IMG-LOGO

වයඹ ඔසුසැල්වල ඖෂධ හිඟයක්

( පුෂ්පකුමාර ජයරත්න )
 
පනවා තිබෙන ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් සපයාගත නොහැකිව සිටින බව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ වෙළඳසැල් හිමිවරු ප්‍රකාශ කරති.
  
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඖෂධ වර්ග බෙදාහැරීම සිදු කරන නියෝජිතයන්ට ඖෂධ බෙදාහැරීමට නොහැකි වීමෙන් ඖෂධ අලෙවිසැල් බොහෝමයක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින බව ඔවුහු පෙන්වා දෙති .
 
ඇඳිරි නීතියට බියෙන් ජනතාව වෙනදා මිළදී ගන්නි ප්‍රමාණයටත් වඩා ඖෂධ මිලදී ගැනීමට පෙළඹීමෙන් අලෙවිසැල්වල ඖෂධ රැසක්ම හිඟව පවතින බවද ඔවුහු කියති .
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල දිස්ත්‍රික් ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ  තමන් සතුව ඖෂධ ප්‍රමාණවත් තරම් ඇතත් ඇඳිරි නීතිය හේතුවෙන් ඒවා බෙදා හැරීමට නොහැකිව සිටින බවය.
 
මෙම සේවාවද ජනතාවට අත්‍යාවශ්‍යම සේවාවක් වන බැවින් එම ක්ෂේත්‍රය සඳහාද ඇඳිරි නීති බලපත්‍ර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද එම සංගමය පවසයි .



අදහස් (0)

වයඹ ඔසුසැල්වල ඖෂධ හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site