(නිමන්ති රණසිංහ)
ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (5) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය පාර්ලිමේන්තුව අවට රැස්වුවද එය සාමකාමිව සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි වැලිකඩ පොලීසිය කළ ඉල්ලිමක් සැළකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා මහත්මිය සාමකාමී රැස්වීමක් පැවැත්වීමට අධිකරණයේ නියෝග අවශ්‍ය නැති බැවින් එය සාමකාමීව සිදුකරන ලෙසට දැනුම් දුන්නාය.
එහෙත් උද්ඝෝෂකයින් සාමකාමී බවෙන් ඔබ්බට ගොස් පොදු දේපලවලට හානි කරමින් රාජ්‍ය ආයතනවලට අයුතු ලෙස ඇතුළු වෙමින් මහජන පීඩා ඇතිවන අයුරින් හැසිරුණ හොත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව කටයුතු කරමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය වැලිකඩ පොලිසියට දැනුම් දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගේ බලාපොරොත්තුව ආරක්ෂක අංශ සමඟ සටනකට පැටලීම තමයි. නියපොත්තෙන් කඩන්න තියෙන දෙයක් පොරෝවකින්වත් කපන්න බැරි තැනට පත්වෙන එකක් තමයි මේ වගේ අධිකරණ තීන්දු වලින් වෙන්නේ.
මම හිතාගෙන හිටියේ පොලීසියට වැරදීමක් වෙලා මෙහෙම ඉල්ලනවා කියලා. දැන් උසාවිය මගින් පොලිසි තුනකකටම අවසර දුන්නා විරෝධතාකරුවන් නීතීවිරෝධී හා රජය විරෝධි ආකාරයට හැසුරුනොත් අත් අඩංගුවට ගන්න. ඒ කියන්නේ පොහෝට්ටු කාරයන්ට සීරුවෙන් සීටීන් කියන විධානය දීලා තියෙන්නේ.