(ලසන්ත නිරෝෂන පෙරේරා )
කොරෝනා යැයි සැකකරමින් රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට් රෝගින් ගෙන් නම දෙනෙකුට වයිරසය ආසාදිත වි නොමැති බවට තහවුරු විමෙන් පසු ඔවුන් රෝහලෙන් පිටත්ව ගොස් තිබේ .
පසුගිය 21 වැනිදා වනවිට සැකසහිත රෝගින් 13 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි අතර අද ( 23) වනවිට එම සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා පහළ වැටි තිබිණි.
සැකසහිත රෝගින් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකුද සිටින බව රෝහල් ආරංච් මාර්ග පවසයි.
ඔහු කොළඹ ප්‍රදේශයේ සේවයේ නිරතව සිටි අයෙකි.
රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට කොරෝනා වයිරසය ආසාදනය විමෙන් පසු ඔහුගේ බිරිඳ සහ දියණිය ද වයිරසය ආසාදනය වු බවට තහවුරු විය.
ඒ සමගම බොහෝ දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් විය. රත්නපුර මහා රෝහලට පැම්ණෙන රෝගින් සංඛ්‍යාව වැඩිවුවහොත් තවත් වාට්ටුවක් වෙන් කිරිමට ඇමැතිනි පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය රෝහල් බලධාරීන්ට දැනුම් දි තිබේ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රත්නපුරේ කොරෝනා යැයි සැක පිරිස් සංඛ්‍යාව අඩුවෙයි
m d kamala Tuesday, 24 March 2020 12:20 AM
රත්නපුරේ මෙන්ම මුළු ලෝකයම කොරෝනා දුරුවේවා යනු මගේ එකම පැතුමයි.