IMG-LOGO

කන්දකාඩු - පුනානි නිරෝධායනය වු 317 ක් නිවෙස් බලා යති

(ඉන්දිකා  රාමනායක)

පුනානි සහ කන්දකාඩු කන්දල්කාඩු නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක කාලයක් පුරා  නිරෝධායනය වු 317  පිරිසක්  අද (24) නිවෙස් බලා පිටත් වු බව හමුදාව  පවසයි.

පුනානි නිරෝධායන  මධ්‍යස්ථානයෙන් 207  සහ  කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 110ක් වශයෙන් මෙම පිරිස සිටි බව උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.

එහි පිරිමි පුද්ගලයන් 235  හා දෙනකු හා කාන්තාවන් 87  දෙනෙකු සිටින බව පැවසේ.

දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි මෙම පිරිස ඉකුත් (10) වෙනි දින නිරෝධායන කටයුතු සඳහා පුනානි සහ කන්දකාඩු වෙත යොමුකර තිබිණි.

හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ  අධික්ෂණය හා උපදෙස් මත  නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් රසික  ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් විශේෂඥ වෛද්‍ය ශවේන්  සේමගේ මහතා ඇතුළු කාර්ය කාර්ය 75 කට අධික කාර්ය මණ්ඩලයක් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළහ.

මෙම පිරිස දින 14 ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව  ඊයේ පෙරවරුවේ ඔවුන් නිවෙස් බලා යොමු කළ බව යුද හමුදාව සඳහන් කරයි.

මෙම පිරිස සමග කන්දකාඩු හා පුනානි නිරෝධායන  මධ්‍යස්ථාන  වලට යොමු කළ 28 දෙනකු කොරෝනා ආසාදිත  වී තවමත් රෝහල් ගතකර  ඇත.

(ඡායාරූප - නිමල් ජයරත්න)



අදහස් (1)

කන්දකාඩු - පුනානි නිරෝධායනය වු 317 ක් නිවෙස් බලා යති

Mahesh Tuesday, 24 March 2020 05:46 AM

නිවාස වලටම ගිහින් බස්සන්න.. නැත්නම් ඔවුන් කොහොමද ගෙවල් වල යන්නේ මේ ඇදිරිනීතිය එක්ක..

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site