කග කරුණාරත්න
පෙරියාරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේදී හමුවූ අලි 7 දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු අලි මරණ වලට හේතුව දියේ ගිලී හුස්ම හිරවීම බවට නිගමනය කළහ.
මියගිය අලින් අතර පිරිමි සතුන් තිදෙනකු සහ ගැහැණු සතුන් සිව්දෙනකු සිටි බවත් ඒ අතර තිදෙනකු කුඩා පැටවුන් බවටද හඳුනාගෙන තිබේ.
අලි රංචුව මේ අකරතැබ්බයට මුහුණපාන්නට ඇත්තේ පසුගිය 28 වැනි දා පමණ වන්නට ඇතැයි ද වනජීවී පශු වෛද්‍ය නිලධාරිහු සඳහන් කළහ.
මේ අන්දමට අලින් වැඩිම ගණනක් මෙසේ මඩේ එරී මියගිය සිදුවීමක් පිළිබඳව මෑත කාලයේ වාර්තා වී නැතැයි වනජීවී පශු වෛද්‍ය නිලධාරී සමීර කලිඟු ආරච්චි මහතා අප කළ විමසුමකදී කියාසිටියේය.
මියගිය අලින් 7 දෙනාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන ජයසිංහ සහ ත්‍රීකුණාමලය පොළොන්නරුව කලාප භාර වනජීවී පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමීර කලිඟු ආරච්චි යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේකේ සැකයක් තියෙනවා! අලි කියන්නේ මෝඩ සතුන් කොටසක් නොවේ එකපාර රංචුවක් ම එරිල මැරෙන්න. එහෙනම් ඔහොම ඒවා ගොඩක් වෙන්න එපැයි. වගාවන් බේරා ගන්න කවුරු හරි වහ දුන්න වෙන්න බැරිද?
මේ සත්තුත් අවාසනාවන්තයි රටේ ඉපදෙන්න..