ඩයනා උදයංගනී
වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ හරහා ඉදිරියේදී රට තුළ විශාල මූල්‍ය අර්බුදයක් හා ජනතා කැළඹීමක් ඇතිවිය හැකි බවත්, ආණ්ඩුවට එය වැළැක්විය නොහැකි නම් කළ හැකි කෙනෙකුට භාර දී ගෙදර යන්නැයි බලකිරීම 5 වැනිදා පවත්වන උද්ඝෝෂණයේ අරමුණ බවත් හිටපු අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුසිල් ප්‍රෙමජයන්ත මහතා පැවසීය.
මැතිවරණ කල් දමමින් බලය ආරක්ෂා කරගැනීමට උත්සාහ ගන්නා වත්මන් රජයට එරෙහි ජනතා විරෝධතාව දැක්වීමේ වෙනත් ක්‍රමයක් නැතැයි ද ප්‍රේමජයන්ත මහතා කීවේය.
මෙරටට ඇනවුම් කර තිබූ ගුවන් යානා හතරක ඇනවුම් අවලංගු කිරීමෙන්, බැඳුම්කර වංචාවෙන් ආදී වශයෙන් රටට විශාල පාඩුවක් කර ඇති රජය වසර තුන හමාරක් තුළ වංචාව හා දූෂණය නැවැත්වූ බව කීම විහිළුවක් බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ඒ සියල්ල සලකා බලා විරෝධතාවට සාර්ථක කරගැනීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ද සහය ලබාදෙන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප කණ්ඩායම නියෝජනය කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරු හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්රීවරියද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
ඡායාරූප - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර . අර 62 ට නේද?
කාටද ආඩම්බර.... අර 62ට නේද?
නැගිටින්න බැලුවා, හුළඟක් අාවා, පයින් ඇවිද්දා, ජන බල හැදුවා. එ්ත් වැඩේ හරි ගියේ නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රට ගිණි තියන එක විතරයි. ඔය දේවල් කරන්නේ රටට ආදරේටද? නැත්නම් එක පවුලක් බේරා ගන්න තියෙන වුවමනාවටද? අපට ආරංචි රුසියාවේ කට්ටියකුත් උදව්වට ඇවිල්ල කියලා.
කණ්ඩායම අනාථ වෙලා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ මේකට සහයෝගය දීලා ලොක්කා ශේප් කරගන්න වගෙයි බලන්නේ...
ඒ කාලේ වගේ සල්ලි ලැබෙන්නේ නැතිව ඔබට මූල්‍ය අර්බුදයක් බව ලඟදි කරන කියන දේවල් වලින් පෙනෙනවා.
වැලේ වැල් නැති දහසය දෙනාගේ කල්ලියේ දේශපාලන තර්ක දැක්කම මොන්ටිසෝරි යන දරුවකුට වුණත් හිනා යනවා. රටට වැඩක් නැති ලෝකයට ණයවෙලා කොමිස් කුට්ටි ගිලලා ගෙනෙන්න හැදුවා එයාර් බස් ගැනිල්ල නැවැත්වීම නිසා රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙනවලු. මෙයාට මතක නැතුව ඇති.. මෙයා ඛනිජ තෙල් ඇමැතිවරයා වෙලා ඉන්න කාලේ රටට බාල පෙට්‍රල් ගෙනාවා! රටට විශාල මූල්‍යමය වශයෙන් අලාභ කළ හෙජින් හොර ගිවිසුම ගැහුවා... ග්‍රීක බැඳුම්කරය හරහා තවත් බිලියන ගණනක් වංචා කළා. එවැනි අපරාධකාරයින් පාරට බැහැලා උද්ඝෝෂණ කරන විට නම් මහජන කැළඹීමක් අපේක්ෂා කළ හැකිවේවි.
ඔබතුමා ජනතාව වෙනුවෙන්ද කතා කරන්නේ? නැත්නම් ඔබතුමාගේ ඡන්ද පදනම වෙනුවෙන්ද?
දෙසැරයක් පැරදිලා, තුන්වෙනි සැරේ ලක්ෂ 39 ක් ඡන්දෙ අරන් ආණ්ඩුව හොල්ලන්න හිතන අයට කියන්න තියෙන්නේ කනගාටුයි කියලා විතරමයි. දේශපාලනය කියන දේ වටෙන් ගොඩෙන් රිංගලා , හොර ඡන්ද දාලා දිනලා , හොරකම් කරලා, අනිත් අයත් හොරු කියලා චෝදනා කර කර රටේ ඉදිරි ගමන අඩාළ කරන එක නෙමෙයි. හොරුන්ට දැන් යන එනමන් නැතුව , රටේ සිදුවෙන ගම්පෙරලිය, එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වගේ ඒවා දැකලා ඉන්න බැරුව දඟලන අයට කඩේ යනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. ඒත් මතක තියාගන්න ඕනේ මේ රටේ ලක්ෂ හැට දෙකක් ජනතාව තවම මැරිලා නැහැ කියන එක. තව අවුරුදු දහයක් යනකොට මේ රට සිංගප්පූරුවක් වෙන එක කාටවත් නවත්තන්න් බැහැ. එක තමයි රටේ ජනතාවගේ සිහිනය.
