(නිශාන්ත කුමාර)
දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිවූ වයස අවුරුදු එක හමාරක බිළිදෙකු හා ඔහුගේ මව බරපතල තුවාල ලබා අද (04) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල කිවුල ප්‍රදේශයේ මවක් හා බිළිදෙකි.
අසල්වැසි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් විරුද්ධ පාර්ශවයේ අයෙකු බිළදාගේ මවට එල්ල කළ පහරක් වැදීමෙන් දරුවාට තුවාල සිදුව ඇත.
කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd