuesday, 24 March 2020 06:08 AM

මෙන්න ලක්මවගේ නියම දරුවන් . තමන්ගෙන් තමන් උපන් රටට කලයුතු යුතුකම් ඉටු නොකරන සියලුම අයට (දියවන්නා ඔය පට්ටියේ 225 ඇතුළුව ) මොහුව ආදර්ශයක් වේවා !! මෙවන් අවස්ථාවක සියලුම පුරවැසියන් එකා මෙන් වැඩකළ යුතු කාලයක් බැවින් නැවතත් අප ඔබගේ සියලු පැතුම් සාර්ථක වේවා යන්න හදපතුලෙන්ම ප්‍රර්ථනා කරන්නෙමු. ඔබට යහපතක්ම වේවා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site