IMG-LOGO

සංක්‍රමණික කම්කරුවෝ දස දහස් ගණනක් තායිලන්තය හැර යති

තායිලන්තයේ කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා නව සීමාවන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු  සංක්‍රමණික කම්කරුවන් දස දහස් ගණනක ආසන්න රටවලට පිටත්ව ගිය බව වාර්තා වේ.

සති අන්තය වනවිට බොහෝ දේශසීමා වසා දැමීමට බලධාරීන් කටයුතු කළ අතර දෙපාර්තමේන්තු, වෙළඳසැල්, සාප්පු, කෑම අවන්හල්, රූපලාවන්‍යාගාර සහ වෙනත් පොදු ස්ථාන ද වසා දැමීමට නියෝග කෙරිණි. 

මෙම වසා දැමීම් වලින් පසු ගම්බද ප්‍රදේශවල තායි කම්කරුවන් ද බැංකොක් වෙත පලා එමින් සිටින බව සඳහන් වේ.

විශාල වශයෙන් නගරවලින් පිටතට නොයන ලෙසත්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රැඳී සිටින ලෙසත් තායි බලධාරීන් කම්කරුවන්ගෙන් ඉල්ලා ඇත.

තායි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන ටවී චොට්පිටයාසුනොන්ඩ් පැවසුවේ විශාල වශයෙන් ගමන් කිරීම වයිරසය පැතිරීම වැඩි කරන බවයි.

තායිලන්තය සහ අසල්වැසි රටවල් අතර බොහෝ දේශ සීමා මාර්ග සඳුදා වන තුරු විවෘතව පවතින අතර එමගින් සංක්‍රමණික සේවකයින්ට රට හැර යාමට ඉඩ සැලසෙනු ඇතැයි තායි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

“බොහෝ සංක්‍රමණික සේවකයන්ට ඉවත්ව යාමට අවශ්‍ය නිසා අපි ඔවුන්ට එක් දිනක් පමණක් එසේ කිරීමට ඉඩ දෙන්නෙමු. හෙට සියලු හරස් හෙට සියලු හරස් මාර්ග වසා දමනු ඇත” යැයි ඔහු පැවසීය.

ප්‍රධාන වශයෙන් ලාඕසය, මියන්මාරය සහ කාම්බෝජය යන රටවලින් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයන් මිලියන පහක් පමණ තායිලන්තයේ සිටින බවට ගණන් බලා තිබේ.

ලාඕසය සහ මියන්මාරය තවමත් කිරීටක වයිරස් රෝගීන් වාර්තා කර නොමැත. සංක්‍රමණික සේවක අයිතිවාසිකම් ජාලයේ සම්බන්ධීකාරක සුතසිනි කව්ලෙක්ලායි පැවසුවේ ආදායමක් නොමැතිව ඔවුන්ට තායිලන්තයේ ජීවත් විය නොහැකි බවයි.
මියන්මාර කම්කරුවන් 7,000 ක් පමණ ඉරිදා(22) තායිලන්තයෙන් පිටත්ව ගොස් ඇත.

මියන්මාරයේ, ලාඕසයේ සහ කාම්බෝජයේ බලධාරීන් ආපසු පැමිණෙන කම්කරුවන්ට දින 14 ක් ස්වයං හුදෙකලා වීමට පවසා තිබේ.
සඳුදා නව රෝගීන් 122 ක් වාර්තා කිරීමෙන් පසුව තායිලන්තයේ කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව 721 දක්වා ඉහළ ගොස් ඇති අතර එක් අයෙකු මියගොස් තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

සංක්‍රමණික කම්කරුවෝ දස දහස් ගණනක් තායිලන්තය හැර යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site