IMG-LOGO

ඇඳිරි නීතිය කඩ කළ 2262ක් අත්අඩංගුවට


(මනෝප්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන්)
 
කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා සිට පනවන ලද ඇඳිරිනීතීය කඩකළ පුද්ගලයින් 2262 දෙනෙකු දිවයිනේ විවිධ පොලිස්ථාන වලින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 
පැතිර යන වසංගත රෝගයකින් ජන සමාජය ආරක්‍ෂාකර ගැනීම සඳහා පසුගිය 20 වැනිදා සිට ඇඳිරිනීතීය පනවන ලද අතර එලෙස පනවන ලද ඇඳිරිනීතීය පසුගිය 24 වැනිදා උදෑසන 6.00 දක්වා බලපැවැත්වුණු දින හතරක කාලය තුළදී ඇඳිරිනීතීය කඩකරමින් මංමාවත්වල නිකරුණේ ගැවසුණු හා වාහන වලින් ගමන්ගත් පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
 
ඇඳිරිනීතීය කඩකරමින් වාහන වලින් ගමන් කිරීමේදී යතුරු පැදි, ත්‍රීරෝද රථ, ඇතු`ථ වාහන 579 ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වන අතර ඇඳිරිනීතීය කඩකළ පුද්ගලයින් අදාළ පොලිස්බල ප්‍රදේශවල අධිකරණයන්ට ඉදිරිපත් කොට නීතීමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලිසිය කටයුතු කරයි.
 
ඇඳිරිනීතීය කඩකරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක්ව මත්පැන් පානය කළ පිරිසක්ද, බීමත්ව අශෝභන ලෙස හැසිරුණු පිරිසක්ද, වෙළඳාම් කළ පිරිසක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.



අදහස් (1)

ඇඳිරි නීතිය කඩ කළ 2262ක් අත්අඩංගුවට

Raveendra Tuesday, 24 March 2020 04:24 AM

අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාලකන්නින් කූඩුකර නඩත්තු කරනවාට වඩා මේ අවස්ථාවේ " මුන්ගෙන් " පිරිසිදු කිරීම්, භාණ්ඩ ප්‍රවාහනයට කම්කරුවන් ලෙස යොදාගැනීම වැනි අත්‍යඅවශ්‍ය වැඩ සදහා යොදාගන්න ලෙසය. එලෙසම අත්අඩංගුවට ගත වාහන මෙම අවදානම් අවස්ථාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සඳහා යොදාගන්නා ලෙසද අප යෝජනා කරන්නෙමු. එය තමයි මෙවන් තකතීරුවන්ට දිය හැකි හොඳම දඬුවම යන්න අපගේ අදහසයි.

:       1       106

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site