බිඟුන් මේනක ගමගේ
ගුරු හා විදුහල්පති සේවාවන්හි උසස්වීම් සකස් කිරීමේදී මතුව ඇති ගැටලු ඇතුළු කාරණා රැසක් සඳහන් කරමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර ඇත.
ශ්‍රී ලංකා ගුරු සේවයේ හා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාවලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ චක්‍රලේඛ දෙකක් නිසා හිඟ වැටුප් ගෙවීමේදී මාස 30ක හිඟ වැටුප් කප්පාදුවක් සිදුව ඇතැයි ඔවුහු පවසති.
1997 බී.සී.පෙරේරා කොමිෂන් නිර්දේශ මත කළ වැටුප් සංශෝධනයෙන් සිදු වූ වැටුප් විෂමතාව වසර විස්සක් තිස්සේ විසඳී නැතැයි ද එහි සඳහන් වේ.
සාධාරණ කාලයක් තුළ මෙම ගැටලුවලට විසඳුම් නොදෙන්නේ නම්. ගුරු විදුහල්පති සේවා ඒකාබද්ධ ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ යැයිද ලංකා ගුරු සේවා සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න අසරණම රාජ්‍ය සේවකයා....අඩුම වේතනයක් ලබන අසරණ මිනිසුන්