ජීනිවාහිදීය (රොයිටර්)
සිරදඬුවමට ලක්වූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ අද (3) මියන්මාරයෙන් ඉල්ලීමක් කළාය.
රාජ්‍ය රහස් ළඟ තබා ගැනීම යන චෝදනාවට වැරැදිකරුවන් කරමින් රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට වසර හතක සිර දඬුවමක් නියම කිරීමට මියන්මාර විනිසුරුවරයෙක් අද (3) කටයුතු කළේය.
සිර දඬුවමට ලක්වූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා ද ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිත කිරීම නිසා රඳවා ගෙන සිටින සියලු මාධ්‍යවේදීන් නිදහස් කරන්නැයි ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“මාධ්‍යවේදීන් දෙදෙනා වරදකරුවන් කිරීමට අනුගමනය කරන ලද නෛතික ක්‍රියාවලිය පැහැදිලිවම ජාත්‍යන්තර සම්මුති කඩ කර තිබෙනවා. කිසිදු බියක් නොමැතිව තම රාජකාරීයේ යෙදීමට නොහැකි බවට මේ නඩු තීන්දුව මගින් මියන්මාරයේ මාධ්‍යවේදීන්ට පණිවුඩයක් ලබා දී තිබෙනවා. ඔවුන් එක්කෝ ස්වයං වාරණයක් පනවා ගත යුතුයි. එසේ නැතිනම් දඬුවම් විඳීමේ අවදානම යටතේ රාජකාරී කළ යුතුයි.”
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියන්මාරයට තිබුන සම්භාධක තවත් තියා ගන්නයි තිබුනේ.
මාධ්‍යවේදීන් නිදහස් කර ගැනීම ලොව බලවතුන්ගේ වගකීමයි. ලොව බොහෝ රටවල තිබෙන, තිබිය යුතු ජනමාධ්‍ය නිදහස ගැන එම රටවල ජනතාවට නිසි දැනුමක් නොතිබීම කනගාටුවට කරුණක්. පුවත්පත් නිදහස ලොව නොමැතිනම් දේශපාලකයන් තමන්ට ඕනා හැටියට රටවල් පාලනය කරාවි. ඒ අතින් බලනා විට පුවත්පත් කලාවේදීන් මොන තරම් අසරණ අවධානම් ජීවිත ගෙවන්නේද යන්න ගැන ඇතිවන්නේ පුදුම දුකක්.
කොමසාරිස්තුමිය මාධ්‍යවේදීන්ට දඬුවම් දීමට හේතුව විනිසුරුතුමා පැහැදිලි කලා නේද. රටක ආරක්ෂාවට බලපාන කරණා හෙළිකල නොකල යුතුයි කියන ස්ථාවරයේ ඔබලා නැතිබව පෙනේ. මොකක් හෝ පර්වුර්තියක පළකර ගැන කඩා ගැනීමයි ඔබලාගේ පරමාර්ථය. ඇමරිකාව ස්වෝඩන්ව සොයන්නේ ඇයි? මිනිස්සු හිතාගෙන ඉන්නේ රාජ්‍ය රහස් එළිකිරීම මාධ්‍ය නිදහසයි කියලා. තව මොනවද කතා.