අල්ලස් සිද්ධියකට දෙන්නෙක් දැලේ යතුරුපැදියක ලියාපදිංචි පොතේ පිටපතක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් ලබා ගැනීමට රුපියල් 2000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් තැරැව්කරුවකු සහ අල්ලස් ලබා දුන් පුද්ගලයකු අද (4) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි. 04 October 2017
මල්වාන නඩුවේ අධිචෝදනා පත්‍රයේ කොටසක් ලැබී නෑ පූගොඩ මල්වාන සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ අධිචෝදනා පත්‍රයේ ලේඛන සහ සාක්ෂි සටහන් වල කොටසක් තමන්ට තවමත් ලැබී නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (04) අධිකරණයට දැනුම් දුන්නේය. 04 October 2017
විස්කි බෝතල 7500 ක් රාජගිරියෙන් හමුවෙයි රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසක තිබී විදේශ මත්පැන් බෝතල් 7500කට ආසන්න ප්‍රමාණයක් අද(4) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 04 October 2017
වසර අටකට පසු මළ සිරුර සොහොන් ගැබකින් මීට වසර අටකට ඉහතදී ඝාතනය කර දැමු පියෙකුගේ (60) බව කියන මළ සිරුරක් සොහොන් ගැබක සඟවා තිබියදී අද (04) කළුතර මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය ඉදිරියේ ගොඩ ගනු ලැබීය. 04 October 2017
මාළු පෙට්ටි අස්සෙන් අරක්කු මතුවෙයි තංගල්ලේ සිට බිබිල දක්වා ගමන් ගත් කුඩා මාළු ලොරියක මාළු පෙට්ටි අස්සේ සඟවාගෙන රැගෙන යමින් තිබූ අරක්කු බෝතල් 28 ක් සමග පුද්ගලයකු අද (04) අම්බලන්තොට වලවේ ගඟ පාළම අසලදී අත්අඩංගුවට ගත් බව මාතර තංගල්ල දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකය කියයි. 04 October 2017
ව්‍යවස්ථා අතුරු වාර්තාව අවසන් ලියවිල්ල නෙවෙයි ව්‍යස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද අතුරු කමිටු වාර්තාව අවසන් ලියවිල්ල නොවන බැවින් එය රටේ සියලු පාර්ශවවල සංවාදයට විවෘත යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය. 04 October 2017
වැඩ බාරගන්න ගිය කොල්වින්ට හූ සංග්‍රහයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(4) සිය ධූරයේ වැඩ බාරගැනීමට කොළඹ වෝඩ් පෙදෙසේ කාර්යාලයට ගොස් යළි එන අවස්ථාවේ එහි සිටි වෛද්‍ය පීඨ සිසුහු පිරිසක් හූ කියමින් විරෝධය පෑහ. 04 October 2017
ගුවන් තොටෙන් දුම්වැටි තොගයක් සමඟ චීන කතක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි චීන ජාතික කාන්තාවක් (43) අද (4) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 04 October 2017
ආරච්චිකටිටු ප්‍රා සභාවේ ගැටුමකින් අයෙක් රෝහලට ආරච්චිකටිටුව ප්‍රදේශීය සභාව තුළ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව ආරචිචිකටිටුව පොලිසිය කියයි. 04 October 2017
දුව අපයෝජනය කරන්න උදව් කළැයි මව රිමාන්ඩ් බාල වයස්කාර දියණිය අපයෝජනය කිරීමට සැමියාට ආධාර අනුබල දීමේ චෝදනාව මත මවක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 04 October 2017
අම්පාරේ නිවාස තුනකට පහර දීම් අම්පාර පොලිස් බල ප්‍රදේශයේ කාර්මික ප්‍රදේශයේ නිවාස තුනකට අද අලූයම පැමිණි අට දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක් (83) තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 04 October 2017
නෝර්වුඩ් ඇඟළුම් සේවිකාවෝ 200ක් හදිසියේ ලෙඩ වෙති නොර්වුඩ් නිව්වැලිගම පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙසීයයකට ආසන්න පිරිසක් හදිසියේ රෝගාතුර වී දික්ඔය මුලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 04 October 2017
නව ව්‍යවස්ථාව ගැන දෙමළ ජනතා සභාවේ අප්‍රසාදය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් ගේ සභාපතිත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත. 04 October 2017
මැදිරිගිරිය පාසලකට වන අලි 12 ක් කඩා වදී මැදිරිගිරිය කනිටු විදුහලට අලි 12 කඩා වැදීම නිසා පාසල වසා දැමීමට කටයුතු කළ බව පොලිසිය පවසයි. 04 October 2017
උමා ඔයට අනුර කුමාරත් කැබිනට් පත්‍රිකාවක් දාලා අග්නිදිග වියළි කලාපයේ ජල සම්පත් සපුරා ගැනීමේදී මතුවන ගැටළු සඳහා ඇති එකම විසඳුම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය බව එම ව්‍යාපෘතිය සඳහා මීට වසර 12කට පමණ පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ. 03 October 2017
