(නිමල් කොඩිතුවක්කු)
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන විරෝධතාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් එක් බස් රථයක් හෝ ලබාගෙන නොමැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
නියමිත පටිපාටිය අනුව මුදල් ගෙවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඕනෑම බස් රථයක් ලබාගැනීමේ හැකියාව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පෞද්ගලික බස් රථ ලබාගැනීමේදී ද අමාත්‍යාංශය කිසිදු වාරණයක් පනවා නොමැති බවත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අවසර මත එම බස් රථ ලබාගත හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න එපා පරන බිල් ගෙවනකන්
ලංගම බස් මුදල් ගෙවා ගත හැක්කේ සාමාන්‍ය සේවාවන්ට බාධා නොවන පරිදිය.
පරණ බිල් ගැන කතා මොනවද, මට මතක තියෙනවා තාම , හිටපු ඇමති කියනවා , සත පහක්වත් ණයට බස් දෙන්නේ නැහැ කියලා, එතකොට එයා කියලා තියෙන්නේ බොරුද.?
අත්තිකාරම් මුදලක් අරගෙන බස් නොදි හිටියා නම් හරි පරණ ණය වලට හිලව් වෙන්න !
හිතේ ඇති නේද සත්‍යපාල එහෙම කරාම උද්ඝෝෂණය නවතියි කියලා ..
ඒගොල්ලොත් විරෝදතා රැලියට එනවානේ ඉතින් කොහොමද බස් එලවන්නේ.