නාලක සංජීව දහනායක සහ ජයන්ත සමරකෝන්
ජනබලය-කොළඹට විරෝධතාවය පැවැත්වීම සඳහා මුදල් ගෙවා වෙන්කර ගෙන තිබූ ක්‍රීඩාංගන පහක් කොළඹ මහනගර සභාව විසින් අද උදෑසන හදිසියේම අවලංගු කර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවසීය.
මෙම විරෝධතාවය පැවැත්වීම සඳහා වෙන්කරගෙන තිබූ ගාලූමුවදොර පිටිය, කිරුළපන ලලිත්ඇතුලත්මුදලි ක්‍රීඩාංගනය, විහාරමහාදේවි එළිමහන් රංග පීඨය, හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය හා ප්රයිස්පාර්ක් ක්‍රීඩාංගනය පහ මෙලෙස අවලංගු කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී අජන්ත ලියනගේ මහතා විසින් පසුගිය මාසයේදී මෙම ක්‍රීඩාංගන වෙන්කරගෙන තිබූ බව සඳහන් කළ ගුණවර්ධන මහතා කොළඹ මහනගර සභාවේ නගරධිපතිනිය හා නාගරික කොමසාරිස්වරියගේ මෙම ක්රියාකලපාය හෙළා දකින බවද කීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අප කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මුදල් ගෙවා වෙන්කළ කිසිම ක්‍රීඩාංගණයක් අවලංගු නොකළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ ගොල්ලන්ගේ තවත් උප්පර වැට්ටියක්. වෙන්කරගත් ස්ථාන අවලංගු කළා බොරු ප්‍රචාරයක් ගෙනගොස් කියලා විශාල සෙනඟක් කොළඹ නගරය පුරා පාරවල් දිගේ කළහ කාරී ලෙස හසුරුවමින් ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇතිකර ගැනීම තමා මේගොල්ලන්ගේ බලාපොරොත්තුව. අරලියගහ මන්දිරය සහ ජනාධිපති නිල නිවාස වැටලිමටත් එතැන්වල කල කෝලාහල කිරීමටත් යන බවයි වාර්තා වෙන්නේ. මේවගේ දේවලට ඉඩදීම කිසිසේත්ම අනුමත කළහැකි දේවල් නොවේ. මේ තත්වය කොළඹින් පටන්ගෙන අනෙකුත් සියලුම නඟර වලටද පැතිරියාමට හොඳටම ඉඩ ඇති නිසා මෙය පටන් ගත් තැනින්ම ලොප් කලයුතුවෙයි. මෙහිදී ආරක්ෂක අංශ කල්පනාකාරීව කටයුතු කලයුතු වෙයි. රට අස්ථාවර කිරීම සඳහා මේ කණ්ඩායම ගන්නා උත්සාහය සියලු දෙනාම හෙලා දැකිය යුතුය.
සිරිමල් මහත්තයෝ, ඔබතුමාට අනුව දැන් අපේ රට කිරියෙන් පැණියෙන් ඉතිරෙන ශක්තිමත් ආර්ථිකයක් තියෙන, රුපියල දිනෙන් දින ඉහල යන පුදුමාකාර විදියට ස්ථාවර රටක්නේ නේද? ඔය පාට කන්නාඩිය ගලවල වටපිටාව බැලුවොත් නරකද?
එක ඒකාධිපතියෙක් එල්ලෙව්වා කියලා පාරම්බාද්දී ඒකාධිපතියෝ දහයක් රටේ බිහිවෙලා. ජනතාවගේ මුලික ප්‍රශ්න වලට විසදුම් සෙවීම පවා ඇල්මැරුණු මන්දගාමී ස්වභාවයෙන් කරන මේ යහපාලනය විසින් ඔවුන්ගේ ආණ්ඩුවට බල කරන විරෝධතාවයන් කඩාකප්පල් කිරීමට දක්වන්නේ යෝධ වීරියකි. වසර තුනක් ඇතුලත රට ආපස්සට හැරවූ එකම පිරිස වන්නේද මේ අයය. ඔවුන් මෙතෙක් කලක් කලේ පම්පෝරි, පුරසාරම් සහ රටේ සම්පත් විකුණා කමින් සිටීමම පමණි. එහෙයින් ඔවුන්ට තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ජනතාවට පුර්ණ අයිතියක් ඇත.
නගරාධිපනිය හා නාගරික කොමසාරිස් කල්පනා කරන්න ඇති කොළඹ නගරය අවලස්සන කරන්න හොද නැහැ කියලා.