මේ යක්කුද රට හදන්නේ?
වැට උඩ ඉදන් හිටියා. කාලය ලංවෙනකොට දැන් මේ පැත්තේ. මේ අයට ඡන්දෙ දෙන අය ඉන්නවනේ.
ඉස්සර සුමනදාස කරපු අනාවැකි කියන එක දැන් මෙයාද කරන්නෙ.?
"මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.." ලස්සන සින්දුව
ගෙදර ගියොත් අඹු නසී, මඟ හිටියොත් තෝ නසී කිවගේ එකම දෙයකින් තමා බේරෙන්න පුළුවන්. කට්ටියම එක්කහු වෙලා ඒදේ කරන්න.
ඔය පින්තුරේ ඉන්න සෙට් එකම කිසිම ප්‍රතිපත්තියක් නැති අය. පවරපු කිසිම අමාත්‍යාංශයක්, ආයතනයක් ගොඩ ගත්තු උදවිය නෙවෙයි.
ඔබතුමාට මතක නැද්ද රට විශාල ආර්ථික අර්බුදයකට මුහණ පාල කියා විමල් වීරවංස මහතා කැබිනෙට් රැස්විම් වර්ජනය කරමින් මහා බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් දෙදෙනෙකුත් ආර්ථික ඝාතකයින් ලෙස හංවඩු ගසා ඔවුන්ව වහාම අස්කරන්න කියා උද්ඝෝසණය කරමින් සිටියා. ජනාධිපතිවරණය 2015දි කැද වූ නිසා මේවා යටගියා. විමල් කියපු විදිහට මේ මුල්‍ය අර්බුද මේ වැඩබැරි ආණ්ඩුව බලයට එන්න පෙර ඇතිවූ ඒවා. විමල් කැබිනට් රැස්විම් වර්ජනය කලේ 2014දි.
ආණ්ඩුවෙන් ගිහිල්ල දැන් වැලේ වැල් නැතුව ඉන්න මේ කණ්ඩායම කරන කියන විහිළු...
ඔබ අසාර්ථක ඇමතිවරයෙක් - මහා ඇමති, අධ්‍යාපන, ඛනිජ තෙල්. මොනවද කලේ? හෙජින් ගිවිසුම, ශ්‍රී ලන්කන් ආයතනය විනාශ කරනකම් නින්දේද හිටියේ.
ඉදිරියේදී ජන කැළඹීමක් සංවිධාත්මකව ඇති කරවිය හැකි බව බුද්ධිමත් ජනතාව දන්නවා . ඔය පිල්ලි ගහල සඟවගත්ත සල්ලිවලින් කරන්න යන වැඩේ තමයි රට විනාශ වුවත්, දුෂිතයන් කරන වැඩ .
මොන කැළඹීම් විරෝධතා ඇතිවුණත් ඒ රට ඇතුළෙ විතරයි. ඉන්දියාව ඇතුළු මුළු ලෝකයාම ආණ්ඩුව සමඟයි. බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙයිද? මෙයාල තාම දූපත් මානසිකත්වයෙ ඉන්නෙ. 2015 දිවත් පාඩමක් ඉගෙනගෙන නැති හැටි.
බුරුවො, රජ කරන විට බල්ලෝ උදුබුරයි ! (ගෑනිට රාජකීය මොනර කොලත් අහිමිඋනා කියනවනේ )
ජනබලය පාවිච්චි කරන්න හදන්නේ රටම ගිනි තියන්න. මුන්ගේ පෞද්ගලික වාසි ලබාගන්න උදව් කරන හරකුන් තවත් ඉන්නවනේ. ඉස්සර වගේද දැන්, කොච්චර නිදහස තියෙනවද? සුදු වන සංස්කෘතිය අයෙත් පටන් ගන්න බලන්නේ. අනේ අපේ රටේ හරක් මුන් කියන කතාවලටත් අහුවෙනවනේ . .
වතුර ටිකක් මුනේ උලාගෙන නැගිටින්න මහත්තයෝ. උඩහමුල්ලේ පැත්තේ ඉන්න පිරිසට ඔය වගේ අසනීප කොහොමත් තියෙනවා.