අල්ලස් ගත් මාර්ග පරීක්ෂක වසර 20ක් හිරේට
දුම්රිය මාර්ගයට යටින් මළප්රවාහන බට පද්ධතියක් එළීමට අනුමැතිය ලබාදීම සඳහා ඉංජිනේරුවරයෙකුගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 35,000/-ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු දුම්රිය දෙපාර්තමෙන්තුවේ හිටපු මාර්ග පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.