බිලියන 2,200 ක් උපයන්න රජය බලාපොරොත්තු වෙයි ලබන වසරේදී රුපියල් බිලියන 2,200 ක ආදායමක් ඉපැයීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 03 October 2017
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනිද්දා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනිද්දා (5) නිකුත් කරෙන බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි . 03 October 2017
මුලතිව් නිවසක ගිනි අවි ගබඩාවක් නිවසක් තුල රහසිගතව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයකු මුලතිව්, පුදුකුඩිරිප්පු ,දේවිපුරම් ප්‍රදේශයේ දී අද (03) අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි. 03 October 2017
බැංකු සභාපතිවරු තිදෙනෙක් හෙට බැඳුම්කර කොමිසමට ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා අද (04) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත. 03 October 2017
හිමිනමක් අල්ලන්න මහජන සහාය පතයි මියන්මාර ජාතිකයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස නිවස ඉදිරිපිට ඉකුත් (26) දින ප්රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටින අරඹේපොල රතනසාර හිමියන් සහ හිටපු පොලිස් කොස්තාපල් ප්‍රගීත් චානක ගුණතිලක නැමැති අය අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මහජන සහය පතයි. 03 October 2017
වැස්ස වැඩි වන ලකුණූ දිවයින පුරා ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 October 2017
සැකකරුවන් අඳුරගන්න පොලිසිය සහය පතයි ගම්පහ රෝහල ආසන්නයේ දී සඳුදා (2) ටී 56 ගිනි අවි 3 ක් සමග අතහැර දමා තිබු හයිබි්රඞ් මොටර් රථය පන්නිපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයෙන් රැගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමට පොලිස් මුලස්ථාන මහජන සහය පතයි. 03 October 2017
කොල්ලුපිටියේ ගබඩාවක ගින්නක් කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳසලක ගබඩාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 03 October 2017
ගීතාගේ පෙත්සමේ විභාගය අවසන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාග කිරීම අද (03) අවසන් කෙරිණ. 03 October 2017
පොලොන්නරුවේ බහුතරයකට මානසික ආතතිය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල මානසික රෝග සායනවලින් 2016 වසරේ ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 17627 ක් වන බවත් ඔවුන්ගෙන් වැඩිම පිරිසක් මානසික ආතතිය නිසා ඇතිවන විෂාදිය සහ සියදිවි නසා ගැනීමට තැත් කළ අය බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. 03 October 2017
ලිත් නඩුවේ විනිසුරු වෙනස් කරන්නැයි බැසිල් ඉල්ලයි මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පවරා ඇති ලිත් නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය. 03 October 2017
ගැමුණුගේ සංගමය ගැන සයිටම් නිවේදනයක් ගැමුණු විජේරත්න මහතාගේ සංවිධානයකට සයිටම් ආයතනයේ හෝ දෙමාපියන්ගේ හෝ නිල සම්බන්ධතාවයක් නැතැයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කළමනාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 October 2017
රන් බිස්කට් හා මාලයක් සමග දෙන්නෙක් කොටුවෙති ග්‍රෑම් 400ක් බරැති රන් බිස්කට් කැබලි 11ක් හා පවුම් 8ක රන් මාලයක් සමග කාන්තාවක හා පිරිමියකු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 October 2017
මහාචාර්ය කොල්වින් සයිටම් පක්ෂපාතියකු බව මහැදුරු කාලෝ කියයි වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකියැයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. 03 October 2017
සයිටම් සහ විශ්ව විද්‍යාල දෙමාපියන්ගේ ඉල්ලීම් රජයට බාර දෙයි රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ දෙමාපිය සංසදය සහ සයිටම් දෙමාපිය සන්සදය අත්සන් කළ අබවෝධතා ගිවිසුමේ සඳහන් කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඔවුහු අද අගමැති කාර්යාලයට සහ ජනාධිපති කාර්යාලයට ලිපි දෙකක් බාර දුන්හ. 03 October 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026