හෙට සත්තුවත්තට ඇතුළුවීම නොමිලේ
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය යෙදෙන හෙට දවසේ දී දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය, පාසැල් දරුවන්ට හා වැඩිහිටියන්ට නොමිලේ නැරඹිමට අව්සථාව උදා කර ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජයසේන මහත්මිය පැවැසුවාය.