තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
දැවෙන විහඟුන් චිත‍්‍රපටය සඳහා රැඟුම් පාලක මණ්ඩලෙයන් ප්‍රදර්ශන සහතික දෙකක් ලබා දීමට ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම චිත්‍රපටයේ ප‍්‍රදාන නිළිය වන අනෝමා ජනාදරී මහත්මිය ගොනු කළ රිට් පෙත්සම මේ මස 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (03) දින නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලූ අතර එහිදී මෙය සලකා බැලීමට දින තීන්දු කෙරිණි.
දැවෙන විහඟුන් විත‍්‍රපටයේ ප‍්‍රධාන නිළි අනෝමා ජනාදරී මහත්මිය ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ,එහි සාමාජිකයින් සහ නීතිපති නම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මෙයාද?