(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රිය අනතුරකින් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු ප්‍රභූවරයකුගේ අවමංගල්‍ය උත්සවයකට සමාන ආකාරයට සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් ඩුබායි සිට තම ඥාතීන්ට මුදල් එවන ලද ආකාරය සෙවීම සදහා ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එමෙන්ම අනතුරින් මියගිය සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් (62) නැමැති මදුෂ්ගේ පියාගේ අවසන් කටයුතු කඹුරුපිටිය මාකදුර නිවසේ නොපවත්වා සුරියවැව ඔහුගේ බාප්පාගේ නිවසේ පැවැත්වූයේ ඇයි ද යන්න ආරක්ෂක අංශ වලට සැකයක් ඇති වී තිබේ.
කෙසේ වෙතත් එම දේහය තැන්පත් කර තිබු මිනී පෙට්ටිය ද මිල අධික ලීයෙන් සකස් කර අලංකාරව නිමා කර තිබු බව දැනගන්නට ඇත.
නාගොඩ රජයේ රෝහලේ සිට මෘත දේහය සූරියවැව ප්‍රදේශයට රැගෙන ගොස් භූමි දානය කිරීම දක්වා ලක්ෂ ගණනින් මුදල් වැය කර තිබු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd